" අබ " මතුරලා වැලිත් එක්ක ඉහලා (Aba)

" අබ " මතුරලා වැලිත් එක්ක ඉහලා (Aba) - Your Choice Way

අපේ ගමේ නම කියන් නෑ මොකද,මේ ගේදර බාල පුතා මේ FB එකේ ඉන්ඩ ඉඩ තියනවා,ප්‍රශ්නයක් වේයි කියලයි කියන් නෑත්තේ,අපේ ගම පිහිටලා තියේන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ..OK.ඔන්න කතාව ලියන්න අවසරයි,ජොක් නේමේ ඔන්නම් එන්න අපේ ගෙදර මම ඔප්පු කරලා පේන්නන්නම්,ගමේ අයගෙන් උනත් අහන්න,,සත්තයි මේ කතාව ඇත්ත ...

අපේ වත්තේ ප්‍රමානය අක්කර බාගයි,අපේ වත්තේ දකුනු පැත්තේ වත්තක ගෙදරක්,වම් අත පැත්තේත් වත්තක ගේදරක්,ඉස්සරහින් පාර පාරේන් එහා පැත්තේත් ගේදරක්,අපේ වත්තට පිට්පස්සෙත් ගෙදරක්,එ ගේදර ගැන තමා මේ මම කියන්නෙ,පොටො එකදාලා තියෙන්නෙත් එ ගෙදර,ඔයාලා හිතාගන්න අපේ ගේදර තියන විදිහ,අපේ පව්ලේ අම්මයි,අප්පච්චියි,අක්කයි,මමයි,න0ගි ..අපේ අප්පච්චි මේසන් වැඩ කරන්නෙ,අම්මානම් මොකුත් නෑ .අපේ අම්මගෙ ගම මේ ගමට අල්ලපු ගම,අම්මලා බැදලා මේ වත්තෙ ගේදරක් හදන්ඩ ඇව්ත්,එතකොට ඔය ගෙදර මිනිහා අපේ වත්තේන් බාගයක්ම කොටාගේනලු,ඉට පස්සෙ රන්ඩු වේලා පොලිසි ගිහින් කොහොම හරි අපේ වත්ත අපිට අයිති වේලා,මුන් එකට අපි එක්ක මාරම තරහයි,මුන්ගෙ ගේදරට යන්ඩ පාරක් නෑ.පොලිසි ගිහින් අපේ වත්තෙ දකුනු පැත්තෙන් පාරක් උන්ගෙ වත්තට යන්න ඉල්ලලා පොලිසියෙන් ඇවිත් අම්මා කැමති වේලා දිලා,ටික කාලයක් ගිහින් එ පැත්තෙන් එපා වම් පැත්තේන් ඔන කිව්වලු එ පැත්තෙනුත් අපි දිලා,ටික දවසක් ගිහින් කිව්වලු වහනයක් ගන්න බැ එක නිසා තව ටිකක් ලොකු කැල්ලක් ඔන කියලා,අප්පච්චිට තරහ ගිහින් පාර වහලා දිලා නෑ,පොලිසි ගිහින් එයාලත් උන්ටම බැනලා,ඉට පස්සෙ උන් වේන ඇත වත්තකින් පාරක් හදන් ගෙදරට යන්න පාර හදන්,,ඉට පස්සෙ අපේ අම්මලා මැට් ගහලා ගේයක් හදාගේ්න මේ වත්තේ පදිංචියට ඇවිත්,අම්මලා දොරවල් වහලා යන්න බැලු කොහේවත් උන්ගෙ උන් ඇවිත් වහලේ තහඩු බිමට දානවලු,රොඩු ගෙනත් මිදුලටදානලු,එක එක හිරිහැරලු මුන්ගෙන්,එක දවසක් අපේ අම්මගේ පව්ලේ අය ඇවිත් උන්ට ගහලා පොලිසි ගිහින් එහේම විසදිලා,

ඔහොම ටික කාලයක් ඉන්න කොට අපේ අක්කිට අමාරු වේලා අම්ම බේහෙත් ගේන්න ගිහින්,අප්පච්චියි වැඩට ගිහින්,එදා එ ගෙදර මිනිහා අපේ ගෙදරට ඇවිත් මිදුලේන් " වැලි " වගයක් අරන් ට්න් එක්කට.එක මාමා කේනෙක් දැකලා අහලා ඇයි කියලා,ඉට පස්සෙ මේකා කියලා මුන්ට මම මේ වත්තේ මැරෙන තුරාවට හොදින් ඉන්ඩ දෙන් නෑ කියලා වැලි අරන් ගිහින්,එ මාමා කිව්වාලු එපා එහෙම කරන්න ඔව පව් වැඩ කියලා,එත් මේ මිනිහා වැලිත් අරන් ගිහින්,අම්මා අපු ගමන් එ මාමා කියලා මේ හේම දේයක් කරන්න ඔන්න අරකා වැලි අරන් ගිය කියලා,අම්මලා වැඩිය ගනන් අරන් නෑ ,,ටික කාලයක් යනකොට අප්පච්චි බොනවලු අම්මට ගහනවාලු එතකොට මම හම්බේන්න ඉදලා තියෙන්නෙ,අම්මව එලවනවලු ගෙදරින්,අම්මා අක්කියි එක්ක යනවලු කිරි අම්මලාගෙ ගෙදර,රාත්‍රී 9.00 ට10.00 ට එලවනවලු අප්පච්ච් බිලා ඇවිත්.වැස්සෙ උනත් දුවගෙන යනවලු අම්මා.එක දවසක් අලියත් හම්බ වේලා අම්මලාට ලග ගෙදරකට දුවලා.අපෙ ගෙදර ඉදන් කිරිඅම්මලාගෙ ගෙදරට දුර 3km ක් විතර දුරයි උදෙට අපහු එනවලු අක්කිට ඉස්කොලේ යන්ඩ ඔන නිසා,අනික කිරි අම්මා වැඩ් කැමති නෑලු අම්මලා නිදාගන්න එනවටත්.පැදුරක් වත් දෙන් නෑලු.අම්මා පැදුරත් අරන්ලු යන්නෙ.කොට්ටෙ වේනුවට අම්මගේ චිත්තෙලු ගුලි කරලා ඔලුවට තියන් නිදගන්නෙ.එත් කරන්ඩ දෙයක් නෑති නිසා යනවාලු.එක දවස් කිරි අම්මලා දොර ඇරලා නෑ .

අම්මලා ආපහු ඇවිත් ලග ගෙදරක නිදාගෙන. අප්පච්චි එන්ඩ එන්ඩ රන්ඩුවෙන එක ,බොන එක අඩුවක් නෑලු,දැන් මාත් හම්බ වේලාලු,අදුන බලන කේනේක් ලගට ගිහින් අම්මා වත්ත බැලුවලු,එයා කිව්වලු පුලුවන්නම් ඔයාලා මේක විකුනලා යන්න කිව්වලු,නෑත්තන් යන්තර දාගන්ඩ කිව්වලු,හැබැයි එ යන්තර මේ ගේදර දාන්ඩ එපා,වේන කොහේහරි දාගන්ඩ ගිහින්,දාලා වත්තට එන්ඩ එපා යන්තරේ බල බිදේනවා කිව්වලු,වත්ත වටේට ගල් වගයක් මතුරලා දිලා වල දාන්න කියලා,අම්මා එව ගෙනත් වත්තේ 4ර මුල්ලේ වල දාලා,ඉට පස්සෙ අප්පච්චිට යන්තරයක් දාලා කිරි අම්මලාගේ ගෙදර එක්කන් ගිහින්,ඉට පස්සෙ ඔන්න අප්පච්චි හිටියා වගෙමලු,කිරි අම්මලාගෙ දිහා අවුරුද්දක් විතර ඉදලා,හැමදාම ඉන්නත් නේමේනේ එහේ කියලා අම්මලා නෑවත ඇවිත් ගේදර,දැන් වත්තේ එවා අයින් වේන්ඩ ඇති කියලා,අයෙත් ටික දවසක් යනකොට අයෙත් අප්පච්චි හිටියා වගේම බොනවා රන්ඩු වේනව්ලු,කොහොම හරි අම්මා දුක් විදලා කුලි වැඩ කරලා ජීවත් වේලා,මටත් දැන් ඔන්න ටික ටික තේරේනවා එතකොට,අප්පච්චි හොයන සල්ලි වලට බොනවා විතරයි,.මයි අම්මයි " නිමිති " බලන කේනේක් ගාවට අයේත් ගියා එ කේනා බලලා කිව්වා ඔයාගේ මහත්තයා ජිවතුන් අතර ඉන්නවද කයලා,අපි කිව්වා ඔව් කිව්වා,ලොක පුදුමයක් කිව්වා,අපි ඇහුවා ඇයි කියලා,කව්රු හරි ඔයාලාගේ ගෙදරට " අබ " මතුරලා වැලිත් එක්ක ඉහලා තියේනවා පව්ල විනාස වේන්ඩ පුලුවන් තරම් ඉක්මනට මේක අයින් කර ගන්න කියලා,මහත්තයට ඔයාලට යන්තර දාගන්න යන්තර දාන්න එපා මේ ගෙදර ඇතුලේන්,ඔයාලා යන්තර දාලා මේ වත්තට ඇතුල් වේන්ඩ එපා යන්තරවල බල බිදේනවා කියලා මේ කේනත් කිව්වා,අපි තැන් 5'6 කින් බැලුවා ඔය ටිකමයි එ හැම කේනාම කිව්වේ .

මේක කරන්න 25000 ක් විතර යනවා කිව්වා,අපේ අම්මා කුලි වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන,මදි හරියට පු0චිගෙන් ඉල්ලගෙන වැඩෙ කලා,එත් එ කපුවා අපෙ සල්ලි අරන් වන්චාවක් කලා අයින් කලා දැන් හරි කිව්වා,එත් අයින් වේලා නෑ දැන් අපිට කරන්ඩ දේයක් නෑ .අප්පච්චියි එ විදිහමයි,බිලා ඇවිත් ගහනවා රන්ඩු කරනවා,ඔහොම හොම ඉන්නකොට න0ගිත් හම්බවේලා,අපි තුන්දේනයි අම්මයි මාරම දුක් වින්දා අප්පච්චිගේන් 2007.08.16 වේනිදා අප්පච්චි ගෙදරින් ගියා රන්ඩු වේලා අය අවේ නෑ ,අප්පච්චිගේ ගමට.එතකොට මම O/L කරන්න හිටියේ,මම O/L ත් පාස් 9 '5 මම A/L කලේ නෑ ,මොකද එතකොට න0ගිත් ඉගේන ගන්නවා,මට තවත් මගේ අම්මා අව්වේ දුක් විදිනවා බලන් ඉන්න බැරි උනා,මම තවත් ඉගෙන ගත්තානම් අම්මට අමාරුයි දේන්නගේ වියදම් දරන්න,අනික අව්වේ ඉදලා අම්මට ලෙඩක් හැදිලා මොනාහරි උනොත් අපිට අම්මත් නෑ තාත්තත් නෑ ,එකයි මම ARMY එකට යන්න හැදුවේ,,අම්මා යන්න එපා කියලා ඇඩුව,කලන්තේ දාලා වැටුනා මගේ පුතේ උබ ඉගේන ගනින් මට පුලුවන් උබට උගන්නාන්න කියලා,තාමත් එ අම්මගේ විලාප මට ඇහේනවා ඇහෙනවා වගේ කන් වල.

එත් මම අඩ අඩා අවා ARMY එකට,,ඇවිත් ගේදර හැදුවා හොද කේනේක්ගෙන් පාද මැනලා එත් හදන්ඩ කිව්වේ වත්තේ මුල්ලකට වගේ වේන්න,අපි ගේට ගිහින් ටික කාලයක් යනකොට අපිට ගුරුකම් කරපු මිනිහා ඔත්පොල වේලා අන්සබාගේ හැදිලා මුලු ඇගේම සැරව ගේඩි දාලා මැරුනා,ගෙදර එම්බම් කරේ පහුවදා එ මිනිහගේ කනේන් පනුවො ඇවිත්,තියා ගන්න බැරි නිසා වලදාලා,ගැනිත් මැරුනා,පොර මැරිලා මාසයක් ගියේ නෑ පොරගේ ලොකු පුතා වාහනේක වැදිලා මැරුනා,අනිත් කේනා පපුව හිරවේලා මැරුනා,ඉලග දුව පිලිකාවක් ඇවිත් මැරුනා,දැන් ඉන්නේ බාලයා,පොර බැදලා එත් ලමයි නෑ.පොරට එ ගේදර ඉන්ඩ බැලු වලන් වැටේන සද්ද ඇහේනවාලු,හිනේන් බය වේනවලු,ඉට පස්සෙ තාමා මුරුන්ගා හිටිකන්ද කියලා ගමකින් වත්තක් අරන් ගේයක් හදන් ඉන්නෙ,දැන් මේ ගේදර පාලුවේලා,මේ ගේදර පිට්පස්ස අලියා කඩලා තියේන්නෙ,මම දැක්කේ නම් නෑ මේ ගෙදර ලොකු නයෙක් ඉන්නවලු ගොඩක් දෙනෙක් දැකලා,වේලාවකට මේ ගේදර දුම යනවා කුස්සියෙ පැත්තෙන්,මගෙ ඇස් 2කටම දැක්කා,මේ ලගදි ඇවිත් එ බාලම පුතා එහා ගෙදර අය එක්ක රන්ඩු උනා වැට ඇදයි,වැටේ තියේන කොහොබ ගහ අපේ තාත්තා හිටෙව්වෙ කියලා .තාමත් එ අයගේ තන්නාහව ඇරිලා නෑ ,,දැන් අපි අපේ වත්තේ තියන දේ අයින් කරන්න යන්නෙ.

අපේ වත්තේ එ මැරුනු මිනිහා ඇව්දිනවලු,අපේ වත්තේ පැත්තක් තියනවා මොනවා හැදුවත් හරියන් නෑ ,,මගේ අත කැඩිලා බේහේත් කරා සුවයක් නෑ ,යන්තර දානවා එවගේන් වැඩකුත් නෑ .මේ ගෙදරට කරලා තියන එවා මට බලපාලලු, යන්තර දැන්මට වැඩක් නෑලු බල බිදෙනවාලු මේ වත්තට කරලා තියේන දේ නිසා,මම ඉන්නේ දැන් කිරි අම්මලාගේ දිහා,යන්තර දාලා බෙහේත් කරනවා දැන් අත හොදයි,එත් ගෙදරට එන්ඩ බැ,අවොත් අයෙත් මම ලේඩ වේයි කියලා බයයි,දැන් ගේදරින් පිට දානයක් දිලා මේ ගේදර තියන දේ අයින් කරන්න යන්නෙ,ගමේ අය කියන්නෙ අපේ පව්ල විනාස කේරුවටලු උන්ගේ පව්ලත් විනාස වේලා ගේවල් ඇතැරලා යන්න සිද්ද උනේ කියලා,

අපිට මේවගේ දුකක් ,කරදරයක් දිලා පව්ල විනාස කරපු මිනිහට,එ පව්ලේ අයට මම නිවන් සුව පතනවා,අපිව රවට්ටලා සල්ලි ගත්තු කපු මාමටත් නිවන්සුව පතනවා එයාත් දැන් මැරිලා,මොකද අපි මනුස්සයො.එයාලා වගේ තිරිසන්නු නේමේ අපි,මේවගේ දේවල් මේ රටේ කිසිම කේනේක්ට වේන්න එපා,මම මේ දේ ඉක්මනින් අයින් කරලා අප්පච්චි එක්කන් එනවා නෑවත ගේදරට.එක තාමා මගේ එකම බාලා පොරොත්තුව.

.................සමාප්තයි............
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
" අබ " මතුරලා වැලිත් එක්ක ඉහලා (Aba) " අබ " මතුරලා වැලිත් එක්ක ඉහලා (Aba) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2022 Rating: 5

0 comments:

Post a Comment