සාගරයේ යක්ශයා හෙවත් මෝරා (Shark)

සාගරයේ යක්ශයා හෙවත් මෝරා (Shark) - Your Choice Way

අවුරුදූ මිලියන 400 ක් පමණ අතීතයක් ඇති සත්වයෙක් ලෙස මෝරා හැදින්විය හැකිය.මිහිමත සිටි ඩයෝනසර් සත්වයන් සිටින සමයේ සිට මෙම මත්ස්‍යයන් සිටින බව පිලිගැනේ.එමෙන්ම සාගරයේ වෙසෙන විශාලම සත්ව කොට්ඨාශයක් හා ඉතාමත් දරුණු මත්ස්‍ය විශේෂය ලෙස ද මෝරා හැදින්වීමට පුලුවන.අවුරැදු 20-25 ත් අතර ආයුකාලයක් ජීවවෙන අතර ඩෝග් ෆිෂ් ෂාක් නමින්හැදින්වෙන මෝරා අව්රැදු 100 ක් පමණ කාලයක් ජීවත් වේ.මොවුන්ගේ ආහාරයන් ලෙස සැලකෙන්නේ ප්ලැන්ක්ටන්(ජලයෙහි පාවෙන ශාක හා සත්ව විශේෂ)කුණු වු මස් සීල් මත්සයින හා ජලයේ වෙසෙන ක්ෂීරපායීමත්සයින් මොවුන්ගේ ප්‍රධාන ආහාරය ලෙස හැදින්විය හැකිය.

මෝරා‍ගේ ශරීරය කාටිලේජවලින‍් සෑදී ඇති බැවින් කටු දක්නට නොලැබේ.මොවුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සදහා දික් සිදුරැ පහත් හතත් අතර කරමල් දැකිය හැකිවේ.එමෙන්ම ඔවුන්ගේ දත් ද ඉතාමත් තියුණු වේ.මොවුන්ගේ වරල් ඉතාමත් ඉහළ වටිනාකමක් දරයි.

වසරකට මෝරුන් මිලියන 26 ත් 73 ත් අතර ප්‍රමාණයක් මිනිසුන් විසින් මරා දමනු ලබන අතර මෝරුන් අතින් වසරක මිනිසුන්පස්දෙනෙක් පමණ මරණයට පත්වේ.

මෝරුන් විශේෂ 350 ක් පමණ සාගරයේ වෙසෙන බව සොයාගෙන ඇත.මෙයින් දිගින් සෙන්ටිමීටර 22ක් පමණ (අගල් 9 ක් පමණ) වන කුඩා මෝරාගේ සිට මීටර් 12ක් පමණ (අඩි 41ක් පමණ) දිගින් විශාල,මේ සාගරය තුළ ඇති බව සොයාගෙන ඇත.සාගරයේ වෙසෙන ඉතාමත් ශක්තිමත් දත් ඇති මොවුන් ඉතාමත් වේගවත්ව පිහිනිය හැකි මත්සය්‍ය විශේෂයක් වන, මෝරුන් ඔවුන්ගේ ගොදුරැ වෙත එන ගමන නතර කිරීමට නොහැකි අතර එසේ නතර කිරීම වෙනුවට ඔවුන් ගොදුරු මගහැර යාම පමණක් සිදුකරයි.

මෝරුන් වර්ග....

අද ලෝකයේ මෝරුන් වර්ග රාශියක් දැකිය හැකිය
  • ග්රේ ස්මූත්හොන්ඩ්
  • කවිඳු ෂාක්
  • ලෙපර්ඩ් ෂාක්
  • හෝන් ෂාක්
  • ස්වේල් ෂාක්
  • එන්ජල් ෂාක්
  • බ්ලු ෂාක්
  • මාකෝ ෂාක්
  • ට්රේෂර් ෂාක්
  • හැමර්හෙඩ් ෂාක්
ග්රේට් වයිට් ෂාක් එසේ ලෝකයේ ඇති මෝරුන් වර්ග කිහිපයකි...

මොවුන්ට ඉතාමත් තියුණු ඉවක් ඇත.සැතපුම් කාලක් පමණ දුර ඇති ලේ වල ඉව ඔවුන්ට ඉතාමත්හොදින් දැනේ.හොදින් වැඩුණු මෝරෙකුගේ මුඛයේ දත් 24000 ක් පමණ දක්නට ලැබේ.මෙම මත්ස්‍යයින්ට වර්ණ නොපෙනේ.මොවුන්ගේ ශරීරය සෑදී ඇත්තේ,කාටිලේජ වලිනි.මොවුන්ගේසම ඉතාමත් ඝණවන අතර සමහර මෝරුන්ට පීනන විටදී හුස්ම ගැනීමට අපහසුය.කෙටි දුර පිහිනීමේදී මෝරෙකුට පැයකට සැතපුම් 50 ක පමණ වේගයකින් පිහිනීමට හැකියාව ඇත.

මෝරුන් සමග සහජීවනයෙන් ජීවත්වන මත්ස්‍යය විශේෂ දෙකක් සොයාගෙන ඇත.ඔවුන් නම් පයිලට් හා රෙමෝරා ලෙස හදුන්වයි.රෙමෝරා මත්ස්‍යයන් මෝරුන්ගේ සමේ වෙසෙන පරපෝෂිතයන් ආහාරයට ගන්නා නිසා මොවුන් නිසා ද මෝරුන් ස්වභාවිකව ආරක්ෂා වේ.

මෝරා ඉතාමත් සෞඛ්‍යසම්පන්න සතෙකි.මෝරාගේ ශරීරය විෂබීජවලින් තොරය.මොවුන්ට තුවාලයක් වුවද ඉතාමත් ඉක්මනින් සුවඅතට හැරේ.මොවුන්ගේ ශරීරයට විෂබීජ හා රෝග ඉතාමත් ඉක්මනින් මර්දනයකර ගැනීමට හැකියාව ඇත.අද බොහෝසෙයින් අසන්නට ලැබෙන රෝගයක් වන පිළිකාව,මෝරාට නොවැලදෙන රෝගයකි.පිළිකාවලට ඔරොත්තුදීමේ හොඳ සෞඛ්‍යසම්පන්න බවක් මෝරා සතුව ඇත.මෝරුන්ගේ අස්ථි පන්ජරයෙන් ගනුලබන රසායනික ර්‍ද්‍රව්‍යයකින් පිලිස්සුණු රෝගීන්ට ස්ථිර ප්‍රථිකාර වශයෙන් කෘතීම සමක් සාදාගැනීමට හැකිබව සොයාගෙන ඇත.තවද මසට හා මෝරුන්ගේ වරල් සඳහා ද මොවුන් මරනු ලබයි.මෝරා‍ගේ පරම සතුරා මිනිසා වේ

සිල්කි මෝරා......

සිල්කි මෝරා යනු කාකරයිනිඩයි පවුලට (Carcharhinus falciformis) අයත් ක්ෂීරපායී මෝරුන් විශේෂයකි.සමෙහි ස්වභාවය අනුව ඔවුන් මේ ලෙස නම් කර ඇත.නිවර්තන කලාපීය සාගර වල නොගැඹුරු මුහුදේ මෙම මෝරුන් විශේෂය සුලබ වශයෙන් දක්නට ඇත.ඉතා චංචල ස්වභාවයක් ඇති මෙම මෝරා මහද්වීපික තටකයට මීටර් 50ක් (අඩි 164ක්) පමණ ගැඹුරු මුහුදේ දී දැක ගත හැකිය. අනාකූල සිහින් සිරුරකට හිමිකම් කියන මෙම මත්ස්‍යයා සාමාන්‍යයෙන් මීටර් 2.5ක් (අඩි 8යි අඟල් 2යි ) පමණ වර්ධනය වේ.සිරුර පසුපස ඇති වක්‍රාකාර දාරයක් සහිත කුඩා පෘෂ්ඨීය වරල නිසා මොවුන් අනෙක්කුත් මෝරන් අතරින් විශේෂ කොට හදුනා ගත හැක. එමෙන්ම නිදහස් ලෙස විහිදී ගිය දෑකැත්තක හැඩැති ලය වරල් යුගලයක්ද මෙම මත්සයාට ඇත.ඒවා මතුපිට ලෝකඩමය අළු පැහැයක් ඇති අතර යට ප්‍රදේශය සුදු පැහැයක් ගනී.

මොවුන් වෙසෙන සාගරික කලාපයේ ගොදුරු හිඟ වූ විට මොවුන් ඉතා වේගවත් මුරණ්ඩු ස්වභාවයකින් යුතු දඩයක්කාරයකු ලෙස හැසිරේ.මෙම මෝරු විශේෂය ප්‍රධාන වශයෙන් කටු සහිත මසුන් සහ සෙෆලපොඩ් නැමැති මසුන් විශේෂය ආහාරය ලෙස ලබා ගනී.තම මුඛය පුළුල් ලෙස විවෘත කරමින් කුඩා මසුන් රෑනක් එකවර හඹා ගොස් දරුණු ප්‍රහාරයක් එල්ල කිරිම සිදු කරයි.එමෙන්ම මොවුන් බලයා,කෙළවල්ලා වැනි මසුන්ගේ ඉව ඔස්සේ හඹා ගොස් ගොදුරු කර ගැනීමටද කැමත්තක් දක්වයි.ශ්‍රවණ සන්වේදනය ඉතාම තියුණු වන මෙම සත්වයාට තමන් ගොදුරු කර ගන්නා කුඩා වර්ගයේ මාළුන් විසින් ඇති කරන අඩු සංඛ්‍යාත හඩවල් ඔස්සේ යමින් ආහාර ප්‍රභව සොයා ගැනීම ඉතා පහසුවෙන් සිදු කරයි.

සිල්කි මෝරා ජලාබුජ සත්වයෙකි.එනම් කළලය පෝෂණය වන්නේ කළල බන්ධනය මගින් මවට සම්බන්ධ වීමෙනි.මෙය ඔවුන්ගේ ජීවිත කාලයේ එක් විශේෂ අවස්ථාවකි.මෙම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය ඍතු චක්‍රය අනුව සිදු වේ. මෙක්සිකෝවේ ගල්ෆ් කලාපයේ වෙසෙන ගැහැණු සතුන් හැර අනෙකුත් සාගර කලාප වල ජීවත් වන ගැහැණු සත්ත්වයා ප්‍රජනනයේදී වාර්ෂිකව හෝ ද්විවාර්ෂිකව පැටවුන් 16 දක්වා පමණ බිහි කරයි.අලුතින් බිහි වන පැටවුන් ගැඹුරු මුහුදෙහි ජීවත් වීමට තරම් වැඩෙන තෙක් මුල් මාස කිහිපය ගොඩබිමට ඈතින් ඇති ගල්පර ආශ්‍රිතව ගැවසෙමින් ජීවත් වේ.

සමහර අවස්ථා වලදී කිමිදුම් කරුවන්ටද ආක්‍රමණශීලී ප්‍රහාර එල්ල කරන මෙම මත්සයා සතු විශාල කැපෙන සුළු දත් නිසා ඔවුන්ට තවත් භයානක පෙනුමක් ලැබී ඇත.කෙසේ වුවද මිනිසුන් ඔවුන්ගේ වාසස්ථාන වලට ඇතුල් වූ අවස්ථා කිහිපයකදී හැර අනෙකුත් අවස්ථා වල එල්ල කරන ලද ප්‍රහාර දුර්ලභ වේ. සිල්කි මෝරාගේ වරල් ඉතා වටිනාකමින් වැඩි අතර සම,මෝර තෙල්,හකු හා මස්ද ලබා ගනී.මොවුන් ඉතා සුලභ බැවින් බොහෝ රටවල් වල මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රධාන සංරචකයක් ලෙස වැඩි වාණිජ වටිනාකමක් හිමි කර ගනී.තවද සිල්කි මෝරා බලයා,කෙලවළ්ලා වැනි මාළු විශේෂ සමඟ නිරන්තරයෙන් ගැවසෙන නිසා බලයන් කෙලවළ්ලන් ඇල්ලීම සිදු කරන බොහෝ අවස්ථා වල අහඹු ලෙස මෝරුන්ද දැල් වලට හසු වීම සිදු වේ.අනෙකුත් මෝරුන්ගේ මෙන්ම ප්‍රජනන ක්‍රියාවලිය සෙමෙන් සිදු වුවද සිල්කි මෝරා බොහෝ ප්‍රදේශයක පැතිරී ගිය සාමාන්‍ය ගහණයකින් යුතු මෝරුන් විශේෂයකි.නමුත් පසුගිය කාල වකවානුව තුල මත්ස්‍ය කර්මාන්තය හේතුවෙන් ඔවුන්ගේ ගහණය අඩු වී යන බවට ගණන් බලා ඇත. 2007 වසරේදී International Union for Conservation of Nature (IUCN) මගින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙම මෝරුන්ගේ සංරක්ෂණ තත්වය අවම වැදගත් සිට තර්ජනයට ලක්වීමට ආසන්න ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වර්ගීකරණය.....

සිල්කි මෝරා පිළිබද මුලර් හා හෙන්ලේගේ නිදර්ශනය
සිල්කි මෝරා කාකරියස් ෆැල්සිෆෝමිස් ( Carcharias (Prionodon) falciformis ) කාණ්ඩයට එක් කරමින් ඔවුන් පිළිබද ප්‍රථම අර්ථ දැක්වීම සිදු කරනු ලැබුයේ ජර්මානු විද්‍යාඥයන් දෙදෙනෙකු වූ ජොහැන්ස් මුලර් හා ජකොබ් හෙන්ලේ විසිනි. මොවුන් දෙදෙනාගේ නිදර්ශනය වූයේ සෙන්ටි මීටර් 53ක් (අඟල් 21)ක් පමණ වූ භ්‍රෑණයකි. වෙනත් මෝරුන් විශේෂයක් ලෙස හදුනාගනු ලැබ තිබූ වැඩුණු සිල්කි මෝරා කාකරයිනස් ෆැල්සිෆෝමිස් ( Carcharhinus falciformis ) ලෙස නිවැරදිව හදුනා ගනු ලැබුවේ 1943 දී හෙන්රි බිග්ලෝ,විලියම් ස්කෝර්ඩර් හා ස්ටුවර්ට් ස්ප්‍රින්ගර් විසිනි. ෆැල්සිෆෝමිස් යනු දෑකැති හැඩයට ලතින් භාෂාවේ ඇති විශේෂණ පදයකි. එය මෙම මත්සයාගේ පෘෂ්ඨීය හා ලය වරල් හා සම්බන්ධ වන්නකි.සිල්කි මෝරා යන පොදු නම ඔවුන්ට ලැබී ඇත්තේ අනෙක් මෝරුන්ගේ සම සමඟ සංසන්දනය කල විට ඔවුන්ගේ සම ඉතා කදිම ලෙස කුඩා කොරපොතු වලින් වැසී මෘදු ස්වභාවයක් පැවතීම නිසාවෙනි.

වංශ ප්‍රවේණිය හා පරිණාමය......

සිල්කි මෝරාගේ පොසිල දතක් උතුරු කැරොලිනාවෙන් හමු වී ඇත.එය කාල නිර්ණයෙන් වසර 12,000ක් පමණ පැරණි බව සොයා ගෙන ඇත. සිල්කි මෝරාගේ මූලික පරිණාමය අවිනිශ්චිත වූවකි.1982 ප්‍රධාන ශරීරාංග සැලකීමෙන් ජැක් ගැරික් නම් විද්‍යඥයා බ්ලැක් ස්පොට් මෝරා ඔවුන්ගේ ආසන්නතම නෑදෑයෙක් ලෙස හදුනා ගැනිනි. 1988දී ලෙනාර්ඩ් කම්පැග්නෝ සිල්කි මෝරා තාවකාලික වශයෙන් බ්ලැක් නෝස් මෝරා,බ්ලැක්ටිප් රීෆ් මෝරා,නර්වස් මෝරා,කොපර් මෝරා,රාත්‍රී මෝරා ඇතුලත් කාණ්ඩයට ඇතුලත් කරන ලදී. 1992දී ගැවින් නේයිලර් සිල්කි මෝරාගේ වංශ ප්‍රවේණිය පිළිබද එන්සයිම මත පදනම් වෙමින් කල විශ්ලේෂණයකදී නැමුමක් සහිත ළය වරල් ඇති විශාල මෝරුන්ගේ කාණ්ඩයට අයත් බව සොයා ගන්නා ලදී.මෙම කාණ්ඩයේ එක් ශාඛාවකට සැන්ඩ්බාර් මෝරා,,විශාල නාසයක් ඇති මෝරා අයත් වන අතර සිල්කි මෝරා ප්‍රධාන ශාඛාවට අයත් වේ.මෙම කොටසට කැරිබියානු ගල්පර මෝරා,ගැලපෙගෝස් මෝරා,සාගරික වයිට්ටිප් මෝරා,ඩස්කි මෝරා,නිල් මෝරා ද අයත් වේ. රයිබසෝමීය ඩී.එන්.ඒ විශ්ලේෂණයකින් පසු මින් ඩොසේයි ඇබ්කලට් විසින් සිල්කි,නිල්,විශාල නාසයක් ඇති යන මෝරුන් විශේෂ 3 අතර සමීප සමානතා ඇති බව තහවුරු කරන ලදී.

ව්‍යාප්තිය හා වාසස්ථාන.....

සිල්කි මෝරා බොහෝ විට පැහැදිලි,විවෘත සාගරයේ දැක ගත හැකිය.

සිල්කි මෝරා සෙල්සියස් අංශක 23 (ෆැරන්හයිට් අංශක 73) පමණ උෂ්ණත්වයක් ඇති සාගරික කලාපයේ ජීවත් වේ.අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව ගල්ෆ් මුහුදු තීරය,මෙක්සිකෝව හා කැරිබියානු මුහුදු තීරයෙන් මොවුන් සොයා ගත හැකිය.ඉන්දියන් මුහුද,බටහිර ඕස්ට්‍රේලියාවේ මොසැම්බික් රතු මුහුදු, පර්සියානු ගල්ෆ් මුහුදු තීරයෙන්ද දකුණු චීනය,ජපානය ආසන්න මුහුදු තීරයේද දකුණු බාජා කැලිෆෝනියා හා ගල්ෆ් කැලිෆෝනියා හා දකුණුදිග ඕස්ට්‍රේලියාවේ සිට උතුරු නවසීලන්තය සිට උතුරු චිලී දෙසටද මොවුන්ගේ වාසස්ථාන ව්‍යාප්ත වේ. සිල්කි මෝරුන් විශේෂ 4ක් ලෝකය පුරා සාගර ප්‍රදේශ වල පැතිර ඇත.වයඹ දිග අත්ලාන්තික් සාගරයේ බටහිර හා මධ්‍යම පැසිෆික් සාගරයේ නැගෙනහිර පැසිෆික් සාගරයේ හා ඉන්දියන් සාගරයේ ඔවුන් වෙසෙයි.

උෂ්ණ කලාපීය නැගෙනහිර පැසිෆික් හා උතුරු ගල්ෆ් මෙක්සිකෝවේ වෙසෙන සිල්කි මෝරුන්ගේ ගමන් මාර්ග අධ්‍යනයෙන් සාමාන්‍යයෙන් සිල්කි මෝරා මුහුදු මතුපිට සිට මීටර් 200(අඩි 660) ගැඹුරෙහි ජීවත් වන බව සොයා ගෙන ඇත.නමුත් ඔවුන්ට මීටර් 500 (අඩි 1600) හෝ ඊට වැඩි ප්‍රමණයක් දක්වා ගැඹුරට කිමිදීමටද හැකියාවක් ඇත .සිල්කි මෝරා තම වේලාවෙන් 99% ගත කරනුයේ මුහුදු මතුපිට සිට මීටර් 50 දක්වා වූ නොගැඹුරු මුහුදෙහිය.එමෙන්ම රාත්‍රිය දහවල ගැන අවධානයක් නොදක්වන මෙම සතුන් ඔවුන් මුහුදෙහි සැරිසරන වේලාවෙන් 80% - 85% ගතකරනුයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 - 30 (ෆැරන්හයිට් අංශක 79 - 86) වන සාගර ජලයෙහිය.

මෙම සත්ත්ව විශේෂය දිවයින් ආශ්‍රිත ගල්පර සහිත ගැඹුරු මුහුදු තීරයට විශේෂ ලැදියාවක් දක්වයි.ඔවුන් උතුරු,දකුණු මහද්වීපික මායිම් අතර සැරිසැරීම සිදු කරයි.හදිසි අවස්ථාවන් වල මීටර් 18ක්(අඩි 59)තරම් නොගැඹුරු මුහුදු කලාප වලට පැමිණීමෙන් මොවුන් අනතුරුදායක අවස්ථාවන්ටද මුහුණ දේ.සිල්කි මෝරා ඉතා චංචල වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට කැමති සත්ත්වයෙකි.ඔවුන් පිළිබද අධ්‍යනයෙන් සාමාන්‍ය මෝරෙක් දිනකට කිලෝ මීටර් 60ක්(සැතපුම් 37ක්) පමණ පිහිනීම සිදු කරයි.එමෙන්ම ඔවුන් චලනය වන වපසරිය කිලෝ මීටර් 1339ක් (සැතපුම් 832)පමණ වේ.වැඩුණු සිල්කි මෝරා කුඩා පැටවුන්ට සාපේක්ෂව වැඩි දුරක් චලනය වේ. පැසිෆික් මුහුදේ හෝ වෙනත් ප්‍රදේශ වල ජීවත් වන මොවුන් ග්‍රීෂ්ම ඍතුවේදී සමක සීමාවෙන් තරමක් ඔබ්බට වන සාගර කලාප වලට ගමන් කරයි

විස්තරය....

සිල්කි මෝරාගේ සුවිශේෂී ලක්ෂණයක් වූ කුඩා පෘෂ්ඨීය වරල හා විශාල ළය වරල්.

නාස් පුඩු වලට ඉදිරියෙන් වටකුරු ස්වභාවයක් උසුලන උලක් හැඩැති ශරීරාංගයක් ඇති සිල්කි මෝරා සුමට සිහින් දිග ශරීරයක් ඇති මත්ස්‍යයෙකි.වක්‍රාකාර මධ්‍යම ප්‍රමාණයේ ඇස් දෙක විනිවිද පෙනෙන (තුන් වන ඇසි පිය ලෙස හදුන්වන ) පටලයකින් සමන්විත වී ඇත.එමගින් ඇසට ආරක්ෂාව සැපයේ.මුඛය දෙපස සිහින් ලෙස රැලි ගැසීමක් දක්නට ඇත. උඩු හනුවෙහි හෝ යටි හනුවෙහි පිළිවෙලින් 14 - 16 හා 13 - 17 ප්‍රමාණයෙන් දත් පිහිටා ඇත.(මූලිකවම දත් 15 බැගින් හනු දෙකෙහිම ) උඩ පිහිටි දත් දැඩි ශක්තිමත් ත්‍රිකෝණාකාර,පිටුපසින් උල් හැඩයක් ගනී.එම දත් මැදදී කෙලින් ඇති අතර බොහෝ විට පැති දිශා වලට ආනතියක් දරයි.පහළ දත් පටු,කෙලින් ඇති සිනිදු මතුපිටක් සහිත වේ. කරමල් යුගල 5ක්ද මොවුන් සතුවේ.

පෘෂ්ඨීය හා ළය වරල් අනෙකුත් මෝරුන් විශේෂ අතරින් සිල්කි මෝරා හදුනා ගැනීමට උපකාරී වේ.පලමු පෘෂ්ඨීය වරල සාමාන්‍යයෙන් මෝරාගේ දිගෙන් දහයෙන් පංගුවක ප්‍රමාණයට වඩා කුඩා වේ.ඒවා පිහිටා තිබෙන්නේ ළය වරල් වල අග නිදහස් කෙළවරට පිටුපසිනි.එය කලාතුරකින් දක්නට ලැබෙන වක්‍රාකර එස් අකුරක (S) හැඩයක් ගනී.දෙවැනි පෘෂ්ඨීය වරල තරමක් කුඩා වේ.ළය වරල් පටු දෑකැති හැඩයකින් යුතු වේ.සාමාන්‍යයෙන් වැඩිහිටි මත්ස්‍යන්ගේ ළය වරල් දිග වේ.පසුපස වරල උල් හැඩයක් දරන අතර එය පිහිටා ඇත්තේ දෙවැනි පෘෂ්ඨීය වරලට මදක් ඔබ්බෙනි. හොදින් වැඩුණු වලිගයක් බඳු පසුපස වරල කොළයක වැනි හැඩයක් ගනී.

සමෙහි සෑම ස්ථානයක්ම දියමන්තියක හැඩැති කොරපොතු වලින් ආවරණය වී ඇත.මෝරාගේ වර්ධනය සමග මෙම කොරපොතු ප්‍රමාණයද වැඩි වේ.සිල්කි මෝරාගේ ශරීරය මතුපිට ලෝහමය දුඹුරු රන් පැහැයක සිට අඳුරු අලු පැහැය දක්වා වෙනස් වේ.උදරය හිම මෙන් සුදු පැහැති වේ.එය ඇලපත දක්වා විහිදී යයි.වරල් (පෘෂ්ඨීය වරල හැර )අග අඳුරු පැහැති වේ.මෙය කුඩා මෝරුන්ගේ බොහෝ විට දක්නට ලැබේ.මොවුන් මිය ගිය පසු ස්වභාවික වර්ණය අඳුරු උදාසීන අලු පැහැයක් බවට පත් වේ. සාමාන්‍යයෙන් මීටර් 2.5 (අඩි 8.2) පමණ වැඩෙන සිල්කි මෝරාගේ දැනට වාර්තාවී ඇති උපරිම දිග මීටර් 3.5 (අඩි 11) හා උපරිම බර කිලෝ ග්‍රෑම් 346 වේ. තවද ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයාට වඩා විශාල වේ.

ජීව විද්‍යාව හා පාරිසරික විද්‍යාව....

සිල්කි මෝරා යනු විවෘත මුහුදේ වෙසෙන මිලියන දහසක් තරම් වූ අති විශාල ගහණයක් සහිත මෝරුන් විශේෂ තුන අතරින් එක් විශේෂයකි.අනෙකුත් විශේෂයන් දෙක හා සසදන විට ආහාර දුර්ලභ වන ගැඹුරු මුහුදු තීරයට වඩා වෙරළ අශ්‍රිතව පවතින ගැඹුරු මුහුදු කලාප වලින් මෙම මත්ස්‍යයින් විශාල වශයෙන් සොයා ගත හැකිය.සිල්කි මෝරා ඉතා කඩිසර ලෙස තොරතුරු විපරම් කරන ආක්‍රමණශීලී සත්ත්වයෙකි.සාමාන්‍යයෙන් සෙමෙන් වැඩ කරන අයුරක් පෙන්වූවද තරගකාරී අවස්ථාවල ඉතාමත් ශක්තිමත් භාවයක් පෙන්වයි.මොහු සමහර අවස්ථාවලදී උනන්දුව ඇති කරවන යමක් දුටු විට නොසැලකිලිමත් ලෙස එය වටා ගමන් කිරීම හා හිස දෙපසට පැද්දීම සිදු කරයි.නමුත් අනතුරක් හැගී ගියහොත් එකෙණෙහිම විස්මය දනවන සුළු වේගයකින් වෙනත් තැනක් කරා යමින් එයට ප්‍රතිචාර දක්වයි.මෙම මෝරා බොහෝ විට පාවෙන ලී කොට කැබලි නැව් හෝ බෝට්ටු රදවා තබා ඇති ලණු ආසන්නයේ දැක ගත හැකිය.

වයසින් අඩු සිල්කි මෝරුන් අන්‍යෝන්‍ය ආරක්ෂාව සලසා ගැනීමට මනාව සංවිධානය වූ කණ්ඩායමක් ලෙස සිටීමට ප්‍රිය කරයි.සංක්‍රමණය වීම් වලදී වලදී දහස් ගණනින් මෙම මෝරුන් එකට එකතු වේ.මෙම කණ්ඩායම් සමහර විට ප්‍රමාණයෙන් වෙනස් වේ.මොවුන්ට එක එල්ලේ සාගර මතුපිට දක්වා පිහිනා ගොස් ක්ෂණිකව නැවත ආපසු හැරී ගැඹුරු මුහුදට පිහිනීමේ පුරුද්දක් ඇත.මෙම හැසිරීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.අනතුරකට මුහුණ දුන් විට ඔවුන් ශරීරය පසුපස අර්ධය සොලවමින් වල්ගය හා ළය වරල් ගසමින් හිස ආනත කර ගැනීම සිදු කරයි.ඉන්පසු ඔවුන් අනතුර ඇති දිශාවට පෙනෙන ලෙස කුඩා වළල්ලක හැඩයට දරදඬු ආකාරයට ගැස්සෙමින් චලනය වේ.

සිල්කි මෝරා නිතරම ස්කැලොප්ඩ් හැමර්හෙඩ් මෝරු විශේෂය සමග එකට කලවම් වී හිදී.තවද සීල් මත්ස්‍යයන්, තල්මසුන්,ඩොල්ෆින්,දළ තල්මසුන් සමගද වාසය කිරීමට කැමැත්තක් දක්වයි.තවද සිල්කි මෝරා කුඩා පයිලට් මාළුවා සමගද වෙසීමට කැමැත්තක් දක්වයි.මක් නිසාද යත් ඔවුන් රංචු වශයෙන් මෝරා ලගින් පිහිනා යාමේදී ඔවුන්ගේ සිරුරු වලට ඉහලින් පීඩනය සහිත ජල රැළිති ඇති වේ.එයට සිල්කි මෝරා ලැදියාවක් දක්වයි.එමෙන්ම ජැක් මත්ස්‍යයින් ඔවුන්ගේ සමෙහි ඇති කුඩා කෑම සුන්බුන් සූරා කමින් පරපෝෂිතයකු ලෙස ජීවත් වේ.

පෝෂණය......

සිල්කි මෝරා විවිධ මුහුදු මට්ටම් වල ජීවත් වන කටු සහිත මසුන් ආහාරයට ගනී.බලයා,කෙළවල්ලා,මැකරල්,සාඩින්,ගල් මාළු,මුහුදු මඩකරියා,මුහුදු අගුළුවා,ආඳා වැනි මසුන් මෙන්ම දැල්ලා,කකුළුවාද ආහාරයට ගනී.මෙවැනි මාළු රංචුවක් හමු වූ විට එම ප්‍රදේශයට බොහෝ මොරුන් සංඛ්‍යාවක් ඇදී යයි.ඉන් පසු කුඩා මාළුන් රංචුව කොටු කර ගැනීමෙන් අනතුරුව එම මාළුන් රෑනම විනාශ කර දමයි.මෙලෙස කුඩා ප්‍රදේශයකට කොටු වන මාළු රෑනට විවෘත කරගත් මුඛයෙන් යුතුව දිගින් දිගටම පහර දීම සිදු කරයි.මෙම ප්‍රහාරයට ලක් වන කුඩා මසුන් ඔවුන්ගේ හකු කොනෙන් අල්ලා ගනී. බොහෝ පිරිසක් කුඩා මාළු රංචුවකින් ආහාර සපයා ගත්තද පහර දීම තනි තනිව සිදු කරයි. බහමාස් හා වෙරළබඩ ෆ්ලොරීඩාවේ කරන ලද අධ්‍යයන වලට අනුව පෙනී ගොස් ඇත්තේ සිල්කි මෝරා ශබ්දයට ඉතාම සංවේදී වන බවයි.එනම් අඩු සංඛ්‍යාත(10 - 20 හර්ට්ස්) හා අසාමාන්‍ය ස්ඵන්ද වලට ඔවුන් ස්ංවේදී වේ.පර්යේෂණ වලදී ගැඹුරු ජලයේදී නිකුත් කල ශබ්ද වලට මීටර් සිය ගණනක් එපිට මෝරුන්ද ආකර්ෂණය කර ගැනීමට හැකිවිය.එම ශබ්දය ඔවුන්ගේ ආහාර ලෙස ගන්නා සතුන්ගේ සහ කුරුල්ලන්ගේ ඩොල්ෆින් මසුන්ගේ ශබ්දයට සමාන ශබ්ද විය.එහිදී ඔවුන් ඊට තම ආහාර ලෙස රැවටී එයට ඒකරාශී විය. මෙම අධ්‍යයන වලදී තවද හෙලි වූයේ උස් පහත් හඩවල් හෝ වෙනත් ශබ්ද නිකුත් කලද මෝරාගේ ප්‍රතිචාරයේ වෙනසක් සිදු නොවු බවයි.නැවතත් කල පරීක්ෂණ වලින් හෙලිවූයේද ශබ්ද වල වෙනසක් ඇතිවීමෙන් මෝරා පසුබැසීමකට ලක් නොවන බවයි.

සිල්කි මෝරා ආසන්න වශයෙන් නිව්ටන් 890ක් ලෙස ගණන් බලා ඇත.මොවුන් බලයන් හා කෙළවල්ලන් සමග සමීපව වාසය කරයි.මෙම මසුන් රංචු 'ටූනා' රංචු ලෙස හදුන්වයි.ඝානාවේදී හමු වන බොහෝ ටූනා රංචු පිටුපසින් සිල්කි මෝරුන් කිහිප දෙනෙක් ගැවසෙනු දැක ගත හැකිය. නැගෙනහිර පැසිෆික් සාගරයේ ටූනා මසුන් මැරීමට යන ධීවරයින්ගේ දැල් ආදී ධීවර ආම්පන්න වලට මොවුන් හානි කරන බවද පැවසේ.එබැවින් එම ධීවරයන් 'දැල් කන මෝරා ' ලෙස මෙම මෝරා අමතයි. සිල්කි මෝරා, බෝතල් හැඩැති නාසයක් සහිත ඩොල්ෆින් මසුන් සමග තරග කරන අවස්ථාවන් දක්නට ලැබේ.එලෙස තරග වදිනුයේ දෙපිරිසම එකම මාළු විශේෂයක් ගොදුරු කර ගැනීමට උත්සහ දරණ විටදීය.මෙහිදී ඩොල්ෆින් මාළුන්ට ලැබෙන ආහාර ප්‍රමාණය රදා පවතිනුයේ අනෙක් පස සිටින සිල්කි මෝරුන්ගේ ගණන මතයි.මෙහි විශාල මෝරුන් ප්‍රමාණයක් සිටී නම් ඔවුන් මාළු රංචුව මධ්‍යස්ථයේ සිටිමින් ඩොල්ෆින්ට පිටත සීමාව ලබා දේ.එබැවින් මෝරුන්ගේ දරුණු පහරදීම් වලින් සිදු වන අනතුරු වැළකීම සිදුවේ.නමුත් ඩොල්ෆින් මසුන් ප්‍රමාණය වැඩි නම් ඔවුන් සිල්කි මෝරුන් කුඩා මාළු රංචුව වෙතින් පළවා හැරීම සිදු කරයි.මින් කුමන වර්ගයක් වැඩි ප්‍රමාණයකින් සිටියද මෙම ගොදුරු සොයන්නන් දෙවර්ගය ප්‍රසිද්ධියේ එකිනෙකා සමඟ කලහ ඇති කර නොගනී.

ජීව ඉතිහාසය......

සිල්කි මෝරාද අනෙකුත් මෝර විශේෂ මෙන්ම ජලාබුජ සත්වයෙකි.කළලය මවගේ වැදෑමහ ඔස්සේ පෝෂණය ලබයි.සිල්කි මෝරාගේ කළල බන්ධනය ක්ෂීරපායී ආකෘතියට ආසන්න සමාන බවක් දක්වයි.එනම් අනෙකුත් ක්ෂීරපයී සත්වයන්ගේ මෙන් මව හා භ්‍රෑණය අතර පවතින ඉතා සියුම් පටලය මෙම සත්ත්වයාට පිහිටා නොමැත.තව දුරටත් සොයා බැලීමේදී කළලය සතු වන රතු රුධිරාණු සෛල මවු පාර්ශවීය රතු රුධිරාණු සෛල වලට වඩා කුඩා වේ.මෙම ලක්ෂණය සාමාන්‍ය ක්ෂීරපායී සත්ත්වයන්ට වඩා වෙනස් වූවකි.වැඩුණු ගැහැණු සතුන් සතුව එක් ඩිම්බකෝශයක් (දකුණු පස ) හා ගර්භාශ දෙකක් පවති. ඒවා එකිනෙක භ්‍රෑණයන් සදහා වෙන් වෙන්ව බෙදී පවතී.

සිල්කි මෝරාගේ ප්‍රජනනය සිදු වනුයේ බොහෝ විට වසරකට වතාවකි. ගල්ෆ් මෙක්සිකෝවේ ජීවත් වන සිල්කි මෝරුන්ගේ සංසර්ගය හා පැටව් බිහි වීම සිදු වනුයේ වසන්තයේ අග භාගයේ වේ.ග්‍රීෂ්ම ඍතුවේ මුල් කාලයේදීය. (මැයි සිට අගෝස්තු ) ගැහැණු සත්ත්වයා පැටවුන් බිහි කරනුයේ මාස 12ක් ගර්භණී කාලයකට පසුවය.එය සෑම වසරක් පාසා හෝ වසරක් හැර වසරක සිදු කරයි.පැටවුන් සංඛ්‍යාව 1-16 දක්වා ප්‍රමාණයක් එක වර බිහි කරයි.එය ගැහැණු සත්ත්වයගේ විශාලත්වය මත 6 සිට 12 දක්වා වීම සාමාන්‍යයෙන් සිදුවේ. පැටවුන් බිහි කිරීම සිදු වනුයේ මහද්වීපික තටකයට ඔබ්බෙන් වූ ගල්පර ආශ්‍රිතවය.අළුත ඉපදුණු පැටවුන්ට වැඩුණු මෝරුන් විසින් ආහාර හා ආරක්ෂාව සැපයීම සිදු කරයි. ඉපදී පළමු වසර තුල මොවුන් සෙන්ටි මීටර් 25-30ක් (අඟල් 9.8-11.8)පමණ වර්ධනය වේ.මෙම පැටවුන් මාස කිහිපයකට පසු ගල්පර සහිත නොගැඹුරු මුහුදු තීරයෙන් ගැඹුරු මුහුදට සංක්‍රමණය වේ.

වයඹ දිග අත්ලාන්තික් සාගරයේ මෝරුන් අනෙකුත් මෝරුට වඩා වර්ධනය වීමේ නැඹුරුතාවක් දක්වයි.අනෙකුත් මෝරු විශේෂයන්ට සාපේක්ෂව ගැහැණු හා පිරිමි දෙපිරිසම සමාන වර්ධන අනුපාතක් හිමි කර ගනී. මධ්‍යම පැසිෆික් සාගරයේ ගැහැණු සතුන්ගේ වර්ධන වේගය පිරිමි සතුන්ගේ වර්ධන වේගයට වඩා අඩු වේ.තවද ශීත කලාපීය ජලයෙහි ජීවත් වන මෝරුන් උණුසුම් කලාපයේ ජීවත් වන මොරුන්ට වඩා සෙමෙන් වර්ධනය වේ.පිරිමි සතුන් අවුරුදු 6-10 සීමාවේදී හා ගැහැණු සතුන් 7-12 සීමාවේදි ලිංගික පරිණතභාවයට පත්වේ.මොවුන්ගේ උපරිම ආයු කාලය අවුරුදු 22ක් පමණ වේ.

සිල්කි මෝරාගේ සාමාන්‍යය ජීවන 

තොරතුරු....

  • ජීවත් වන සාගර ප්‍රදේශය ඉපදෙන විට දිග වැඩුණු පිරිමි මත්ස්යයෙක්ගේ දිග වැඩුණු ගැහැණු මත්ස්යයෙක්ගේ දිග
  • වයඹදිග අත්ලාන්තික් සෙන්ටි මීටර් 68-84(අඟල් 27-33) මීටර්2.15–2.25(අඩි 7.1–7.4) මීටර් 2.32–2.46(අඩි 7.6–8.1)
  • නැගෙනහිර අත්ලාන්තික් ? මීටර් 2.20 (අඩි 7.2 ) මීටර් 2.38–2.50(අඩි 7.8–8.2)
  • ඉන්දියන් සෙන්ටි මීටර් 56–87 (අඟල් 22–34) මීටර් 2.39–2.40(අඩි 7.8–7.9) මීටර් 2.16–2.60(අඩි 7.1–8.5)
  • බටහිර පැසිෆික් ? මීටර් 2.10–2.14(අඩි 6.9–7.0) මීටර්2.02–2.20(අඩි 6.6–7.2)
  • මධ්‍යම පැසිෆික් සෙන්ටි මීටර්65–81(අඟල්26–32) මීටර් 1.86(අඩි 6.1) මීටර්2.00–2.18 (අඩි 6.56–7.15)
  • නැගෙනහිර පැසිෆික් සෙන්ටි මීටර් 70 (අඟල්28) මීටර් 1.80–1.82(අඩි 5.9–6.0) මීටර්1.80–1.82(අඩි 5.9–6.0)

මිනිස් බලපෑම්

සිල්කි මෝරාගේ සිරුරේ විශාලත්වය හා දත් වල පිහිටීම නිසා මනුෂ්‍යයාට අවදානම් සත්ත්වයකු ලෙස හදුන්වයි.කෙසේ වුවද ඔවුන් මිනිසුන් හමුවට එනුයේ මිනිසුන් ඔවුන්ගේ වාසස්ථාන වලට ඇතුළු වූ අවස්ථාවන්හිදීය. ආහාරයක් දැකීමෙන් ඔවුන් භයානක ලෙස කලබල වීම සිදුවේ.ස්වාභාවික කුතුහලයකින් හා නිර්භීතකමකින් ඔවුන් කිමිදුම් කරුවන් වෙත ලගා වේ.විවෘත ගැඹුරු මුහුදට වඩා ගල් පර අශ්‍රිතව මොවුන්ට කිමිදුම්කරුවන් හමු වූ විට වඩාත් කළහකාරී ලෙස හැසිරේ.සමහර අවස්ථාවලදී තනිව සිටින සිල්කි මෝරෙකුට කිමිදුම්කරුවෙක් හමු වූ විට මුරණ්ඩු ලෙස කරදර කොට ඔවුන් ජලයෙන් පන්නා දැමීමට තරම් දරුණු වේ.ජාත්‍යන්තර මෝරුන් පහර දීමේ තොරතුරු ලේඛනයේ ( International Shark Attack File ) සිල්කි මෝරා විසින් සිදු කරනු ලැබූ පහර දීම් ගණන 6කි.ඉන් 3ක් බරපතල ගණයේ පහරදීම් නොවේ.

මෙක්සිකෝ, ග්වාතමාලා, එල් සැල්වදොර්, කොස්ටරීකා,ඇමෙරිකා එක්සත් ජනපදය ,ඉක්වදෝර්, ස්පාඤ්ඤය, පෘතුගාලය, ශ්‍රී ලංකාව,මාලදිවයින, ‍යේමනය වැනි රටවල් වල සිදු කරන වාණිජමය මත්ස්‍ය කර්මාන්තයේදී විශාල වශයෙන් සිල්කි මෝරා අල්ලා ගනු ලැබේ.තවද ටූනා මසුන් ඇල්ලීමට යොදා ගන්නා දැල් වලට අහඹු ලෙස හසු වීමෙන් සැලකිය යුතු සිල්කි මෝරුන් ප්‍රමාණයක් මිය යයි.නැගෙනහිර පැසිෆික් කලාපයේ බහුලවම සිදු වන ටුනා මසුන් කර්මාන්තයේදී මෙලෙස අහඹු ලෙස හසු වීමෙන් මිය යන මෝරුන් අතර නිල් මෝරාට පළමු තැන හිමිවේ.දෙවැනි තැන ලැබෙනුයේ සිල්කි මෝරාටය.මොවුන්ගේ වරල් මෝර වරල් සුප් වලට යොදා ගනී.ඒ සදහා මිනිසුන් මෙම මසුන් මුහුදේදීම මරා වරල් කපා ඉතිරි සිරුරු කොටස් ඉවත දැමීම සිදු කරයි. නමුත් මේ නිසා ලෝකය පුරා සිල්කි මෝරුන් මිලියන 1.5ක් පමණ වාර්ෂිකව මිය යන බව ගණන් බලා ඇත.මොවුන්ගේ මස්(අලුත් හෝ ලුණුයොදා වියළනලද ),සම,මෝර තෙල්ද හකුද ප්‍රයෝජනයට ගනු ලැබේ.මෙම මෝරුන්ගේ හකු විකිණීම සංචාරක කර්මන්තයේදී ප්‍රධාන තැනක් ගනී.සමහර අවස්ථා වල ක්‍රීඩාවක් ලෙස මසුන් ඇල්ලීම කරන පිරිස් නිසාවෙන්ද සිල්කි මෝරුන්මිය යාම සිදුවේ.

ලෝකය පුරා ඉතා බහුල ලෙස පැතිරී සිටින සිල්කි මෝරා ඉතා හොද ප්‍රතිශක්තියකින් යුතු මත්ස්‍යයෙකි.නමුත් මහා පරිමාණ මත්ස්‍යය කර්මාන්තය නිසා මොවුන් අධික ලෙස අඩු වෙමින් පවතී.දකුණු හා මධ්‍යම පැසිෆික් සාගර වල ටූනා කර්මාන්තයේදී 1989දී පමණක් මියගිය සිල්කි මෝරුන්ගේ සංඛ්‍යාව 900,000 ක් පමණ වේ.නමුත් එමගින් ඔවුන්ගේ ගහණයට සැළකිය යුතු බලපෑමක් එල්ල නොවිනි.මෙවැනි අවස්ථා පිළිබද ලැබෙන දත්ත ප්‍රමාණවත් නොවීම හා මෝරුන් වර්ග එකිනෙක වෙන්කොට හදුනා ගැනීමට ධීවරයන්ට අත්දැකීම් මදි කම නිසා නිවැරදි සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත.කෙසේ වුවද අඩු වී යන සිල්කි මෝරුන් ප්‍රමාණය නැවත ප්‍රජනනය මගින් සමතුලිත කිරීමට නොහැකි වී ඇත.

වාර්ශිකව සිල්කි මෝරුන් මිය යන ප්‍රමාණය ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයට ( Food and Agricultural Organization (FAO) ) වාර්තා වූ අකාරයට 2000 වසරේදී ටොන් 11,680ක් පමණ වූ පරිභෝජනය 2004 වසරේදී ටොන් 4358 දක්වා පහල ගොස් තිබිණි.මෝරුන් පරිභෝජනය පිළිබද ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ ගණනය කිරීම් අනුව 1950 සිට 1990 දක්වා මධ්‍යම පැසිෆික් වලින් 90%ක්ද ,1991 සිට 2000 දක්වා කොස්ටරීකා වලින් 60%ක්ද 1950 සිට 1990 දක්වා ගල්ෆ් මෙක්සිකෝවේ 91%ක්ද (සියළු මෝරුන් විශේෂ ) 1986 සිට 2005 දක්වා වයඹ දිග අත්ලාන්තික් වලින් 85%ක්ද අඩු වී ගොස් ඇත.ශ්‍රි ලංකාවෙන් වාර්තා වූ අන්දමට සිල්කි මෝර මත්ස්‍යය කර්මාන්තයේ උපරිම අල්ලා ගැනීම 1996දී ටොන් 25400 සිට 2006දී ටොන් 1960 දක්වා අවම වී ඇත.ඊට හේතුව දේශීය වෙළද පොල ඉල්ලුම අඩු වීමයි. නමුත් 1970 සිට 1990 දක්වා ජපනයේ හා ඉන්දීය හා පැසිෆික් මුහුදු වල සිදුවන සිල්කි මෝර කර්මන්තයේ පහල බැසීමක් දක්නට නොලැබේ.එමෙන්ම ගල්ෆ් මෙක්සිකෝවේ සහ උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම අගයන් ගණනය කිරීමට යොද ගත් ක්‍රියාවලි නිවැරදිද යන්න විවාදයට තුඩු දෙන කරුණක් වී ඇත.

දළ වශයෙන් සොයා ගත් තොරතුරු අනුව 2007දී International Union for Conservation of Nature (IUCN) මගින් සිල්කි මෝරා වඳ වීමට ආසන්න තත්ත්වයකට පත් මත්ස්‍යයෙක් ලෙස නම් කර ඇත. සිල්කි මෝරා ප්‍රාදේශිය මට්ටමින් නිරිත දිග අත්ලාන්තික් සාගරය,ඉන්දියන් සාගරය, නැගෙනහිර, මධ්‍යම,දකුණු පැසිෆික් සාගරය වැනි කලාප ආශ්‍රිතව තර්ජනයට ලක් වී ඇති බව සොයා ගෙන ඇත. මෙම මසුන්ගේ වරල් කැපීම තහනම් කර ඇති අතර එසේ කරන්නේ නම් එය ජාතික හෝ ජාතික සීමාව ඉක්මවා යන වරදක් බව United Nations Convention on the Law of the Sea ප්‍රකාශයට පත් කර ඇත.International Commission for the Conservation of Atlantic Tunas (ICCAT) ,Inter-American Tropical Tuna Commission (IATTC) වැනි සංවිධාන ටුනා කර්මාන්තයේදී සිල්කි මෝරුන් අහඹු ලෙස හසු වීමෙන් මිය යාම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.ටුනා මසුන් සමඟ සිල්කි මෝරා සංක්‍රමණය වීම සුලභව සිදු වේ.එනිසා වාණිජමය මත්ස්‍ය කර්මාන්තය හමුවේ අහඹු ලෙස සිල්කි මෝරා මිය යාම අවම කර ගැනීමට සරල ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වී ඇත.

කැරිබියානු ගල්පර මෝරා...

කැරිබියානු ගල්පර මෝරා Caribbean reef shark ("කාකරයිනස් පෙරේසි"-Carcharhinus perezi, often misspelled perezii)[1] කාකරයිනිඩයි කුලයට අයත් රික්වියෙම් මෝරුන් (requiem shark) විශේෂයකි. බොහෝවිට අත්ලාන්තික් සාගරයට අයත් ෆ්ලොරිඩා සිට බ්‍රසීලය දක්වා වූ නිවර්තන ජල කලාපයේ දැකිය හැක. තවද කැරිබියානු මුහුද ආශ්‍රිතව වැඩි වශයෙන් දැකිය හැකි ගල්පර මෝරුන් විශේෂයද වේ. ශක්තිමත් මනා ලෙස හැඩගැන්වුනු ශරීරයකින් යුත් මෙම රික්වියෙම් මෝරුන් එම කුලයටම අයත් අනෙකුත් මෝරුන් වන ඩස්කි මෝරා ( "සී. ඔබ්ස්කියුරස්"-C. obscurus)සහ සිල්කි මෝරා ("සී. ෆැල්සිෆෝමිස්"-C. falciformis)අතරින් වෙනකර හඳුනා ගැනීම දුෂ්කර කාර්යයකි. නමුත් වෙන්කර හඳුනාගතහැකි ලක්ෂණ වනුයේ, කැපී පෙනෙන සලකුනු නොමැති අළු පැහැයෙන් යුත් වරල්, දෙවන පිටුපස වරල කෙලවර කෙටි තුඩ හා දත් වල හැඩය සහ මෝරුන් සමූහය වේ.

දිගින් මීටර් 3 ක් (අඩි 10 ක්) පමණ වන කැරිබියානු ගල්පර මෝරා, ගල්පර පරිසර පද්ධතිය තුල මාලුන් සහ බූවල්ලන් විශාල වශයෙන් ගොදුරු කරගන්නා අග්‍ර විලෝපිකයෙක් ලෙස හැන්ඳින්විය හැක. සාමාන්‍යයෙන් ක්‍රියාකාරී ලෙස පිහිනන මෝරෙකු වශයෙන්, මොවුන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් ලෙස දැක්විය හැක්කේ, මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී සිටිනු දක්නට ලැබීමයී. යම් අනතුරු හැඟවීමකදී මොවුන් ලය වරල් පහතට හෙලීමකින්ද ගමන් ගන්නා දිශාව වෙනස් කිරීමකින්ද ගර්ජන විදහා දැක්වීමක් පෙන්නුම් කරයි. අනෙකුත් රික්වියෙම් මෝරුන් විශේෂ මෙන් මොවුන් ජලාබුජ ගණයට අයත් වන අතර ගැහැණු සත්වයා විසින් අවුරුද්දකට පැටවුන් 4–6 අතර ප්‍රමාණයක් ප්‍රසූත කරයි. කැරිබියානු ගල්පර මෝරුන් ධීවර කර්මාන්තයේදී වැදගත් කමක් උසුලන්නේ මාංස, පදම් කල සම්, පීකුදු තෙල් වැනි ද්‍රව්‍ය ලබාගැනීමට වන අතර, නමුත් නොබෝදා සිට සංචාරක ආකර්ෂණයක් ලෙස වැඩි වටිනාකමක් දිනා ඇත. "මෝරුන් පෝෂ්‍ය කිරීම" සඳහා ඔවුන් සමූහයා වශයෙන් ආකර්ෂණය කරගැනීමට බහමාස් සහ එයින් ඔබ්බට ඇති රටවල් විසින් විවිධ ගොදුරු යොදාගැනීම මතභේදයට තුඩුදුන් කරුණක් වේ. මෙම විශේෂය මෝරුන්ගෙන් මිනිසා මත සිදුවූ ආක්‍රමණ සුලු ප්‍රමාණයකට වගකිව යුතුවේ.

වර්ගීකරණය සහ වංශ ප්‍රවේණිය...

ෆෙලිප් පොයේ ("Felipe Poey") විසින් 1876 වසරේදී ලියා පලකරන ලද, අනාලෙස් ඩි ලා සොසයිඩාඩ් එස්පැනෝලා ඩි හිස්ටොරියා නැචුරල් – Anales de la Sociedad Española de Historia Natural යන විද්‍යාත්මක සඟරාව සඳහන් කරන පරිදි, කැරිබියානු ගල්පර මෝරා මුලින්ම හඳුන්වන ලද්දේ ප්ලැටිපොදොන් පෙරෙzසි – Platypodon perezi යන නමින් වේ. කියුබාව ආශ්‍රිත මුහුදුබඩ ප්‍රදේශයේ විශේෂ හයකට අයත් නිදර්ශක වර්ග දක්නට ලැබිණි. ප්ලැටිපොදොන් – Platypodon යන ගණය පසු ලේඛකයින් විසින් කාචාහිනස් – Carcharhinus ලෙස සමානාර්ථකරන ලදී.

රූප විද්‍යාත්මක සමානතා පාදක කොටගෙන, 1982 වසරේදී ජැක් ගැරික් "Jack Garrick" විසින් මෙම විශේෂ බිග්නෝස් මෝරා "bignose shark"(සී. අල්ටිමස් – C. altimus) සහ සෑන්ඩ්බාර් මෝරා "sandbar shark" (සී. ප්ලම්බියස් – C. plumbeus) ලෙස කාණ්ඩ දෙකකට වර්ග කරන ලද අතර 1988 දී ලියොනාඩ් කොම්පැග්නෝ "Leonard Compagno" විසින් අලු පැහැ ගලපර මෝරා "grey reef shark" (සී. ඇම්බ්ලිරයින්චොස් – C. amblyrhynchos) ගේ සහෝදර කාණ්ඩය ලෙස දක්වන ලදී. තවද කැරිබියානු ගල්පර මෝරා යනු, ගලපගොස් මෝරා "Galapagos shark" (සී. ගලපගැන්සිස් – C. galapagensis), ඩස්කි මෝරා "dusky shark" (සී. ඔබ්ස්කියුරස් – C. obscurus), ඕශනික් වයිට්ටිප් මෝරා "oceanic whitetip shark" (සී. ලොන්ගිමානුස් – C. longimanus), සහ නිල් මෝරා "blue shark" (ප්‍රියොනේස් ග්ලෝකා – Prionace glauca) ගෙන් සමන්විත කාණ්ඩයක සහෝදරී ඒකකය බව, ඇලලීය එන්සයිම "allozyme" දත්ත පදනම් කරගෙන, ගාවින් නේලර් "Gavin Naylor" විසින් 1992 දී ප්‍රකාශිත වංශප්‍රවේණික විශ්ලේෂණයෙන් පෙන්වාදෙන ලදී. කෙසේ වුවත් "කාචාහිනස් – Carcharhinus" කුලය තුල අන්තර් සබැඳියාව නිශ්චය කරගැනීම සඳහා තව බොහෝ කාර්යය කිරීම අවැසි වේ.

ව්‍යාප්තිය සහ වාසස්ථාන...

කැරිබියානු ගල්පර මෝරා, බර්මියුඩා ඇතුලුව උතුරු කැරොලිනා ප්‍රදේශයේ සිට දකුණේ බ්‍රසීලය දක්වා, උතුරු මෙක්සිකන් බොක්ක, සහ කැරිබියානු මුහුද එක්වූ බටහිර නිවර්තන අත්ලාන්තික් සාගරය පුරාවට ම දැකිය හැකි වේ. කෙසේ නමුත් ෆ්ලොරිඩා කී හි මොවුන් දැකිය හැක්කේ ඉතාමත් කලාතුරකිනි. මොවුන් නොගැඹුරු ජලය ඇති හිරිගල් පර අවට සැරිසැරීමට වැඩි කැමැත්තක් දක්වන අතර ගල්පරයට පිටතින් වූ ගැටිති අවට පහසුවෙන් දැකගත හැකි වේ. මෙම මෝරා 30 m (98 ft)ට වඩා නොගැඹුරු ජලයේ දැකගැනීම පහසු වන අතර මීටර් 378 ක්(අඩි 1240) දක්වා ගැඹුරකට පිහිනීමට හැකි බව වාර්තා වේ.

විස්තරය....

නියමානුකූල සරල කාර්යක්ෂම බාහිර පෙනුමක් සහිතව විශාල ශරීරයකින් හෙබි කැරිබියානු ගල්පර මෝරා අනෙකුත් විශාල රික්වියෙම් මෝරුන්ගෙන් වෙන්කර පැවසීම දුෂ්කර කටයුත්තකි. මොවුන් සාමන්‍යයෙන් දිගින් මීටර් 2 – 2.5 (අඩි 6.5 – 😎 අතරද; වාර්ථාවී ඇති උපරිම දිග මීටර් 3 ( අඩි 10) ක් ද; වාර්ථාවී ඇති උපරිම බර කිලෝග්‍රෑම් 70 ( රාත්තල් 154) ක් ද වේ. මොවුන්ගේ ස්වාභාවික වර්ණාවලිය අවධානය යොමුකිරීමේදී, ඇළපත්හි පහසුවෙන් නොපෙනෙන සුදු පැහැ පටිය ද, ඉහල ශරීරය අළු පැහැය හෝ අළු-ඳුඹුරු පැහැය ද, පහල ශරීරය සුදු පැහැය හෝ සුදු-කහ පැහැයද වන අයුරින් වර්ණ ගැන්වී ඇත. වරල් කැපී පෙනෙන ලෙස දර්ශනය නොවන අතර, යුගල වශයෙන් පවතින වරල් වල යටි පැත්ත, අධෝමුඛ වරල සහ පසුපස වරලේ යටි ඛණ්ඩිකාව, අඳුරු පැහැයක් ගනීයි.

නාස් පුඩු දෙපස සමෙහි කැපී පෙනෙන එල්ලා වැටීම් නොමැති අතර, නාසය තරමක් කෙටි, පළල් සහ වටකුරු ස්වභාවයක් ගනී. ඇසිපිල්ලම් තුනීසිවියකින් (ආරක්ෂාකාරී තුන්වන ඇසිපිය) යුක්ත ඇස් විශාල වටකුරු ස්වභාවයක් ගනීයි. හනු දෙකෙහිම එක් අර්ධයක දත් පෙළ 11 – 13 අතර ප්‍රමාණයක් බැගින් පවති‍යි. දත් පළල් භස්මකින්ද, දැති තියුණු බවකින්ද, සියුම් තුඩකින්ද යුක්ත වේ. ඉදිරිපස එක් එක් පැත්තේ පිහිටා ඇති දත් 2-4 ක් සෘජු බවින් යුක්ත අතර අනෙකුත් දත් ක්‍රමයෙන් ආනත වේ. යුගල් පහක් වශයෙන් පවතින කරමල් සිදුරු ප්‍රමාණයෙන් කෙතරම් දිගු වන්නේද යත්, තුන්වන කරමල් සිදුර ලය වරලේ ආරම්භක ස්ථානයටත් වඩා එතෙරට පිහිටයි. පළමු පෘෂ්ඨීය වරල උස්ව දෑකැති හැඩයකින් පිහිටා ඇත. අන්‍යෝන්‍ය ලෙස ගත්කල විශාලව පිහිටි, නිදහස් කෙටි පසුපස තුඩක් සහිත දෙවන පෘෂ්ඨීය වරල තෙක්, පළමු පෘෂ්ඨීය වරලෙන් පසු පෘෂ්ඨය තර්මක් පහත්ව පිහිටයි. පලමු පෘෂ්ඨීය වරලේ ආරම්භය, ළය වරල්හි නිදහස් පසුපස තුඩු වලට ඉහලින් හා සුලුවශයෙන් ඉදිරියෙන් පිහිටා ඇති අතර දෙවන පෘෂ්ඨීය වරල, අධෝමුඛ වරලට ඉහලින් හා සුලුවශයෙන් ඉදිරියෙන් පිහිටා ඇත. ළය වරල් දිග, පටු සහ තුඩක් දක්වා ක්‍රමයෙන් සිහින් වන ආකාරයකින් යුක්ත වේ. කොන් පහක් සහිතව තිරස්ව පිහිටන චර්මීය කොරපොතු අතර අවකාශය ඉතාමත් අඩුව සහ එකිනෙක අතිච්ඡාදනය වෙමින් දෙකෙලවර දත් දක්වා ව්‍යාප්තව පවතී

ජීව විද්‍යාව සහ පරිසර විද්‍යාව......

හඳුනාගත් නිශ්චිත ප්‍රදේශ වල මෙම මෝරුන් ගහණය අධික වුවත්, කැරිබියානු ගල්පර මෝරා රික්වියෙම් මෝරුන් අතරින් ඉතාමත් අවම වශයෙන් අධ්‍යයනයට ලක්වූ සත්වයෙකි. කැරිබියානු ගල්පර ප්‍රජාවන්හි විවිධ හැඩගැන්වීම් කෙරෙහි මොවුන්ගේ ඉතා විශාල දායකත්වයක් ඇති බව පිලිගත් කරුණකි. මෙම මෝරුන් සෘතු වෙනස්වීම් වලදී ක්‍රියාකාරීත්වයේ වෙනසක් හෝ සංක්‍රමණයක් නොපෙන්වන අතර රාත්‍රී කාලයේදී බොහෝ ක්‍රියාකාරී බවක් පෙන්නුම් කරයි. ළපටි කැරිබියානු ගල්පර මෝරුන් වසර මුලුල්ලේම සීමිත ප්‍රදේශයක රැඳෙන අතර වැඩිහිටි මෝරුන් විශාල ප්‍රදේශයක හැසිරෙනු දැකිය හැක.

ඇතැම් අවස්ථා වලදී කැරිබියානු ගල්පර මෝරුන් මුහුදු පතුලේ හෝ ගුහාවන් තුල නොසෙල්වී අක්‍රීයව සිටිනු දැකිය හැකිය; මෙවැනි හැසිරීම් රටාවක් වාර්තා වූ ප්‍රථම ක්‍රියාකාරී මෝරුන් විශේෂය මොවුන් වේ. 1975 වසරේදී ඉයුජිනි ක්ලාර්ක් "Eugenie Clark" යුකටන් පෙනින්සුලා "Yucatan Peninsula" ප්‍රදේශයට ඔබ්බෙන් වූ ඉස්ලා මුජෙරෙස් "Isla Mujeres" අවට පිහිටා ඇති ගුහාවන් තුල "නිදන මෝරුන්" විමර්ශනය කරන ලදී. එහිදී තහවුරු කරගන්නා ලද්දේ මෝරුන්ගේ ඇස් විවිධ චලනයන් දැක්වීම හේතුවෙන් ඔවුන් සත්‍ය වශයෙන්ම නිද්‍රෝපගත නොවන බවයි. ගුහා තුල පවතින නැවුම් upwelling ජලය, මෝරුන්ගේ පරපෝෂිත බව ලිහිල් කරමින් සුඛදායක "මත් බවින් යුක්ත" බලපෑමක් ඇතිකරන බව ක්ලාර්ක් අනුමාන කරන ලදී.  යම් අනතුරු හැඟවීමකදී, කැරිබියානු ගල්පර මෝරුන් ඇතැම් අවස්ථා වලදී කෙටි ගැස්සෙන සුළු අන්දමකින් දිශාව වෙනස් කරමින් සහ ළය වරල් කෙටි (තත්පර 1-1.2 ක ප්‍රවර්ථන කාලය ), පුනරාවර්ත ආකාරයකින් පහත් කරමින් ගර්ජන විදහා දැක්වීමක් පෙන්නුම් කරයි. මෙම විදහා දැක්වීම අළු ගල්පර මෝරා ගේ "grey reef shark" (සී. ඇම්බ්ලිරයින්චොස් - C. amblyrhynchos) ඉහළින් පසක් කරගත් විදහා පෑම තරම් සුපැහැදිලි නොවේ.

විශාල මෝරුන් වන කොටි මෝරා (ගැලියොසර්ඩෝ කුවියර් - Galeocerdo cuvier) සහ ගව මෝරා (සී.ලියුකස් - C. leucas) විසින්ළපටි කැරිබියානු ගල්පර මෝරුන් අල්ලා ගොදුරු කරගනු ලබයි. මෙම විශේෂය සඳහා පරපෝෂිතයින් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර අඳුරු පැහැ විචිත්‍ර කූඩැල්ලෙකු බොහෝවිට පෘශ්ඨීය වරලේ එල්ලී සිටිනු දක්නට ලබේ. උතුරු බ්‍රසීලයට ඔබ්බෙන් ජීවත්වන කහනාසා ගෝබි (එලකැටිනස් රන්ඩල්ලි - Elacatinus randalli) නම් කුඩා මාලුන්, මෝරුන් මුහුදු පතුලේ නිසලව සිටින අවස්ථාවන්හිදී ශරීරයේ ඇලී සිටින පරපෝෂිතයින් පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතවන බැවින් ළපටි කැරිබියානු ගල්පර මෝරුන් බොහෝවිට ඔවුල්ගේ සහය පතයි. හෝස් - අයි ජැක් (කැරන්කස් ලේටස් - Caranx latus) මාළුන් and බාර් ජැක් (කැරන්ගොයිඩෙස් රියුබර් - Carangoides ruber) මාළුන් පුරුද්දක් වශයෙන් කැරිබියන් ගල්පර මෝරා අවට ගැවසෙනු දැකිය හැකිය.

ආහාර රටා....

කැරිබියානු ගල්පර මෝරුන්ගල්පර වාසස්ථාන කරගත් කුඩා මාලුන්, බූවල්ලන්සහ ඊගල් රේ (ඒටොබටුවා නරිනාරි - Aetobatus narinari) හා යෙලෝ ස්ටින්ග්‍රේ (යුරොබාටිස් ජමයිසෙන්සිස් - Urobatis jamaicensis) යන එලස්මොබ්‍රාන්ච් elasmobranch සතුන්ද ආහාරයට ගනියි. මාළුන්ගේ කැලඹීම් දක්වන අඩු සංඛ්‍යාත ශබ්ද තරංග සඳහා ආකර්ශනය වේ. මීටර් 2 (අඩි 6.6) ක් දිග පිරිමි කැරිබියානු ගල්පර මෝරෙකු යෙලෝටේල් ස්නැපර් yellowtail snapper මත්ස්‍යයෙකු ගොදුරුකර ගැනීමක් නිරීක්ෂණය කල එක් අවස්ථාවක, මෝරා පළමුව උදාසීන අයුරින් වටකර කිහිපවිටක් නොසැලකිලිමත් ලෙස ලන්වී, හදිසියේ වේගය වැඩිකර ම්ත්ස්‍යයාගේ හනුවෙන් අල්ලාගැනීම උදෙසා හිස පසෙකට වනමින් ගමන් කරනු දැකිය හැකි විය. නොමේරූ මෝරන් කුඩා මාලුන්, කූනිස්සන් සහ කකුලුවන් ගොදුරුකර ගනිමින් ජීවත් වේ. දිරවිය නොහැකි ද්‍රව්‍යය, පරපෝෂිත‍යින් සහ ලාටු ඉවත් කිරීම සඳහා කැරිබියානු ගල්පර මෝරුන් හට ඔවුන්ගේ උදරය පිටතට පෙරළිමට හැකියාවක් ඇත. 

ජීව ඉතිහාසය...

ප්‍රජනනය ජලාබුජ ආකාර වේ. කලලය තරමක් වර්ධනය වීමෙන් පසු, මෝර මවගෙන් පෝෂණය ලබාගැනීම සඳහා කලලය අඩංගු පටලමය කෝෂය විසින් කලල බන්ධයක් වර්ධනය කරගනියි. බොහෝවිට ගැහැනු සත්වයාගේ ශරීර්යේ දෙපස සැපීම් කැලැල් සහ තුවාල දැකියහැකි බැවින්, සංසර්ගය ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි වේ. බ්‍රසීලයට ඔබ්බෙන් වූ ෆර්නැන්ඩෝ ඩි නොරොන්හා ආකිපෙලගෝ (Fernando de Noronha Archipelago) සහ ඒටොල් ඩාස් රෝකස් (Atol das Rocas) යන ප්‍රදේශන්හි වියළි කාලයේ dry season අග භාගය වන පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ප්‍රසව ක්‍රියාවලිය සිදුවන අතර දක්ෂිණ අර්ධගෝලයේ අනෙකුත් ප්‍රදේශය්න්හි ඇමේසන් ගිම්හාන සෘතු පවතින නොවැම්බර් සිට දෙසැම්බර් කාලයේ ගැහැණු සත්වයා විසින් ප්‍රසූත ක්‍රියාවලියේ යෙදෙයි. ගර්භණී කාලය වසරක් වන අතර එක් වරක හතර-හය අතර ප්‍රමාණයක් උපත ලබයි. ගැහැණු මෝරා වසර දෙකකට වරක් පැටවුන් බිහි කරයි. අලුත උපන් පැටවුන් සෙ.මී 74 කට වඩා දිගු නොවන අතරද; පිරිමි මෝරුන් මීටර් 1.5-1.7 සහ ගැහැණු මෝරුන් මීටර් 2-3 පමණ දිගු වන විට පරිණත බවට පත්වේ.

මානව අන්තර්ක්‍රියා....

සාමාන්‍යයෙන් කිමිදුම් කරුවන් අභියස උදාසීන හෝ ලැජ්ජාශීලී ලෙස හැසිරෙන කැරිබියානු ගල්පර මෝරා ආහාර ඇති තැන්හි ආක්‍රමණශීලී ලෙස හැසිරෙන් අතර අනතුරුදායක සත්වයෙකු ලෙස හැඳින්වීමට තරම් විශාල ලෙස වර්ධනය වේ. 2008 වර්ශයේදී අන්තර්ජාතික මෝර ආක්‍රමණ ලිපිගොනුව ශ්‍රේණිගත කරන පරිදි මෙම විශේෂයට ආරෝපිත ආක්‍රමණ 27න් 4ක් ප්‍රකෝපයෙන් සිදුනොවුන සහ මාරාන්තික නොවන ලෙස හන්ඳුනාගෙන ඇත.

මෙම විශේෂය වාණිජ, කාර්මික, longline සහ gillnet යන ධීවරයනි විසින් අල්ලනු ලබයි. මොවුන් මාංස, පදම්කල සම්, අක්මා තෙල් සහ මාළු ආහාර සඳහා වටිනාකමක් උසුලයි. කොලොම්බියා වේ ඉතාමත් බහුල ලෙස අල්ලනු ලබන මෝරුන් විශේෂය කෑරිබියානු ගල්පර මෝරා වේ. සඳහා මූලික හේතුව, ඔවුන්ගේ දළ, මෝර තෙල් හා හනු(විසිතුරු කර්මාන්ත සඳහා විකුණනු ලබයි) ලබාගෑනීම වේ. බෙලිස් හි මෙම වර්ගයා මූලික වශයෙන් bycatch ලෙස, grouper සහ snapper ඈල්ලීම සඳහා යොදනු ලබන කොකු ඈමෙහි පෑටලෙයි; දළ, ලාබදායී ආසියානු වෙළඳපලට විකුණනු ලබන අතර, මාංස කොටස්, "panades" (tortilla වෑනි ඖෂධයක්) නිපදවීම සඳහා, බෙලිස්, මෙක්සිකෝ සහ ගෝතමාලා වට විකුණනු ලබයි. 1900 මෑද භාගයේ පටන් 1990 මුල් අවධිය දක්වා බෙලිස් හි ක්‍රියාත්මක වූ මෝර ධීවර මධ්‍යස්ථානයක් හේතුවෙන් මෝර විශේෂයන්හි සීග්‍ර අඩුවීමක් සිදුවිය. මෙම විශේෂයන්හි මාංස වල මෙතිල්මර්කරි සහ අනිකුත් බෑර ලෝහ විශාල වශයෙන් අඩංගු විය හෑක..

මෝරුන් පෝෂණය........

ඈම යොදාගෑනීමෙන් මෝරුන් කිමිදුම්කරුවන් වෙත ආකර්ෂණය කරගනිමින් සිදුකරන "මෝරුන් පෝෂණය" ඈසුරු කරගනිමින් ලාබදායක සංචාරක ආකර්ෂණ ව්‍යාපාරයක් ආරම්භ වී ඈත. US$6,000,000 ක පමණ මුදලක් මෝරුන් දර්ශනය සඳහා බහමාස් හිදී වාර්ශිකව යොදවන අතර සමහර ස්ථානයන්හිදී ජීවමාන කෑරිබියානු ගල්පර මෝරෙකුගේ වටිනාකම US$13,000 සහ US$40,000 අතර ප්‍රමාණයක් වේ ( ජීවමාණ මෝරෙකුගේ එක්වරක දර්ශන වටිනාකම US$50 සහ අජීවී මෝරෙකුගේ දර්ශන වටිනාකම US$60 ක් වේ).  මෙම ක්‍රියාව මතභේදයට තුඩුදුන් කරුණක් වනුයේ, ගල්පර මාළුන් ඉවත්කිරීමෙන් දේශීය පරිසර පද්ධතිය හානිවීම සහ මෝරුන්, ආහාර සඳහා මිනිසා ඈසුරු කිරීමෙන් මෝර ආක්‍රමණ වෑඩිවීමේ අවධානමක් ඈතිබව ප්‍රතිපාක්ෂිකයින් කරුණු ගෙනහෑර දෑක්වීම හේතුවෙනි. මෙයට ප්‍රතිවිරුද්ධව යෝජකයින් දරන මතය නම්, මෝරුන් ආරක්ෂාකරමින් ඔවුන් සංරක්ෂණය සඳහා දායක වීමත්, මෝරුන් පිළිබඳව ජනයා දෑනුවත් කිරීමට හෑකිවීමත්ය. මේ දක්වා ඒ අවට ප්‍රදේශයෙහි මෝරුන් පෝෂණය හේතුවෙන් මෝර ආක්‍රමණ අවධානම වෑඩිවී ඈතිබවට සාධක පවතිනුයේ ඉතා අල්ප වශයෙනි ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ මෝරුන් පෝෂණය නීතියෙන් තහනම් කර ඈතත් කෑරිබියානු මුහුදේ අනෙකුත් ස්ථානයන්හි එය තව දුරටත් ක්‍රියාත්මක වේ.

සංරක්ෂණය

කෑරිබියානු ගල්පර මෝරා, ආසන්න තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස International Union for Conservation of Nature (IUCN) විසින් තක්සේරුකර ඈත. අධික මසුන් ඈල්ලීම හේතුවෙන් බෙලිස් සහ කියුබාව අවට මෝරුන් ගහණය අඩුවී ඈති අතර අනෙකුත් කලාපයන්හිද එය සිදුවෙමින් පවතියි. හිරිගල්පර පරිසර පද්ධතිය කෙළෙසීම සහ විනාශය හේතුවෙන්ද ඔවුන් තර්ජනයට ලක්වී ඈත. ඈමෙරිකා එක්සත් ජනපදය ආශ්‍රිත මුහුදේ මෙම විශේෂයෙහි වාණිජ මසුන් ඈල්ලීම තහනම්කර ඈත බහමාස් හි සහ බ්‍රසිල් වලට ඔබ්බෙන් ඈති අනෙකුත් සමුද්‍ර ආරක්ෂිත කලාප බොහොමයක ද පරිසර පද්ධතියේ ඔවුන්ගේ වෑදගත්කම හේතුවෙන් රක්ෂිත කර ඈත. කෙසේනමුත් මෙම සංචිතය කිහිපයක නීතිවිරෝධී මසුන් ඈල්ලීම කෙරෙහි බලපැම අඩු අතර බොහෝ කලාපවල මෙම විශේෂයන්හි බොහොමයක් ආරක්ෂිත බවින් තොරය.......

මෙගලෝඩන් මෝරෙකු කෙතරම් විශාල වන්නට ඇතිද......

මෙගලෝඩන් යනු අදින් වසර මිලියන 23 කට පමන ඉහත සිට ජීවත් වූ දැවැන්ත මෝරුන් විශේෂය කි. ඔවුන් අදින් වසර මිලියන 3.6 කට ඉහත දී වඳවී යන තුරු, සාගරයේ ආදිපත්‍ය දැරූ බව නොරහසකි. නමුත් මොරුන් විශේෂයක් ලෙස ඔවුන් කෙතරම් විශාලව වර්ධනය වන්නට ඇත්ද යන්න මෙතෙක් නිශ්චිතව පැවසීමට නොහැකි විය. ඊට හේතුව වන්නේ සොයාගෙන ඇති බොහොමයක් මෙග⁣ලෝඩන් පොසිල ඔවුන් ගේ දත් වලට පමනක් සීමා වීමයි. මෝරුන් ගේ අස්ථි වළින් වැඩි කොටස කාටිලේජ වීම නිසා ඒවා පොසිල කරණය වන්නේ කලාතුරකිනි. නමුත් මෑතක දී කරන ලද අද්‍යයනය කින් හෙලි යූයේ, මෙගලෝඩන් ඔර්කා තල්මසෙකුව කටගැස්ම පහකින් කා දැමීමට තරම් විශාල වූ බවයි. 

Swansea විශ්ව විද්‍යාලයේ පැලියෝ ජීව විද්‍යාඥයෙකු වන ජැක් කූපර් විසින් මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායමක් මගින් මෙගලෝඩන් ගේ චලනය සහ හැසිරීම් වටහා ගැනීම සඳහා සුවිශේෂී පරික්ෂණයක් සිදුකරන ලදී. ඒ හොඳින් සංරක්ෂණය කරන ලද දුර්ලභ ගනයේ මෙගලෝඩන් කොඳු ඇට පෙලක් ආධාරයෙන් සාපේක්ෂ සිරුර ත්‍රිමානව ප්‍රතිනිර්මාණය කිරීමෙනි. ඒ සඳහා ඔවුන් පළමුව නූතන මහා සුදු මෝරෙකු ගේ සිරුරේ මාංශ පේශි පිහිටීම සම්පූර්ණ ස්කෑන් පරීක්ෂණයක් මගින් ගණනය කොට එය මෙගලෝඩන් ගේ අස්ථි අවශේෂ සමග අනුපාතයක් ලෙස සසඳන ලදී. මෙලෙස ඔවුන් විසින් ගණනය කරන ලද මෙගලෝඩන් නිදර්ශකයේ දිග 16m හෙවත් අඩි 52 විය. අස්තමේන්තු කල බර 61,560kg හෙවත් රාත්තල් 135,717ක් පමණ විය. මෙය ඔවුන් ගේ සාමාන්‍ය ප්‍රමානය වුවත් විශාලතම නිදර්ශක අඩි 65 ක් පමන විය හැකි බවට අනුමාන කෙල හැකිය. 

මෙම විශාල ශරීර ස්කන්ධය නඩත්තු කිරීම සඳහා ඔවුන්ට දෛනිකව කැලරි 98,175 ප්‍රමානයක් අවශ්‍ය විය. එය මහා සුදු මෝරෙකුට අවශ්‍ය කරන දෛනික කැලරි ප්‍රමානය මෙන් 20 ගැනයකි. මේ හේතුව නිසා මෙගලෝඩන් නිසැකවම විශාල තල්මසුන්ව පවා ඉලක්ක කරන්නට ඇත. ඔවුන්ට නූතන සුදු මෝරුන්ට වඩා වේගයෙන් පිහිනිය හැකිය. සාමාන්‍යයෙන් පැයට සැතපුම් 3.1 ක පමන වේගයෙන් යාත්‍රා කරන මෙගලෝඩන් මෝරෙකුට විශාල ගොදුරක් මුන ගැසීමට ඇති අවස්ථාව වැඩිය. ඕර්කා වැනි තල්මසුන් විශේෂ අඩි 26 ක් පමන දිග සහ ටොන් 8 ක් පමන බර වන බැවින් එය මෙගලෝඩන්ට හොඳ ගොදුරක් බවට පත්වන්නට ඇත. කෙසේ වෙතත් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ නුතන විශාල තල්මසුන් ගේ ප්‍රමානයේ මසුන්ව සම්පූර්ණයෙන් ආහාරයට ගැනීමට මෙගලෝඩන්ට නොහැකි බවයි. මෝරුන් වරකට ආහාරයට ගන්නේ සිය ශරීර බරෙන් 0.5% - 0.3% පමන ප්‍රමානයකි. මහා සුදු මෝරුන්ට මෙන්ම වරක් ආහාර ගෙන බොහෝ කාලයක් නිරාහාරව සිටීමේ හැකියාවද ඔවුන්ට ඇත.

.....................අන්තර්ජාලය ඇසුරෙනි.................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

සාගරයේ යක්ශයා හෙවත් මෝරා (Shark) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සාගරයේ යක්ශයා හෙවත් මෝරා (Shark) සාගරයේ යක්ශයා හෙවත් මෝරා (Shark) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment