Chanchala Hangumaka Song Lyrics - චංචල හැඟුමක ගීතයේ පද පෙළ

Chanchala Hangumaka Song Lyrics - චංචල හැඟුමක ගීතයේ පද පෙළ
Song Title : Chanchala Hangumaka (චංචල හැඟුමක)
Singing : Sanka Dineth

Dial Now... " Chanchala Hangumaka " song as your RingIn Tone..
☎Dialog - 87528284
☎Mobitel - 74774396
☎Hutch - 369404946
☎Airtel - 8880114215


චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුළැල් දෙනවාමයි හඳපානේ
පායා දිය වී යන දේදුන්නේ
දිය වී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ

පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාලුව නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chanchala Hangumaka Song Lyrics - චංචල හැඟුමක ගීතයේ පද පෙළ Chanchala Hangumaka Song Lyrics - චංචල හැඟුමක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2023 Rating: 5

0 comments:

Post a Comment