Nuwara Udaratin Song Lyrics - නුවර උඩරටින් ගීතයේ පද පෙළ

Nuwara Udaratin Song Lyrics - නුවර උඩරටින් ගීතයේ පද පෙළ
Song Title : Nuwara Udaratin (නුවර උඩරටින්)
ගායනය : චන්දන ලියනාරච්චි


නුවර උඩරටින් පත්තිනි වරම් ගෙන සොඳින්
ඉඳුවර මල් නෙළා දුන්නේ කවුද දෙව්ලොවින්
මනාප වෙන තුන්හිත නිහැඬියාව බිඳිමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්

කදාවළලු සහ විසිතුරු පබළු පොට ඇගේ
ලතාවකට ඉඟි දෙන සුදු වතට හරි අගෙයි
සරාගිකව ඉගිලෙන රන් ගිරවියේ සෙනේ
ලියා එන්න පෙම් කවි සියුමැලිදි සිත් මලේ

නුවර උඩරටින් පත්තිනි වරම් ගෙන සොඳින්
ඉඳුවර මල් නෙළා දුන්නේ කවුද දෙව්ලොවින්
මනාප වෙන තුන්හිත නිහැඬියාව බිඳිමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්

තරු මුතුවැල් දිලිහෙන රෑ සිහිනයක් වෙමින්
හිරිපොද වැහි මගෙ තුරුලට ගෙවදුනා පෙමින්
හඳපානට අත වැනුවට තරහ නෑ අරන්
මන්දාකිණි දන්නෑ නුඹ මගෙයි රත්තරන්

නුවර උඩරටින් පත්තිනි වරම් ගෙන සොඳින්
ඉඳුවර මල් නෙළා දුන්නේ කවුද දෙව්ලොවින්
මනාප වෙන තුන්හිත නිහැඬියාව බිඳිමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්
සිනා සලයි තොල්පෙති කැකුලියගෙ යම්තමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nuwara Udaratin Song Lyrics - නුවර උඩරටින් ගීතයේ පද පෙළ Nuwara Udaratin Song Lyrics - නුවර උඩරටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2023 Rating: 5

0 comments:

Post a Comment