තැඹිලි වයින් හදමු (Thabili Wayin Hadamu)

තැඹිලි වයින් හදමු (Thabili Wayin Hadamu) - Your Choice Way

ඔන්න අදත් මං ඔයාලට තවත් වයින් රෙසිපි එකක් අරගෙන ආවා .  ඉතිං ඔයාලට හැමදාම පාවිච්චි කරන්න නෙමෙයි , උත්සව අවස්තාවකදි ඔයාලගෙ ආදරණීයයන් වගේම අමුත්තන්  වෙනුවෙන් නිවසේම ඔයාලට  ඉතාම අඩු වියදමකින් හදා ගන්න පුළුවන් 😊

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍷 තැඹිලි වතුර බෝතල් 1 1/2 ක්
  • 🍷 සීනි ග්‍රෑම් 500 ක්
  • 🍷 යීස්ට් තේ හැඳි 1 ක්
  • 🍷 දෙහි ගෙඩියක යුෂ
  • 🍷 කරාබුනැටි 5 ක් පමණ
  • 🍷 කරඳමුංගු 6ක් පමණ
  • 🍷 කුරුඳු පොතු කැබැල්ලක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔥 මුලින්ම මද උණුසුම් වතුර කෝප්ප 1/2 ක යීස්ට් සහ සීනි මේස හැන්දක් දමා දියකර පිපෙන්න තබන්න.
  2. 🔥 දැන් වියලි මැටි හෝ වීදුරු පිරිසිදු බඳුනක් ගෙන , එයට තලාගත් කරඳමුංගු , කරාබුනැටි , කුරුඳු පොතු , සීනි සහ තැඹිලි වතුර එකතු කරන්න. එයට පිපෙන්න තැබූ යීස්ට් මිශ්‍රණය ද  එකතු කර සීනි දියවන තුරු හොඳින් මිශ්‍ර කරන්න.
  3. 🔥 පිරිසිදු රෙදි කඩකින් කට ගැට ගසා ඉර එලිය නොවැටෙන ස්තානයක නොසෙල්වා දින 10 ක් තබන්න.
  4. 🔥 මුල් දින 10 තුල ද්‍රාවණය පැසීමට ලක් වන නිසා කට තදින් වසන්න එපා.
  5. 🔥 දින 10 කට පසු පිරිසිදු රෙදි කැබැල්ලකින් පෙරා ගන්න.
  6. 🔥 දින 2,3 කට පසු නැවත පෙරා ගන්න. පැහැදිලි ද්‍රාවණයක් ලැබෙන තුරු මෙසේ 4, 5 වතාවක් වරින් වර පෙරා ගන්න. පුනීලයකට පුලුං හිරකර පෙරා ගැනීමෙන් පැහැදිලි ද්‍රාවණයක් ලබා ගන්න පුළුවන්.
  7. 🔥 අවසානයට සීනි ග්‍රෑම් 50 ක් පමණ කැරමල් කර නිවුනු පසු බෝතල් වලට දමා පුලුං ගැසූ පුනීලයකින් මංඩි නොවැටෙන ලෙස පෙරා ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
තැඹිලි වයින් හදමු (Thabili Wayin Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තැඹිලි වයින් හදමු (Thabili Wayin Hadamu) තැඹිලි වයින් හදමු (Thabili Wayin Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2022 Rating: 5

0 comments:

Post a Comment