Elawalu Vikunana Lisi Akka Song Lyrics - එළවලු විකුණන ලිසි අක්කා ගීතයේ පද පෙළ

Elawalu Vikunana Lisi Akka Song Lyrics - එළවලු විකුණන ලිසි අක්කා ගීතයේ පද පෙළ
Song Title : Elawalu Vikunana Lisi Akka (එළවලු විකුණන ලිසි අක්කා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : වර්නන් පෙරේරා
තනුව : ලාල් තේනබදු


එළවලු විකුණන ලිසි අක්කා
හිමිදිරි උදයෙම මම දැක්කා
ගෙයින් ගෙයට එළවලු වික්කා
විකුණලා දරු පවුලක් රැක්කා

වැටකොලු පිපිඤ්ඤා බණ්ඩක්කා
ගෝවා නෝකෝල් වට්ටක්කා
අළුත්ම එළවලු ඈ වික්කා
විකුණලා දරු පවුලක් රැක්කා

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
මේ ලිසි අක්කට දැන් සරු සාරයි

එළවලු හරි ලාබෙට දෙන්නේ
කවුරුත් ඈ ළඟටයි එන්නේ
කාටත් එකවගෙ සලකන්නේ
ණයකට නම් නැහැ බඩු දෙන්නේ

රෙද්දයි හැට්ටෙයි ඇඳ ඉන්නේ
කෙල්ලෙක් වාගෙයි නව පන්නේ
ලස්සණ සිනහව විහිදෙන්නේ
ඈ දුටු කාගෙත් සිත ගන්නේ

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
ලිසි අක්කට දැන් සරු සාරයි

වලව්වටත් ඈ පියමැන්නේ
එහෙටත් එළවලු විකුණන්නේ
පොඩි පැල්පතටත් ඈ යන්නේ
හැම තැනකම ඇගෙ බඩු ගන්නේ

නෑ ඈ කිසිදා තනි වෙන්නේ
දරුවන් පස් දෙනෙකුම ඉන්නේ
සැමියට හොඳ හැටි සලකන්නේ
මෙහෙමයි ඈ ජීවත් වෙන්නේ

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
හා.. ලිසි අක්කට දැන් සරු සාරයි

හරි ලාබයි හරි ලාබයි
ලිසි අක්කගෙ එළවලු ලාබයි
සරු සාරයි සරු සාරයි
හෝ.. ලිසි අක්කට දැන් සරු සාරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Elawalu Vikunana Lisi Akka Song Lyrics - එළවලු විකුණන ලිසි අක්කා ගීතයේ පද පෙළ Elawalu Vikunana Lisi Akka Song Lyrics - එළවලු විකුණන ලිසි අක්කා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment