Ihala Balan Song Lyrics - ඉහළ බලන් ගීතයේ පද පෙළ

Ihala Balan Song Lyrics - ඉහළ බලන් ගීතයේ පද පෙළ
Song Title : Ihala Balan (ඉහළ බලන්)
ගායනය : විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


ඉහළ බලන් කළ වරදට ඉකිබිඳ
වැළපෙන ඛලුවර අහස මමයි

පහළ බලන් සීතට පා තැවරෙන
තණ නිල්ලේ පිණි කඳුළ මමයි

ඈත බලන් හද තරහ නිවන්නට
නිදියන සීතල සුළඟ මමයි

හැරී බලන් නුඹෙ දෙපා යදින්නට
හැරී බලන් නුඹෙ දෙපා යදින්නට
බිම ඇදෙනා සෙවනැල්ල මමයි

ඉහළ බලන් කළ වරදට ඉකිබිඳ
වැළපෙන ඛලුවර අහස මමයි

පහළ බලන් සීතට පා තැවරෙන
තණ නිල්ලේ පිණි කඳුළ මමයි

දසත බලන් නුඹෙ සවනට කොඳුරන
වැළපෙන දුක්මුසු ගීය මමයි
 
මදෙස බලන් ඒ ගීයට ගීයක්
මදෙස බලන් ඒ ගීයට ගීයක්
ගයමින් සැනසෙන කුසුම මමයි

ඉහළ බලන් කළ වරදට ඉකිබිඳ
වැළපෙන ඛලුවර අහස මමයි

පහළ බලන් සීතට පා තැවරෙන
තණ නිල්ලේ පිණි කඳුළ මමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ihala Balan Song Lyrics - ඉහළ බලන් ගීතයේ පද පෙළ Ihala Balan Song Lyrics - ඉහළ බලන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 13, 2022 Rating: 5

0 comments:

Post a Comment