Udu Guwana Yatin Song Lyrics - උඩු ගුවන යටින් ගීතයේ පද පෙළ

Udu Guwana Yatin Song Lyrics - උඩු ගුවන යටින් ගීතයේ පද පෙළ
Song Title : Udu Guwana Yatin (උඩු ගුවන යටින්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය : මොහොමඩ් සාලි
ගී පද : කරුණාරත්න අබේසේකර


උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ
මුළු දවසම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ

වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැගවෙන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින්
පෙති හැලෙන මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udu Guwana Yatin Song Lyrics - උඩු ගුවන යටින් ගීතයේ පද පෙළ Udu Guwana Yatin Song Lyrics - උඩු ගුවන යටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment