Obage Ammada Nathnam Obage Biridada Song Lyrics - ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ගීතයේ පද පෙළ

Obage Ammada Nathnam Obage Biridada Song Lyrics - ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ගීතයේ පද පෙළ
Song Title : Obage Ammada Nathnam Obage Biridada (ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද
ඔබ ආදරෙ මේ දෙන්නගෙන් කාටද
ගෑණු අපිට සිය ගණන් සෙව්වැකී
අම්ම කිව්වොත් එක්කෙනයි බොරැ නැතී

අතමිට කාසි පණම් ඇතිවිට
එතකොට ගෑණුත් ඇති වටපිට
එයාලා අතමිට නැති දා හැර යයි යන්නට
අම්ම එහෙම කරයිද තම පුතාට

සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

රජතුමා සහ බිසව කැලේ යනවිට
වැදි කුමරෙක් කඩා පැන්නා සටනට
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට
ආස හිතුණා රජතුමාගෙ බිසවට

කඩුව ඇගෙන් රජතුමා ඉල්ලන විට
කඩු කොපුව රජුට කඩුව දුන්නා වැද්දට
අන්න ඒක නිසා නහින්න වුණා රජාට
අම්ම එහෙම කරයිද තම පුතාට

එදා චූලපදුම රජතුමාගෙ බිසවට
පිපාසෙ වුණා කාන්තාරෙ යනකොට
රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට
රජු එතරම් ආදරෙන් සිටිය බිසවට

ඈ ආස හිතිල අත පය නැති කොටෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහළට
අම්ම එහෙම කරයිද තම පුතාට

සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපිට එයයි ආදරේ

අම්මයි තාත්තයි මගෙ ජීවිතය
මම මේ දෙදෙනාගෙ ලොකුම පුතුය
මේ දෙදෙනව රැකීම මට යුතුය
අන්න ඒකයි හොඳ පුතෙකුගෙ හොඳ ගතිය

ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හින්දා

සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපිට එයයි ආදරේ

සන්ෆ්ලවර් සමග ගීය (පද වෙනස් ස්ථාන වල තබා ගැයේ)

ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද
ඔබ ආදරෙ මේ දෙන්නගෙන් කාටද
ගෑණු අපට සිය ගණන් සෙව්වැකී
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරැ නැතී

අතමිට කාසි පණම් ඇතිවිට
එතකොට ගෑණුත් ඇති වටපිට
එයාලා අතමිට නැති දා හැර යයි යන්නට
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට

සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

එදා චූලපදුම රජතුමාගෙ බිසවට
පිපාසෙ වුණා කාන්තාරෙ යනකොට
රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට
රජු එතරම් ආදරෙන් සිටිය බිසවට

ඈ ආස හිතිල අත පය නැති කොරෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහළට
අම්ම එහෙම කරයිද තම පුතාට

එදා රජතුමා සහ බිසව කැලේ යනවිට
වැදි කුමරෙක් කඩා පැන්නා සටනට
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට
ආස හිතුණා රජතුමාගෙ බිසවට

කඩුව ඇගෙන් රජතුමා ඉල්ලූ විට
කඩු කොපුව රජුට කඩුව දුන්නා වැද්දට
අන්න ඒක නිසා නහින්න වුණා රජාට
අම්ම එහෙම කරයිද තම පුතාට

ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා

සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obage Ammada Nathnam Obage Biridada Song Lyrics - ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ගීතයේ පද පෙළ Obage Ammada Nathnam Obage Biridada Song Lyrics - ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment