Surakimata Ho Nathiwi Song Lyrics - සුරැකීමට හෝ නැතිවී ගීතයේ පද පෙළ

Surakimata Ho Nathiwi Song Lyrics - සුරැකීමට හෝ නැතිවී ගීතයේ පද පෙළ
Song Title : Surakimata Ho Nathiwi (සුරැකීමට හෝ නැතිවී)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී අද පෙම් ගිතෙල් දමා
වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ළං වීමට භවයේ වරින් වරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අද හෝ හෙට කරුණා කොට වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුලැලි මත පාවෙන තරම් ප්‍රියේ
දරුණු නැත මගේ හදවත හොඳ සිහිය මට තියේ
සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Surakimata Ho Nathiwi Song Lyrics - සුරැකීමට හෝ නැතිවී ගීතයේ පද පෙළ Surakimata Ho Nathiwi Song Lyrics - සුරැකීමට හෝ නැතිවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2022 Rating: 5

0 comments:

Post a Comment