ඩෝනට් හදමු 🍩🍩 (Donut)

ඩෝනට් හදමු 🍩🍩 (Donut) - Your Choice Way

ලොකු, කුඩා කවුරුත් කන්න ආස කරන ඩෝනට් 🍩🍩🍩  ටිකක් තමයි අද මං ඔයාලට අරන් ආවෙ 😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • * පාන්පිටි  300g 
  • * යීස්ට් තේ හැඳි  1 1/2ක්
  • * සීනි මේස හැඳි 4ක්
  • * බටර් මේස හැඳි 3ක්
  • * ලුනු තේ හැඳි  1/4ක්
  • * ලොකු බිත්තර 1ක්
  • * මද උනුසුම් කිරි කෝප්ප 1/2ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍄 භාජනයක් ගෙන පිටි,සීනි,ලුනු, යීස්ට් දමා හොඳින් මිශ්‍ර කරන්න.
  2. 🍄 ගසාගත් බිත්තරය සහ බටර් එකතු කරන්න.
  3. 🍄 දැන් හොඳින් මිශ්‍ර කරන්න.
  4. 🍄 මිශ්‍රණය මැදට මද උනුසුම් කිරි ටික ටික එකතු කරමින් පිටි මෝලිය අනා ගන්න.
  5. 🍄 දැන් පැතලි මතුපිටක පිටි ටිකක් ඉස විනාඩි 10ක් පමණ පිටි මෝලිය අනා ගන්න.(මෝලිය අත බුරුලින් අනා ගන්න)
  6. 🍄 මෙය හොඳින් ඇදෙන සුලු මෝලියක් විය යුතුයි.
  7. 🍄 හොඳින් අනා ගත් පසු පිටි මෝලිය රවුමට සකසා තෙල් ආලේප කල බඳුනක තබා පිටි මෝලියේ මතුපිට ද තෙල් ආලේප කරන්න.
  8. 🍄 තෙත කිචන් ටවල් එකකින් හෝ ඉටි කොලයකින් හොඳින් ආවරණය කර පැයක් , 1 1/2ක්  පමණ පිපෙන්න තබන්න.(පිටි මෝලිය දෙගුණයක් වනතුරු )
  9. 🍄 ඉන්පසු පිටි මෝලිය පිටි අල්ලෙන් තෙරපමින් වාතය ඉවත් කරන්න.
  10. 🍄 දැන් පිටි ඉසගත් ලෑල්ලක දමා රෝලින් පින් එකක් ආදාරයෙන් අඟල් 1/2 ක් පමණ ඝනකම සිටිනසේ තුනී කරන්න.
  11. 🍄 ඩෝනට් කටර් එකකින් හෝ වීදුරුවකින් රවුම් කපා ගන්න. 
  12. 🍄 බෝතල් මූඩියකින් හෝ නොස්ල් එකකින් එම කැපු රවුම් වල මැදින් රවුමක් කපා ඉවත් කර ගන්න.
  13. 🍄 බේකින් පේපර් එකක් දැමූ තැටියක කපාගත්  ඩෝනට් ටිකක් දුරස් කර තබා ගන්න.
  14. 🍄 නැවත තෙත කිචන් ටවල් එකෙන් වසා දෙගුණයක් වනතුරු විනාඩි 20ක් පමණ තබන්න.
  15. 🍄 දෙගුණයක් වූ පසු මද ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  16. ♥️ තෙල් කෑමට අකමැති අයට 180c න් pre heat කල අවන් එකක විනාඩි 8ක් 10ක් පමණ බේක් කර ගන්න පුලුවන්.* මම මේ ඩෝනට් බේක් කරලා හදපුවා.ඒත් බදින ඩෝනට් රසයෙන් වැඩියි.
  17. 🍄 🍩 නිවුනු පසු ග්ලේස් එකක් දමා ස්ප්‍රින්කල්ස් වලින් සරසා කෑමට ගන්න.
  18. 🍄 ග්ලේස් එක සඳහා අයිසින් සීනි සහ කිරි ටිකක් පාවිච්චි කරන්න. චොක්ලට් පවුඩර් එකතු කර චොක්ලට් රසට ග්ලේස් එක හදා ගන්නත් පුළුවන් .ඔයාලගෙ රස අනුව චොක්ලට් පවුඩර් සහ අයිසින් එකතු කර කිරි ටිකක් එකතු කරමින් තරමක් ඝන ද්‍රාවනයක් සකසා ගෙන ඩෝනට් මත තවරා ගන්න . 
සැකසුම :   © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ඩෝනට් හදමු 🍩🍩 (Donut) - Your Choice Way

ඩෝනට් හදමු 🍩🍩 (Donut) - Your Choice Way

ඩෝනට් හදමු 🍩🍩 (Donut) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඩෝනට් හදමු 🍩🍩 (Donut) ඩෝනට් හදමු 🍩🍩 (Donut) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2023 Rating: 5

0 comments:

Post a Comment