Sinha Kodiya Ihala Nagi Song Lyrics - සිංහ කොඩිය ඉහළ නැගී ගීතයේ පද පෙළ

Sinha Kodiya Ihala Nagi Song Lyrics - සිංහ කොඩිය ඉහළ නැගී ගීතයේ පද පෙළ
Song Title : Sinha Kodiya Ihala Nagi (සිංහ කොඩිය ඉහළ නැගී)
ගායනය : විවියන් ද සිල්වා බොරලැස්ස සහ පිරිස
පද : තු.ව. කුසුම්පාල
තනුව : සනත් නන්දසිරි


සිංහ කොඩිය ඉහළ නැගී කිම ද කියන්නේ
සිංහලයන්ගේ රණ ගී අනුව නටන්නේ
ගංගා ඇළ දොළ නිල් දිය ඔසරි අඳින්නේ
රන්වන් කෙත් පැසී නැමී සෙමෙර සලන්නේ

මෙත් සිලිලයි සමනොල ගිරි හිසින් ගලන්නේ
සද් දහමයි සෙංකඩගල දෙසින් ඇසෙන්නේ
ගල් කණු ළඟ මහා වැව් ළඟ සුවඳ හමන්නේ
මල් දහසක් හෙළ විරුවන් නමට පිපෙන්නේ

සිංහ කොඩිය ඉහළ නැගී කිම ද කියන්නේ
සිංහලයන්ගේ රණ ගී අනුව නටන්නේ

සිඳු රැළ අත් මුදුනෙ තබා අපට වඳින්නේ
සඳුක් හිරුත් කිරණ දෙවා දෙරණ සිපින්නේ
සිංහ කොඩිය සිංහල ගී හඬට නටන්නේ
සිංහලයේ පින්වත් බව ලොවට කියන්නේ

සිංහ කොඩිය ඉහළ නැගී කිම ද කියන්නේ
සිංහලයන්ගේ රණ ගී අනුව නටන්නේ
ගංගා ඇළ දොළ නිල් දිය ඔසරි අඳින්නේ
රන්වන් කෙත් පැසී නැමී සෙමෙර සලන්නේ

Sinha Kodiya Ihala Nagi Song Lyrics - සිංහ කොඩිය ඉහළ නැගී ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinha Kodiya Ihala Nagi Song Lyrics - සිංහ කොඩිය ඉහළ නැගී ගීතයේ පද පෙළ Sinha Kodiya Ihala Nagi Song Lyrics - සිංහ කොඩිය ඉහළ නැගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2022 Rating: 5

0 comments:

Post a Comment