Piduru Sevi Kala Palpathe Song Lyrics - පිදුරු සෙවි කළ පැල්පතේ ගීතයේ පද පෙළ

Piduru Sevi Kala Palpathe Song Lyrics - පිදුරු සෙවි කළ පැල්පතේ ගීතයේ පද පෙළ

Piduru Sevi Kala Palpathe Song Lyrics - පිදුරු සෙවි කළ පැල්පතේ ගීතයේ පද පෙළ
Song Title : Piduru Sevi Kala Palpathe (පිදුරු සෙවි කළ පැල්පතේ)
ගායනය : සිසිර සේනාරත්න
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයක්.සිසිර සේනාරත්න චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂකවරයෙක් ලෙස දොරට වැඩි මේ චිත්‍රපටියට, 1966 පැවති සරසවි සම්මාන උළෙලේදී වසරේ දක්ෂ්‍යතම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි විය.


සීත දිය රැලි නීල ගංගා
සාර කෙත් වතු මැද ගලා යයි
ඕළු මානෙල් නෙළුම් නැළවෙන
වැව් පොකුණු ගම අලංකාරයි

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ //
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි
මෙහි තිබේ හොඳ ආදරේ //

කැලෑ මල් වල සුවඳ බීගෙන
හමන මදනල වාසනාවන්
දුරින් ඉඳ ඒ කුරුළු ගී හඬ
නැති කරයි හද වේදනාවන්
අහිංසක ගැමි ජීවිතේ
මැනේ පියවර මේ බිමේ

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ

වියෝ ගිණි මැද දැවෙන ජීවිත
අද වගේ හෙට හමු නොවේවා
සමාදානය සැබෑ ආලය
දිනෙන් දින මතුවී පෙනේවා
මේ බිමට නොවෙනස්ව ඉර හඳ
සෑමදා රැස් කිරණ දේවා

පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
සාමෙ නැත මහ මන්දිරේ //
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි
මෙහි තිබේ හොඳ ආදරේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piduru Sevi Kala Palpathe Song Lyrics - පිදුරු සෙවි කළ පැල්පතේ ගීතයේ පද පෙළ Piduru Sevi Kala Palpathe Song Lyrics - පිදුරු සෙවි කළ පැල්පතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment