Adarawanthi Lassana Adarawanthi Song Lyrics - ආදරවන්තී ලස්සන ආදරවන්තී ගීතයේ පද පෙළ

Adarawanthi Lassana Adarawanthi Song Lyrics - ආදරවන්තී ලස්සන ආදරවන්තී ගීතයේ පද පෙළ

Adarawanthi Lassana Adarawanthi Song Lyrics - ආදරවන්තී ලස්සන ආදරවන්තී ගීතයේ පද පෙළ
Song Title : Adarawanthi Lassana Adarawanthi (ආදරවන්තී ලස්සන ආදරවන්තී)
ගායනය : එම්. එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1972 දී තිරගතවූ "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


ආදරවන්තී ලස්සන ආදරවන්තී
රන් කළයෙන් දිය නෑව ද ආදරවන්තී
ආදරවන්තී ලස්සන ආදරවන්තී
සෝක නිවන අසෝක මල ආදරවන්තී //

සෝකයක් වේදනාවක් ගැන දුකක් වෙන්නැතී
කොයි දෙයත් ප්‍රීතියක් හැටියට සලකලා ඇතී
නිදහසේ ඉන්න තරුණට මෙය සුර ලොවක් වෙතී
රඟපාති ගයති රූබර ලලනියෝ හිනැහෙතී

ආදරවන්තී ලස්සන ආදරවන්තී
රන් කළයෙන් දිය නෑව ද ආදරවන්තී
ආදරවන්තී ලස්සන ආදරවන්තී
සෝක නිවන අසෝක මල ආදරවන්තී

මල් වල රොන් බමරු බොන්නෙ කවුරු කියල ද
සමනලයන් පියාඹන්නෙ පුහුණු කරල ද
කෝකිලයට ගී ගයන්න කියල දෙනවද
කඳු මුදුනේ ඕළු නෙළුම් මානෙල් කොහෙද

ආදරවන්තී ලස්සන ආදරවන්තී
රන් කළයෙන් දිය නෑව ද ආදරවන්තී
ආදරවන්තී ලස්සන ආදරවන්තී
සෝක නිවන අසෝක මල ආදරවන්තී

පිරුණ කළේ පැන් නොසැලේ ගැඹුරු ජලේ වගේ
ඉරුණ කොළේ විළඳ බොජුන් නොබෙද වනු ඇතේ
දිරණ කයයි නම නොදිරයි පඬි වදන අගේ
කරුණ මෙයයි මම සැනසෙන ජීවිතේ මගේ

ආදරවන්තී ලස්සන ආදරවන්තී
රන් කළයෙන් දිය නෑව ද ආදරවන්තී
ආදරවන්තී ලස්සන ආදරවන්තී
සෝක නිවන අසෝක මල ආදරවන්තී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarawanthi Lassana Adarawanthi Song Lyrics - ආදරවන්තී ලස්සන ආදරවන්තී ගීතයේ පද පෙළ Adarawanthi Lassana Adarawanthi Song Lyrics - ආදරවන්තී ලස්සන ආදරවන්තී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2022 Rating: 5

0 comments:

Post a Comment