මළ හිරු බැසයන යාමේ ඇරබෙන යක්ශයාගේ හෝරාව (Mala Hiru)

මළ හිරු බැසයන යාමේ ඇරබෙන යක්ශයාගේ හෝරාව (Mala Hiru) - Your Choice Way
අද මෙන් නොව දැනට අවුරුදු පනහකට හැටකට පෙර බොහෝ ප්‍රදේශය ජන ශුන්‍ය වී පැවතුනි. විශේෂයෙන්ම ඒ කාලයේ මිනී කනතු පැවතියේ ඉතාමත්ම පාලු තැන්වලයි.

මළ හිරු බැසයන සවස් යාමයෙන් ඇරබෙන යක්ශයාගේ හෝරාව නරින්ගේ හූ හඩත් බල්ලන්ගේ උඩුබුරන අදෝනාවත් සමග අලුත වලදැමූ මිනිවලක පත්තුවෙන පන්දමකින් විහිදෙන ආලෝකයත් කනත්ත පුරාවට ගුප්ත සිදුවීම් රැසක ආරම්භය සනිටුහන් උනා..

එවකට කුඩා පාසැල් දරුවෙකු වූ අපේ කතා නායකයාගේ නිවස අසල පිහිටා තිබූ කනත්තේ නිතර කාලය ගතකල ඔහු එදා සිදුවූ බොහෝ දේ අදටද ආවර්ජනය කරන්නේ තරමක කැලබිලි ස්වාභාවයෙන්..

පාසැල ඇරී ගෙදර පැමිනෙන ඔහු හා ඔහුගේ සොහොයුරා සමග වැඩිමහල් සොහොයුරියන් දෙදෙනාගේද පාසැල් ගෙදර වැඩ කිරීමේ ස්ථානය වූයේ කනත්තේ පිහිටි මිනී පෙට්ටි තබනා කුඩා ගොඩනැගිල්ලයි..

දිනක් හවස තුනට පමන එසේ පාඩම් කිරීම සදහා එම ස්ථානයට ගිය ඔහු ටික වෙලාවකින් දුටුවේ ගනන් කරගත නොහැකි විශාල මී ගොනුන් සංඛ්‍යාවක් සමග එම සතුන් බලා ගන්නා ගොපල්ලෙකු යැයි සිතියහැකි අඩි දහයක් පමන උස් වූ , බඩ දක්වා රැවුල වවාගත් මහලු පුද්ගලයෙකු කනත්ත පහල වෙල් යාය කෙලවර සිට ඔහු සිටි දිශාව දෙසට වේගයෙන් පැමිනෙන ආකාරයයි. ජීවිතයේ ප්‍රථම වරට එතරම් මී ගොනුන් විශාල සංඛ්‍යාවක් දුටු ඔහු ඇස් අදහාගත නොහැකිව ගල් ගැසී බලා සිටියේ ඊලග මොහොතේ කුමක් සිදුවේද යන්නයි..

ක්‍රම ක්‍රමයෙන් ඔහු අසලටම පැමිනි ඔවුන් ඒ ආ වේගයෙන්ම ඔහු සිටි ගොඩනැගිල්ලේ වහලය උඩින් අනෙක් පසට පැන නොපෙනී යන අයුරු මේ දරුවාට ඇතිකලේ විශාල ප්‍රශ්නාර්ථයකි. එනම් හරකුන් හා මිනිසෙකු කෙසේ එතරම් උසකින් පනින්නේ කෙසේදැයි ඔහු කල්පනා කලේය.

වහා නිවසට ඔහු මේ පිළිබඳව තම මවට පැවසූ විට ඇය පවසා ඇත්තේ සමහර හරකුන්ට එසේ පැනිය හැකි බවයි.. නමුත් ඇය එදා එසේ පැවසුවේ ඇයිදැයි ඔහු තේරුම් ගත්තේ බොහෝ කාලයකට පසුවයි. අවස්තානුකූලව දරුවාගේ සිත මව විසින් කලබලයට පත් නොකිරීම නිසා තොවිලයක් කිරීමේ අවශ්‍යතාවක් එදා ඇති නොවීය..

මෙහෙදී තවත් වැදගත්ම කාරනාව නම් මේ සිදුවීම වී ඇත්තේ හවස තුනට පමනය.නමුත් අප සියලු දෙනා දන්නා පරිදී හොල්මන් දර්ශනය වන්නේ අදුරු වැටුනු සවස් කාලයේ හෝ රාත්‍රියේ වීමයි.

එසේම තවත් දිනෙක මැදියම් රාත්‍රිය පසුවී මුත්‍රා කිරීම සදහා වැසිකිලියට ‍යාමට පැමිණි ඔහු දුටුවේ එදින සවස පිස්සු බල්ලෙකු සපා කා මියගිය පුද්ගලයෙකු මිහිදන් කල මිනී වල අසල පොර කමින් සිටිනා කලු බල්ලන් රංචුවකි. කටපුරා ලේ වෑස්සෙමෙන් ඉතා භයංකාර ශබ්දයෙන් කෑ ගසමින් මොවුන් ඒ මළ මිනිය ආහාරයට ගන්නා බව මොහුට වැටහිනි...

වහා ගෙදරට දිවගිය ඔහු තම පියාට පැවසුවේ බල්ලන් රංචුවක් පැමින කලින්දා වලදැමූ මිනිය කා දමන බවයි..එහෙත් තම පියාද සමග නැවත පැමිනි ඔහු දුටුවේ කිසිත් සිදු නොවූ ඒ මිනී වලයි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මළ හිරු බැසයන යාමේ ඇරබෙන යක්ශයාගේ හෝරාව (Mala Hiru) මළ හිරු බැසයන යාමේ ඇරබෙන යක්ශයාගේ හෝරාව (Mala Hiru) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2023 Rating: 5

0 comments:

Post a Comment