Pawanata Salena Song Lyrics - පවනට සැලෙනා ගීතයේ පද පෙළ

Pawanata Salena Song Lyrics - පවනට සැලෙනා ගීතයේ පද පෙළ
Song Title : Pawanata Salena (පවනට සැලෙනා)
ගායනය : ටී.එම්. ජයරත්න
පද රචනය : ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ඇල්බමය : සොඳුරු අතීතයෙ


පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ

මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආල වඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ

පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawanata Salena Song Lyrics - පවනට සැලෙනා ගීතයේ පද පෙළ Pawanata Salena Song Lyrics - පවනට සැලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2023 Rating: 5

0 comments:

Post a Comment