Sathapena Kala Wida Nidi Suwe Song Lyrics - සැතපෙන කල විඳ නිදි සුවේ ගීතයේ පද පෙළ

Sathapena Kala Wida Nidi Suwe Song Lyrics - සැතපෙන කල විඳ නිදි සුවේ ගීතයේ පද පෙළ
Song Title : Sathapena Kala Wida Nidi Suwe (සැතපෙන කල විඳ නිදි සුවේ)
ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
තනුව : විශ්වනාදන් රාමමූර්ති


සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ //

සියොළඟ යහනකි හිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ

ඇසිපිය හෙළ හෙළ අත වනා //
මදහස මතුකොට හිනැහුණා //

තරුණෙකි කුමරෙකි නිරි‍ඳෙකී
නැත නැත එය රන් තරුවෙකි

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ

හඅඅ අඅ ආආආ
ලලල ලල ලාලලා
හඅඅ අඅ ආආආ
අආ අඅ ආ

උකුළත සුව පිට හිස තියා //
නැළවුණි මධු රස ගී කියා //

තරුණෙකි කුමරෙකි නිරි‍ඳෙකී
නැත නැත එය රන් තරුවෙකි

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ //

සියොළඟ යහනකි හිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ

මෙහි දක්වා ඇති ගී පද ඉදිරිපත් කර ඇති ගීයට අනුවයි. එය මුල් ගායනය නොවේ. මුල් ගායනයේ පද තරමක් වෙනස්ය. ඒ පද දුඹුරු වර්ණයෙන් පහත දක්වා ඇත.

1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.

මෙම ගීයේ තනුව "වෙන්නිරා ආඩෙයි" නම් ද්‍රවිඪ චිත්‍රපටියේ පී. සුශිලා ගැයූ "කන්නන් එන්නුම්" ගීතයෙන් උපුටා ගැණුනකි.

අල්ලපු ගෙදර ලංකාවේ ප්‍රථම වරට තිරගතවූයේ 1965 සැප්තැම්බර් 17 දායි. තනුව උපුටා ගැණුනු "වෙන්නිරා ආඩෙයි" චිත්‍රපටිය ඉන්දියාවේ ප්‍රථම වරට තිරගතවූයේත්‍ 1965 වසරේම අප්‍රේල් 14 වැනිදා යි. මින් පැහැදිලි වන්නේ ඉන්දියාවේ ‍සිනමා ක්ෂේත්‍රයේ අයවලුන් හා ලංකාවේ චිත්‍රපටි නිෂ්පාදකයන් සමීප සම්බන්ධකම්  පැවැත්වූ බවත්, ඉන්දියාවේ එකී චිත්‍රපටි නිෂ්පාදනයේ පවතිද්දීම ඒවායේ ගීත හා කතා වස්තුව කොපිකර ගන්නට ඔවුන් මාර්ග සාදා ගෙන තිබූ බවත්ය. එය අරුමයක් නොවන්නේ එවකට ලංකාවේ චිත්‍රපටි නිෂ්පාදනයේ යෙදුණෝ වැඩි දෙනා ඉන්දියාණුවන් වීමයි.

අල්ලපු ගෙදර චිත්‍රපටියේ නිෂ්පාදක කේ. ගුණරත්නම්.

(සිනමාස් සමාගම වෙනුවෙන් 1953 දී "සුජාතා" නිෂ්පාදනය කරමින් ඔහු සිංහල චිත්‍රපටි නිෂ්පාදනයට එක්විය).

අල්ලපු ගෙදර චිත්‍රපටියේ අධ්‍යක්ෂණය එම්. මස්තාන්
(ඉන්දීය ජාතික)

කැමරාව : ඒ. වී. එම්. වාසගම්
සංස්කරණය : එස්. රාමනාදන්
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි

(මොහු ලංකාවට ගෙන්වා ගත්තේ එස්.එම් නායගම් විසිනි. ඒ ඔහු මෙරට ඉදිකළ ප්‍රථම චිත්‍රාගාරය වන "සුන්දර සවුන්ඩ්" හී සංගීත අංශය භාරදීමටයි. නායගම් ලංකාවේ පළමු කථානාද චිත්‍රපටිය වන "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ නිෂ්පාදකයි. )

මුත්තුසාමි මාස්ටර් නම් වෙනස්ම චරිතයකි. ඔහු සිංහලටත් බුදු දහමටත් බොහෝ සේ ඇලුම් කළ කෙනෙකි. ඔහු ලංකාවේ ජීවත් වෙමින් අදටත් මේ ශ්‍රී ලංකාවට සේවය කරන දරුවන් ද දායාද කළ උතුම් මිනිසෙකි.

මුල් ගායනය පද

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ //

සියොළඟ යහනකි හිම තියා
මගෙ හිත ටික ටික දුර ගියා //

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ

ඇසිපිය හෙළ හෙළ අත වනා //
මදහස මතුකොට හිනැහුණා //

තරුණෙකි කුමරෙකි නිරි‍ඳෙකී
නැත නැත එය රන් තරුවෙකි

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ

හඅඅ අඅ ආආආ
ලලල ලල ලාලලා
හඅඅ අඅ ආආආ
අආ අඅ ආ

උකුළත සුව පිට හිස තියා //
නැළවුණි මධු රස ගී කියා //

තරුණෙකි කුමරෙකි නිරි‍ඳෙකී
නැත නැත එය රන් ගිරවෙකි

සිඹ සිඹ මගෙ වත සැනසුණා
සුර ලොව සුර සුව වැටහුණා //

තරුණෙකි කුමරෙකි නිරි‍ඳෙකී
නැත නැත එය පිපි කුසුමෙකී 

සැතපෙන කල විඳ නිදි සුවේ
දුටු සුබ සිහිනය යළි මැවේ

ද්‍රවිඪ ගීයේ පද

Kannan ennum mannan paerai
Solla solla
Kallum mullum poovaai maarum
Mella mella

Kannan ennum mannan paerai
Solla solla
Kallum mullum poovaai maarum
Mella mella

Ennam ennum aasai padagu
Sella sella
Vellam perugum penmai ullam
Thulla thulla
Ennam ennum aasai padagu
Sella sella
Vellam perugum penmai ullam
Thulla thulla

Kannan ennum mannan paerai
Solla solla
Kallum mullum poovaai maarum
Mella mella

Thendral indru paadum paadal
Enna enna
Thendral indru paadum paadal
Enna enna
Chinna kiligal sollum kadhaigal
Enna enna
Chinna kiligal sollum kadhaigal
Enna enna
Kannum nenjum ondrukkondru
Pinna pinna
Ennai thunbam seiyum ennam
Enna enna

Kannan ennum mannan paerai
Solla solla
Kallum mullum poovaai maarum
Mella mella

Aa… aa… lalalalala laalalaa…
Aa… aa… aa… aa…

Akkam pakkam yaarum paarthaal
Vetkam vetkam
Akkam pakkam yaarum paarthaal
Vetkam vetkam
Anbae unnai naeril kandaal
Naanam naanam
Anbae unnai naeril kandaal
Naanam naanam

Aasai nenjai solla ponaal
Acham acham
Andrum indrum adhu thaan nenjil
Micham micham

Kannan ennum mannan paerai
Solla solla
Kallum mullum poovaai maarum
Mella mella

Ennam ennum aasai padagu
Sella sella
Vellam perugum penmai ullam
Thulla thulla

Kannan ennum mannan paerai
Solla solla
Kallum mullum poovaai maarum
Mella mella

கண்ணன் என்னும் மன்னன் பேரை
சொல்லச் சொல்ல
கல்லும் முள்ளும் பூவாய் மாறும்
மெல்ல மெல்ல

கண்ணன் என்னும் மன்னன் பேரை
சொல்லச் சொல்ல
கல்லும் முள்ளும் பூவாய் மாறும்
மெல்ல மெல்ல

எண்ணம் என்னும் ஆசைப் படகு
செல்லச் செல்ல
வெள்ளம் பெருகும் பெண்மை உள்ளம்
துள்ளத் துள்ள
எண்ணம் என்னும் ஆசைப் படகு
செல்லச் செல்ல
வெள்ளம் பெருகும் பெண்மை உள்ளம்
துள்ளத் துள்ள

கண்ணன் என்னும் மன்னன் பேரை
சொல்லச் சொல்ல
கல்லும் முள்ளும் பூவாய் மாறும்
மெல்ல மெல்ல

தென்றல் இன்று பாடும் பாடல்
என்ன என்ன
தென்றல் இன்று பாடும் பாடல்
என்ன என்ன
சின்னக் கிளிகள் சொல்லும் கதைகள்
என்ன என்ன
சின்னக் கிளிகள் சொல்லும் கதைகள்
என்ன என்ன
கண்ணும் நெஞ்சும் ஒன்றுக்கொன்று
பின்னப் பின்ன
என்னைத் துன்பம் செய்யும் எண்ணம்
என்ன என்ன

கண்ணன் என்னும் மன்னன் பேரை
சொல்லச் சொல்ல
கல்லும் முள்ளும் பூவாய் மாறும்
மெல்ல மெல்ல

ஆ… ஆ… லலலலல லாலலா…
ஆ…..ஆ…..ஆ…..ஆ…

அக்கம் பக்கம் யாரும் பார்த்தால்
வெட்கம் வெட்கம்
அக்கம் பக்கம் யாரும் பார்த்தால்
வெட்கம் வெட்கம்
அன்பே உன்னை நேரில் கண்டால்
நாணம் நாணம்
அன்பே உன்னை நேரில் கண்டால்
நாணம் நாணம்

ஆசை நெஞ்சை சொல்லப் போனால்
அச்சம் அச்சம்
அன்றும் இன்றும் அதுதான் நெஞ்சில்
மிச்சம் மிச்சம்

கண்ணன் என்னும் மன்னன் பேரை
சொல்லச் சொல்ல
கல்லும் முள்ளும் பூவாய் மாறும்
மெல்ல மெல்ல

எண்ணம் என்னும் ஆசைப் படகு
செல்லச் செல்ல
வெள்ளம் பெருகும் பெண்மை உள்ளம்
துள்ளத் துள்ள

கண்ணன் என்னும் மன்னன் பேரை
சொல்லச் சொல்ல
கல்லும் முள்ளும் பூவாய் மாறும்
மெல்ல மெல்ல

Song : Kannan ennum mannan paerai
Singer : P. Suseela
Lyricist : Kannadasan
Composer : Viswanathan Ramamurthy

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathapena Kala Wida Nidi Suwe Song Lyrics - සැතපෙන කල විඳ නිදි සුවේ ගීතයේ පද පෙළ Sathapena Kala Wida Nidi Suwe Song Lyrics - සැතපෙන කල විඳ නිදි සුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 12, 2022 Rating: 5

0 comments:

Post a Comment