Sisilasa Danawana Song Lyrics - සිසිලස දනවන ගීතයේ පද පෙළ

Sisilasa Danawana Song Lyrics - සිසිලස දනවන ගීතයේ පද පෙළ
Song Title : Sisilasa Danawana (සිසිලස දනවන)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : සනත් නන්දසිරි


සිසිලස දනවන බැති සිත් පිනවන
සුන්දර මහමෙවුනාවේ
හිමියන් සෙල් රුව වැඩ හිඳි සෙවණින
උතුරයි සුව කරුණාවේ //

සිලි සිලි නද බැඳ
බෝපත් සෙලවෙන
සිරි මහ බෝ සෙවණේ

ලොව්තුරු බුදුවරු සැනහුණු සැතපුණු
සුව දෙන අම නිවනේ //

සිසිලස දනවන බැති සිත් පිනවන
සුන්දර මහමෙවුනාවේ
හිමියන් සෙල් රුව වැඩ හිඳි සෙවණින
උතුරයි සුව කරුණාවේ

චන්දන සුවඳින
නෙත් සිත් පොබවන
හිමි පද පහස සොයා

කප් යුග දහසක් සසරෙහි ඇවිදිමි
නොපෙනෙන දෙනෙත අයා //

සිසිලස දනවන බැති සිත් පිනවන
සුන්දර මහමෙවුනාවේ
හිමියන් සෙල් රුව වැඩ හිඳි සෙවණින
උතුරයි සුව කරුණාවේ //

Sisilasa Danawana Song Lyrics - සිසිලස දනවන ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sisilasa Danawana Song Lyrics - සිසිලස දනවන ගීතයේ පද පෙළ Sisilasa Danawana Song Lyrics - සිසිලස දනවන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment