Soken Ayi Kadulu Peranne Song Lyrics - සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ ගීතයේ පද පෙළ

Soken Ayi Kadulu Peranne Song Lyrics - සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ ගීතයේ පද පෙළ
Song Title : Soken Ayi Kadulu Peranne (සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ
මේ ලෝකේ හැටි මෙහෙම තමයි නේ

අපි දිනක අඬනවා
දිනකදි තුටු වෙනවා
අපේ දෙෙවෙ අපට මෙහෙම කරනවා //

දිව විකුනම ඇතිවන මහ කෝපයෙන්
දත ගලවා දමන අයයි මෝඩයින්
ඊට පසුව අඬ අඬ දත් රෝගයෙන්
සොයාවි බොරු දතක පිහිට සෝකයෙන්

සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ
ලෝකේ හැටි මෙහෙම තමයි නේ

අපි දිනක අඬනවා
දිනකදි තුටු වෙනවා
අපේ දෙෙවෙ අපට මෙහෙම කරනවා //

ඉපදුණ සතෙකුට කන් දෙක තිබෙන්නේ
බොහො කල් ගොස් අන් දෙකකුත් ලැබෙන්නේ
මේ අන් දෙක කන් දෙකටත් පෙර වැටෙන්නේ
නමුත් කන් දෙක ඔබ මැරෙණා තුරු තිබෙන්නේ

සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ
මේ ලෝකේ හැටි මෙහෙම තමයි නේ

අපි දිනක අඬනවා
දිනකදි තුටු වෙනවා
අපේ දෙෙවෙ අපට මෙහෙම කරනවා //

නහයට බෑ යමක රසක් සොයන්න
දිවට තමයි එය පුළුවන් කරන්න
නමුත් දිවට බැහැනෙ යමක සුවඳ කියන්න
ඒකට වෙයි නහයෙ පිහිට පතන්න

සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ
මේ ලෝකේ හැටි මෙහෙම තමයි නේ

අපි දිනක අඬනවා
දිනකදි තුටු වෙනවා
අපේ දෙෙවෙ අපට මෙහෙම කරනවා //

අපේ දෙෙවෙ අපට මෙහෙම කරනවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soken Ayi Kadulu Peranne Song Lyrics - සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ ගීතයේ පද පෙළ Soken Ayi Kadulu Peranne Song Lyrics - සෝකෙන් ඇයි කඳුළු පෙරන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment