Dipawali Hada Baluwa Song Lyrics - දීපාවලී හඳ බැලුවා ගීතයේ පද පෙළ

Dipawali Hada Baluwa Song Lyrics - දීපාවලී හඳ බැලුවා ගීතයේ පද පෙළ

Dipawali Hada Baluwa Song Lyrics - දීපාවලී හඳ බැලුවා ගීතයේ පද පෙළ
Song Title : Dipawali Hada Baluwa (දීපාවලී හඳ බැලුවා)
ගායනය : සන්ධ්‍යා විජේසුන්දර සමග උෂාන් අගහකෝන්
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව හා සංගීතය : උෂාන් අගහකෝන්


දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

ස්කන්ද ස්වාමිනේ ඇයි උස් පහත් බවක් හැදුවේ
මන්ද ආදරේ මේ මහ පවුරු වලින් පිදුවේ
වල්ලි අම්මනේ නුඹවත් නැතිද දිවැස් හෙළුවේ
කදිර කෝවිලේ පුදපෙත් පඬුරු මදිද පිදුවේ

දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

තාලිය කර බැන්ද දිනේ තවිල් හඬට නැටුවේ
මගේ කඳුළු සඟවන්ටයි වැස්සට මං තෙමුණේ
කුන්ද සමන් මල් යහනේ කටු පඳුරුයි තිබුණේ
මගේ ආත්මයම නොවෙයි මහරාජට පිදුවේ

දීපාවලී හඳ බැලුවා කෝවිල මිදුලේ
නාදස්වරම් හඬ ඇසුවා නාඉල අයිනේ
පිච්ච මල් බිසෝ මාගේ ගියේද කොතැනේ
මහරාජා මාලිගයේ හිඳීවි තැවුලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dipawali Hada Baluwa Song Lyrics - දීපාවලී හඳ බැලුවා ගීතයේ පද පෙළ Dipawali Hada Baluwa Song Lyrics - දීපාවලී හඳ බැලුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2022 Rating: 5

0 comments:

Post a Comment