Katath Nokiyapu Rahasak Song Lyrics - කාටත් නොකියපු රහසක් ගීතයේ පද පෙළ

Katath Nokiyapu Rahasak Song Lyrics - කාටත් නොකියපු රහසක් ගීතයේ පද පෙළ
Song Title : Katath Nokiyapu Rahasak (කාටත් නොකියපු රහසක්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


කාටත් නොකියපු රහසක් තිබුණත්
ඔබට නොකිය ඉන්නෑ
කාටත් නොලියපු පදමාලාවක්
ඔබට නොලිය ඉන්නෑ
කාටත් නොපුදපු ආදරෙ මාගේ
ඔබට නොපුදා ඉන්නෑ
ඔබටත් ඔබෙ ඔය ලස්සණ රුවටත්
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ

උදයට පිණි බිඳු තණ අග දිලිසෙයි
හිරු දැක නැතිවෙනවා
වටිනා මාණික කළුගල් අතරෙන්
පොළවේ නිදියනවා
වැලේ සැදුණ ගෙඩි වැලට තුරුල්වී
වැල බර උසුලනවා
පැලෙන් ඇසෙන කවි මලේ සුවඳ මෙන්
ගත සීතල වෙනවා //

කාටත් නොකියපු රහසක් තිබුණත්
ඔබට නොකිය ඉන්නෑ
කාටත් නොලියපු පදමාලාවක්
ඔබට නොලිය ඉන්නෑ
කාටත් නොපුදපු ආදරෙ මාගේ
ඔබට නොපුදා ඉන්නෑ
ඔබටත් ඔබෙ ඔය ලස්සණ රුවටත්
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ

ගලේ කෙටුව රුව ගල් වඩුරාළයි
නොමැකී පවතිනවා
වෙලේ පැසෙන රන් ගොයම් කරල් දැක
රෑන ගිරව් එනවා
දිලේ දිලේ නිල් මැණික් වගේ
වීදුරු කැට දිලිසෙනවා
පණේ පණේ රත්තරන් පණේ මගෙ
පණ ඔබ රැක දෙනවා //

කාටත් නොකියපු රහසක් තිබුණත්
ඔබට නොකිය ඉන්නෑ
කාටත් නොලියපු පදමාලාවක්
ඔබට නොලිය ඉන්නෑ
කාටත් නොපුදපු ආදරෙ මාගේ
ඔබට නොපුදා ඉන්නෑ
ඔබටත් ඔබෙ ඔය ලස්සණ රුවටත්
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Katath Nokiyapu Rahasak Song Lyrics - කාටත් නොකියපු රහසක් ගීතයේ පද පෙළ Katath Nokiyapu Rahasak Song Lyrics - කාටත් නොකියපු රහසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment