ශාපලත් පිබිදීමක අභිරහස් මරණය (Abhirahas)

ශාපලත් පිබිදීමක අභිරහස් මරණය (Abhirahas) - Your Choice Way

මීට වසර 24 කට පෙර(1994-වර්ෂයේ) ගම්පොළ ප්‍රදේශයේ සිදු වූවකි.

කදුකර ප්‍රදේශයක් වන ගම්පොළ ප්‍රදේශයේ ඉතා මනරම් පරිසරයක පැවති එක්තරා ගම්මානයක් විය.

එම ගමේ විසූ "නදී" නම් සුරූපී තරුනියක් විසින් මුහුණ දුන් මේ සිදුවීම මා විසින් මෙලෙස අකුරු කර දැමීය..

මධ්‍යම ප්‍රාන්තිකයකු වූ "තිමිර " නම් පුද්ගලයකු සමග විවාහ වී සිටි ඇය තම සැමියා සමගින් එක්ව පළතුරු
වෙළෙඳසලක් පවත්වා ගෙන ගොස් ඇත.

සුන්දර පවුල් ජීවිතයක් ගත කරමින් සතුටින් ජීවත් වුනු ඔවුන් ඔවුන්ගේ සතුට තව තවත් වැඩි කරමින් ඔවුන්ගේ පවුල් ජීවිතයට නව සාමාජිකයෙක් එක් විය.

ඒ ඔවුන් දෙදෙනාගේ ආලයේ සංඛේතය උනු ඔවුන්ගෙන් ජන්ම වූ පුන්චි දූ සිගිත්තියයි.

එම දියනිය ඉතාමත් අති සුන්දර රූ සපුවකින් හෙබි වුනු අතර මෙලොව කිසිවෙකුටවත් නොමැති තරමේ ගුප්ත බවක් ඈ සතු විය.

ක්‍රේල් වූ කෙස් කලඹත් ,වල ගැසුනු කම්මුල්,ලා පැහැ නිල්වන් නෙත් යුග හා සුන්දර දිලිසෙන සමක් හිමි ව තිබූ ඒ බිලිදිය දුටුවන් වශී කරමින් ආදරයෙන් සිත් ඇද බැද ගනී.

අසල්වාසීන් සහ ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන් එම බිලිදිය නම් කර ඇත්තේ "ඩයනා කුමාරිය" කියමිනි.

බිලිදියගේ පෙනුම හා රූපය ඇගේ වයසට වඩා බොහෝ වැඩියෙන් පෙනුනු බව ඇතැම්මු පවසයි.

සාමාන්‍යයෙන් මාස 06 පමණ වන කුඩා දරුවන් සිදු කරන අන්දමේ ක්‍රියා ඇය එක් මාසයකින් සිදු කර ඇති බව මා හට මෙය පැවසූ පුද්ගලයින් මට පැවසීය.

පාද වල ඇගිලි කටේ දමා සූප්පු කරයි.මුනින් අතට පෙරලෙයි.අන්දවා තිබෙන ඇදුම් අතින් ඇද සපා කයි,සිනහ නගයි.

ඇය සිදු කරන පුදුමාකාර ක්‍රියා දෙස බලමින් ඇගේ දෙමාපියන් බොහෝ සේ සතුටු වන්නට විය.

ඔවුන්ගේ පවුල් ජීවිතයද මහත් සේ බලවත් සුන්දරව හා ශක්තිමත්ව පැවතිනි.

නමුත් ඔවුන්ගේ සතුට රැදී පැවතුනේ සුළු කලක් පමණකි .මේ සිදුවීම පටන් ගැනුනේ එම බිලිදියට මාස 02 සම්පූර්ණ වූවාත් සමගය.

ඔවුන්ගේ වටිනාම සම්පත වූ ඒ කුඩා දියනිය හදිසියේම අසනීප උනේ ඔවුන්ගේ සතුට එක් වරම ඔවුන්ගෙන් උදුරා දමමිනි.

පුංචි බිලිදිය මවු කිරි ආහාරයට ගන්නේද නැත.සෑම විටකම හඩමින් ය.ඇගේ බංඩිය ද එන්න එන්නම ඉදිමී විශාල වෙයි.


ඇය අසනීප උනු දිනයේදී තවත් පුදුමාකාර දෙයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විනි.

එදින රාත්‍රීයේදී මුළු නිහැඩියාවම බිදිමින් ඔවුන්ට සවන් වැකුනේ ඉතාමත්ම ගුප්ත හඩකින් පරිසරය දෙවනක් කරමින් ඇසෙන බිහිසුණු නාදයකි.

මෙතෙක් කල් නොඇසූ නොනවත් වා නැගෙන එම බියමුසු හඩ නගන්නේ කිමෙක්දැයි පරීක්ශා කල ඔවුන්ගේ නෙත ගැටුනේ ඉතාමත්ම අලංකාර රත් පැහැයට හුරු වූ මින් පෙර දැක නිතිබුනු පක්ෂියෙකි.

එතරම් කුඩා කුරුල්ලෙකුගෙන් මුලු ගමක් පුදුම කරමින් නගන එවැනි භයංකාර නාදයක්:- ගම්මුන් සැමදෙනාගේම එකම ගැටලුව එයම විය.

මීට පෙරින් කිසිම දාක ගම්මුන් අසා නැති ශබ්දයකි.එහෙත් සෑම දෙනාම සිතූයේ කොහේ හෝ රටකින් මෙරටට සංචාරය උනු පක්ෂියකු වීමට ඉඩඇති කියාය.

පුංචි සිගිත්තිය අසනීප වී දින 03ක් ගත විය.නමුත් කිසිම සුවයක් ඈ හට නොවීය.

තෙවන දිනයේදී.:-
නදී උදය වරුවේ දරුවා නිදිකොට අවසානයේ නිවසේ තිබූ සියලුම වැඩ කටයුතු අවසාන කර නැවත තම නිදන කාමරයට පැමිණියේ දරුවාට මව් කිරි දී නැවත නිදා ගැනීමට සැලස්වීමටය.

නමුත් ඇය දුටු දෙයින් ඇගේ සිහිය විකල් වූවාය.

නදීගේ වටිනාම සම්පත වූ පුංචි දූ සිගිත්තියගේ නාසයෙන්,කන් වලින් හා මුඛයෙන් ලේ වැගිරී ඇද මත නිශ්චල ව සිටී.

ඇගේ නිල් පැහැ දෑස් රත් පැහැයට හැරී තිබුනු අතර ඇගේ බඩ බැලුමක් සේ පිම්බී ඉදිමී ඇත.

*පුංචි දැරිය ගේ බඩේ """L10""'' ලෙස යම් සලකුණක් පැහැදිලිව දක්නට ලැබුණු අතර.එය නිල් පැහැයෙන් කෙටූ පච්චයක් ලෙස ඇගේ කිරි සුදු පැහැ සමේ දිස් විය.

"අනේ....දෙවියනේ.......මයේ...දරුවා ....."

ඈ උස් හඩින් විලාප තබන්නට වූවාය.

මේ වන විට ඇගේ නිවසේ සිටියේ ඔත්පලවී සිටි කතා බහක්වත් නොකරන ඇගේ සැමියා වන "තිමිරගේ" මෑනියන් හා නදීත්,කුඩා දැරියත් පමණි.

එම නිසා ඇය පිළිිසරනක් ඉල්ලා උස් හඩින් කෑ මොර දෙන්නට වූයේ අසල්වාසීන් ගේ සහයක් පැතීම සදහායි.

මද වේලාවකින් අසල්වාසීන් රැසක් ඇගේ නිවසට රැස් විය. ඒ සැමගේම එකම තීරනයක් වූයේ එම දැරියට මෙසේ වන්නට ඇත්තේ  සර්ප දෂ්ඨනයක් නිසාවෙන් බවය.

ගම්මුන්ගෙන් කොටසක් සර්ප වෙදදුරන් සොයා යන්නට විය. තවත් සමහරුන් සිගිති දියනියට දෂ්ඨ කල එම සර්පයා සොයන්නට විය.

නමුත් සැමගේම කතාබහට ලක් වුයේ එම දියනියගේ සමේ තිබූ ගුප්ත සලකුණ ගෙනයි(L10).

දැරියගේ ප්‍රතිකාරය සදහා ගම්මුන් විසින් කැටුව ආ සර්ප වෙදදුරෙකු පවසා තිබුනේ එම දැරිය මේ වන විට මියගොස් පැය 03 ගත වී ඇති බවයි.

මුලු ගම්මානයම ශෝකීයත්වයට පත් කරමින් එම පුංචි මල් කැකුල අවසන් ගමන් ගියහ.

නමුත් ඇගේ මව වන "නදී "එය පිළිගැනීමට අකමැති විය.ඇගේ බලවත් ඉල්ලීම පරිදී කුඩා දියනියගේ සිරුර ගම්පොළ මහ රෝහලට ඇතුලත් කරන ලදී.

එම රෝහලේ වෛද්‍යවරුන් හා මරණ පරීක්ෂක වරුන් පවසා ඇත්තේ ඇය මිය ගොස් ඇත්තේ පැය 01කට කලින් බවය.

මරණය අභිරහස් මරණයක් බවත් ඇගේ සලකුණු හට ගැනුනේ කෙසේදැයි සොයා ගැනීමට අපොහොසත් බවත් ඔවුන් තව දුරටත් පවසා ඇත.

පුංචි දැරියගේ මවගේ විලාපය එය ඇසී තව තවත් වර්ධනය විය.

"සර්ප වෙදා මැරුණා කියපු ඒ වේලාවෙත් මගේ දරුවට පන තිබිලා..... "

යනුවෙන් ඇය කෑ මොර දී ඇත.

පුංචි දැරිය අසනීප උනු දිනයේ සිට ඇගේ සිරුර භූමදාන කරන තෙක් ම අර අමුතු පක්ෂියා හඩ නගා ඇති බව මාහට ගම්මුන් පැවසීය.

එකම හඩකින් නොනවත්වාම කෑ ගැසූ එම පක්ෂියා නදීගේ නිවසේ සිට දැරියගේ සිරුර කනත්තටම මිනිය පසුපසින් ගොස් ඇත.

තම දරුවා ගෙනයෑමට පැමිණි යක්ෂයා ඌ බව පවසමින් "නදී" විලාප දෙන්නට වූයෙන් ගම්මුන් විසින් ඌව එලවා දැමීමට තැත් කලත් එය අසාර්ථක විය.

පසුව සියලුම දෙනා සාකච්ඡා කොට සිරුර භූමදානයෙන් පසු එම පක්ෂියා කුමක් සිදු කරන්නේදැයි විපරම් කර ඌ දෙසට නෙත් යොමා සිටි අතර භූමදානයෙන් පසු ඌ අතුරුදන් උනු බව ගම්මුන් පැවසීය......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශාපලත් පිබිදීමක අභිරහස් මරණය (Abhirahas) ශාපලත් පිබිදීමක අභිරහස් මරණය (Abhirahas) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2022 Rating: 5

0 comments:

Post a Comment