Aloke Pathura Song Lyrics - ආලෝකේ පතුරා ගීතයේ පද පෙළ

Aloke Pathura Song Lyrics - ආලෝකේ පතුරා ගීතයේ පද පෙළ

Aloke Pathura Song Lyrics - ආලෝකේ පතුරා ගීතයේ පද පෙළ
Song Title : Aloke Pathura (ආලෝකේ පතුරා)
ගායනය : සිසිර සේනාරත්න
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ හඳපාන චිත්‍රපටියේ ගීයකි.1966 දී පැවති 3 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි සම්මානය මෙම චිත්‍රපටියට හිමි විය.


ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...

ආලෝකේ පතුරා
මුළු ලෝකේ ඔපලා
චන්ද්‍රා හෙමින් එයි නැගී
ලොව මිහිර නොබලා
රස සිහින පෙනිලා
මගේ මැණික සුවසේ නිදී //

කොවුලන්ගේ මධු ගීත
සුළඟින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහී

ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...

ඕ ...
සියොතුන් හඬන්නේ
මොණරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියා ගනී

කොඳ මල් සිනාසේ
විල් නිල් ජලාසේ
රණ හංසයෝ පීනතී
සඳ කැන් බිබී නෑවෙතී

කිංකිණි නොසොල්ලා
නටමින් වරෙල්ලා
සුර කෙල්ලනේ ඈ නිදී
මගේ මැණික සුවසේ නිදී

ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...

ම්.. ම් ම් ම් ම්... ම් ම් ම් ම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aloke Pathura Song Lyrics - ආලෝකේ පතුරා ගීතයේ පද පෙළ Aloke Pathura Song Lyrics - ආලෝකේ පතුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2022 Rating: 5

0 comments:

Post a Comment