Sada Walawo Song Lyrics - සැඳෑ වලාවෝ ගීතයේ පද පෙළ

Sada Walawo Song Lyrics - සැඳෑ වලාවෝ ගීතයේ පද පෙළ
Song Title : Sada Walawo (සැඳෑ වලාවෝ)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : දයානන්ද කුමාරසිරි
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සැඳෑ වලාවෝ මගේ නෙත ගැටී
මවා සිහින සිතුවම්
හොවා හදේ වේදනා අතීතේ
බලා සිටී සතුටින් //

එදා ඔබේ රසවත් නුවන් යුග
සෙනේහයේ දියරෙන්
තෙමා දැමූ ඒ සැන්දෑ කාලයේ
මගේ හිතේ මනරම්

සිකුම් පැතුම් ගැටි ගැටී මවා පෑ
අනාගතේ සිතුවම්
නිරන්තරේ දියවී මැකී ඇත
වියෝගයේ කඳුළින්

සැඳෑ වලාවෝ මගේ නෙත ගැටී
මවා සිහින සිතුවම්
හොවා හදේ වේදනා අතීතේ
බලා සිටී සතුටින්

කඳුළු කුළිව් මතුවී නැගී එන
සිනා හදේ මැවිලා
අඳුරු වලා අතරින් පෙනේ මට
රුවන් වලා රැඳිලා

සුපුන් සඳේ ඔබ නැවත වඩින් අද
හිතේ පැතුම් පුරවා
තබන්නෙපා වේදනා හිතේ මගෙ
අඳුරු වලා එවලා

සැඳෑ වලාවෝ මගේ නෙත ගැටී
මවා සිහින සිතුවම්
හොවා හදේ වේදනා අතීතේ
බලා සිටී සතුටින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Walawo Song Lyrics - සැඳෑ වලාවෝ ගීතයේ පද පෙළ Sada Walawo Song Lyrics - සැඳෑ වලාවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment