Daksha Wilasin Salasum Karagena Song Lyrics - දක්ෂ විලසින් සැලසුම් කරගෙන ගීතයේ පද පෙළ

Daksha Wilasin Salasum Karagena Song Lyrics - දක්ෂ විලසින් සැලසුම් කරගෙන ගීතයේ පද පෙළ
Song Title : Daksha Wilasin Salasum Karagena (දක්ෂ විලසින් සැලසුම් කරගෙන)
Singing : Anton Jones (ඇන්ටන් ජෝන්ස් මහත්මා)


දක්ෂ විලසින් සැලසුම් කරගෙන 
කල දේ නමුත් වරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන
ජීවිතයක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය

දක්ෂ කමට සැම
එදා කෙරුවෙ මෝඩ කම
ලක්ෂ හතරෙ හොරකම
ගැන කියදවා අද මම
කෑ මොර ගහගෙන
සිරිලකේ පැතිරුන
මේ හොරකම ගැන
කවුරුත් දනී අද දින
ස්පෙක්ටර් වෙස් ගෙන
යුනිෆෝම් එකක් ඇදගෙන
කෝස් එකට ඒ දින
ගියාළු රථය පැදගෙන

දක්ෂ විලසින් සැලසුම් කරගෙන 
කල දේ නමුත් වරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන
ජීවිතයක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය

රථය පැදෙව්වේ
කුරුදු වත්ත දිසාවේ
පාලු පාරක් සෙව්වේ
මහතගෙ කරුමෙට ආවේ
පුත්තලම දිසාවේ
අලිකොටි වසන කැලෑවේ
ජොන් සිල්වා ගෙනාවේ
ගහකට තියාලා වෙළුවෙ
ජෝන් සිල්වා කැලෑවේ
තනි වෙලා මොනවද කිව්වේ
මේකටද යාළුවේ
උඹලා මාව ගෙනාවේ

දක්ෂ විලසින් සැලසුම් කරගෙන 
කල දේ නමුත් වරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන
ජීවිතයක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය

දරුවො ඇති පියා අහින්සක ජෝන් අයියා
දෙවියන්ට කිය කියා කැලෑවෙ පණ ගියා
ජෝන් සිල්වට කලදේ
ගිණි ඇවිලෙයි හෘදේ
මේ කල අපරාදේ
පර ලෝකෙදි පලදේ
ජෝන් සිල්වා මරාලා
පවුලක් වනසාලා
මිණි මරුට සැම කලා
ඉන්නට හැකිද බේරිලා

දක්ෂ විලසින් සැලසුම් කරගෙන 
කල දේ නමුත් වරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන
ජීවිතයක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daksha Wilasin Salasum Karagena Song Lyrics - දක්ෂ විලසින් සැලසුම් කරගෙන ගීතයේ පද පෙළ Daksha Wilasin Salasum Karagena Song Lyrics - දක්ෂ විලසින් සැලසුම් කරගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2023 Rating: 5

0 comments:

Post a Comment