Male Sadagena Olu Malen Song Lyrics - මාලෙ සදාගෙන ඕළු මලෙන් ගීතයේ පද පෙළ

Male Sadagena Olu Malen Song Lyrics - මාලෙ සදාගෙන ඕළු මලෙන් ගීතයේ පද පෙළ
Song Title : Male Sadagena Olu Malen (මාලෙ සදාගෙන ඕළු මලෙන්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

කවදද කටුමැටි පැලක් තනන්නේ
කවදද අටු කොටු පුරවා ගන්නේ
කවදද රන්වන් කරල් කැපෙන්නේ //
එදාට මැණිකව පැලට ගෙනෙන්නේ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

දාවලෙ ඇඹුලත් ඇයයි ගෙනෙන්නේ
එය ඇගෙ දෑතින් පිළියෙල වෙන්නේ
කවදද මගෙ පැලෙ බතක් පිසෙන්නේ //
එදාට මැණිකා පැලේ සිටින්නේ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

ඈ මා හැර වෙන කෙනෙක් පතන්නෑ
මම මගෙ වචනය වෙනස් කරන්නෑ
නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ //
හනිකට හනිකට කරල් පැසෙන්නෑ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Male Sadagena Olu Malen Song Lyrics - මාලෙ සදාගෙන ඕළු මලෙන් ගීතයේ පද පෙළ Male Sadagena Olu Malen Song Lyrics - මාලෙ සදාගෙන ඕළු මලෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment