Math Unu Susuman Song Lyrics - මත්වුනු සුසුමන් ගීතයේ පද පෙළ

Math Unu Susuman Song Lyrics - මත්වුනු සුසුමන් ගීතයේ පද පෙළ
Song Title : Math Unu Susuman (මත්වුනු සුසුමන්)
Singing : Zany Inzane ft. Shane
Music Produced by Vinodh Jema, Swish
Engineered by Vinodh Jema
Vision by Deelaka Viyath


මත්වුනු සුසුමන්
පාසා මැකී අදීය රා පැන්
අත් හැරීම පුරුද්දක් කරන්
පාවෙලා නිවීගියා තරු

මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේ
තනිකමක් නිසංසලේ අවවාදේ
වස දාපු පාට දෙකයි ඇස්
රතු වෙල ඉබාගාතේ
හපයි ගැස්ම දේ

මන් ඉන්නෙ වෙනස් වෙලා
ඒ කාලෙ ආස දේවල් අද එපා වෙලා
ඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ
ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලා

මගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං
ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්
සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්

හැමෝම නලුවො තමයි මරනෙ දක්වා
දුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මා
සීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා
වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පා

හිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාව
ගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාව
දැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා ද
මේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක

මත්වුනු සුසුමන්
පාසා මැකී අදීය රා පැන්
අත් හැරීම පුරුද්දක් කරන්
පාවෙලා නිවීගියා තරු

මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේ
තනිකමක් නිසංසලේ අවවාදේ
වස දාපු පාට දෙකයි ඇස්
රතු වෙල ඉබාගාතේ
හපයි ගැස්ම දේ

අතයට ඉන්නකං හැමෝම ආදරෙයි
සීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයි
හිනාවෙන හැටි දැනගෙනයි යලුවෙක්
රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙ

සමානයි ජීවිතේ අවදානම් ක්‍රීඩාවක්
අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්
උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්
හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්

අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාව
මිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාම
ඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාම
සතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාම

නිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසි
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්
අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්

මත්වුනු සුසුමන්
පාසා මැකී අදීය රා පැන්
අත් හැරීම පුරුද්දක් කරන්
පාවෙලා නිවීගියා තරු

මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේ
තනිකමක් නිසංසලේ අවවාදේ
වස දාපු පාට දෙකයි ඇස්
රතු වෙල ඉබාගාතේ
හපයි ගැස්ම දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Math Unu Susuman Song Lyrics - මත්වුනු සුසුමන් ගීතයේ පද පෙළ Math Unu Susuman Song Lyrics - මත්වුනු සුසුමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2023 Rating: 5

0 comments:

Post a Comment