Kambi Thappeta Song Lyrics | කම්බි තාප්පෙට ගීතයේ පද පෙළ

Kambi Thappeta Song Lyrics | කම්බි තාප්පෙට ගීතයේ පද පෙළ
Song Title : Kambi Thappeta (කම්බි තාප්පෙට)
ARTIST : Chamara Ranawaka


කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ

මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

පරණ චීත්තෙට ඔලුව තියාගෙන
පං පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දනී

අම්මට තනියම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනි
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති

කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ

මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

වාට්ටුවේ අය එකා වගේමයි
පසුතැවි තැවි තනියම අඩලා
රජ සිටු මැතිවරු ලෝකේ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා

තනිපංගලමේ මහ රෑ යාමේ
උබ අඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔලුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා

කම්බි තාප්පෙට හිර කර ගෙන මා
අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං උඹවත්
හුළග දිගේ ඇවිදින් අම්මේ

මළහිරු බැස යන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ
වදින්නේ මහ රෑටයි අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kambi Thappeta Song Lyrics | කම්බි තාප්පෙට ගීතයේ පද පෙළ Kambi Thappeta Song Lyrics | කම්බි තාප්පෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment