මඤ්ඤොක්කා බොන්ඩා හදමු (Cassava Bonda)

මඤ්ඤොක්කා බොන්ඩා හදමු (Cassava Bonda) - Your Choice Way

ඔයාලා හැමෝම වගේ අල බොන්ඩා කාලා තියෙනවා නේද 😍 ඒත් මං අද ඔයාලට ගෙනාවෙ අල බොන්ඩා නම් නෙමෙයි . මඤ්ඤොක්කා බොන්ඩා, හදන හැටි බලමු නේද 😍😍(මේ ප්‍රමාණයෙන් බොන්ඩා 10,12 ක් සෑදිය හැක)

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔹 තම්බා පොඩිකර ගත් මඤ්ඤොක්කා කෝප්ප 3ක්
  • 🔹 ලියාගත් බී ලූනු ටිකක්
  • 🔹 ලියාගත් අමු මිරිස් කරල් 3ක්
  • 🔹 ග්‍රේට් කරගත් තරමක කැරට් අලයක්
  • 🔹 සැමන්/ තම්බාගත් මාලු හෝ ඉස්සන් ටිකක් (මේ වර්ග වලින් එකක් කැමති නම් පමනක් එකතු කර ගන්න)
  • 🔹 කෑලි මිරිස් තේ හැඳි 2ක්
  • 🔹 තුනපහ කුඩු තේ හැඳි 1ක්
  • 🔹 ගම්මිරිස් කුඩු තේ හැඳි  1/4 ක් පමණ
  • 🔹 අබ ඇට ටිකක්
  • 🔹 අවශ්‍ය පමණ ලුනු
  • 🔹 කහ කුඩු ස්වල්පයක්
  • 🔹 ලියාගත් කරපිංචා ටිකක්
  • 🔹 තෙල්
දවටනය සඳහා
  • 🔹 පාන්පිටි  කෝප්ප 1/2
  • 🔹 කඩල පිටි/ මුං පිටි කෝප්ප 1/2 (🔴 කඩල පිටි/  මුං පිටි නැත්නම් පාන් පිටි වලින් බැද  ගන්නත් පුලුවන්.)
  • 🔹 වතුර කෝප්ප 1ක්
  • 🔹 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💠 භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් කර ගන්න.
  2. 💠 එයට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  3. 💠 දැන් එයට කරපිංචා , බී ලූනු, අමු මිරිස් , කැරට්, මාලු හෝ ඉස්සන් එකතු කරන්න.
  4. 💠 ඊලඟට කෑලි මිරිස් ,තුනපහ ,ගම්මිරිස් ,කහ,  ලුනු අවශ්‍ය පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  5. 💠 දැන් තම්බා පොඩිකර ගත් මඤ්ඤොක්කා එකතු කර හොඳින් කලවම් කර ගන්න.
  6. 💠 දැන් ලිපෙන් ඉවතට ගෙන බෝල සාදා ගන්න.
  7. 💠 පාන් පිටි, කඩල පිටි හෝ මුං පිටි සමග මිශ්‍ර කරන්න.
  8. 💠 ලුනු එකතු කරන්න.
  9. 💠 වතුර එක් කරමින් තරමක උකු මිශ්‍රණයක් සකසා ගන්න.
  10. 💠 සාදා ගත් බෝල මෙම මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
මඤ්ඤොක්කා බොන්ඩා හදමු (Cassava Bonda) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මඤ්ඤොක්කා බොන්ඩා හදමු (Cassava Bonda) මඤ්ඤොක්කා බොන්ඩා හදමු (Cassava Bonda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2022 Rating: 5

0 comments:

Post a Comment