Sakiya Sagawwata Rodaya Karakenawa Song Lyrics - සකිය සගව්වට රෝදය කැරකෙනවා ගීතයේ පද පෙළ

Sakiya Sagawwata Rodaya Karakenawa Song Lyrics - සකිය සගව්වට රෝදය කැරකෙනවා ගීතයේ පද පෙළ
Song Title : Sakiya Sagawwata Rodaya Karakenawa (සකිය සගව්වට රෝදය කැරකෙනවා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
පද හා නාද රටා : ආචාර්ය රෝහණ බැද්දගේ
(සම්ප්‍රදායික ජනකවි (කරත්ත කවි) හා එම නාද මාලා ඇසුරින්)


හෝ හෝ.................................................................. හේයි....

හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තම්දේනත් තානාම්)
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තෙයිතානත් තානාම්)

සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල 
දියපල්ලේ තිබෙයි අල (දෙයියන්ගේ පිහිටයි)
සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ 
දියමතුපිට තිබෙයි කොළ (ගාලේලි හඤ්ඤයි)

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල (අහ..ඔහො)
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල (තම්දේනත් තානාම්)
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා

සසඳ සසඳ සඳපානේ අපි යනවා
සඳපානේ අපි යනවා (දෙයියන්ගේ පිහිටයි)
මක්කොළි බඳට ගොම්බානක් බැඳයනවා
ගොම්බානක් බැඳයනවා (ගාලේලි හඤ්ඤයි)

සකිය සගව්වට රෝදය කැරකෙනවා (අහ..ඔහො)
දත් කැකුලට නාරම්මල ලතවෙනවා (තම්දේනත් තානාම්)
දත් කැකුලට නාරම්මල ලතවෙනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
සඳ පොබයන සාවුන්ට (දෙයියන්ගේ පිහිටයි)
මක්කොළි බඳට දුටු විගසට ගිරවුන්ට
දුටු විගසට ගිරවුන්ට (ගාලේලි හඤ්ඤයි)

පදින සැරේ..... රොන් ගෙන යන බඹරුන්ට (අහ..ඔහො)
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට (තම්දේනත් තානාම්)
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

සකිය සගව්වටට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වටට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝ (හෝ හෝ.................................................................. දය  කැරකෙනවා)
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වටට ..........................හේයි....රෝදය කැරකෙනවා (හෝ හෝ....................................)
සසඳ සසඳ අපි මහපාරේ යනවා
(හෝ හෝ..) (හෝ හෝ.................................)
සකිය සගව්වටට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා

2014 වසරේදී "දෙරණ" රූපවාහිනියේ "ඩෙල් ස්ටුඩියෝ" 10 වැනි වැඩසටහනට ආචාර්ය රෝහණ බැද්දගේ මේ ගීය ගැයුවා මෙලෙසන්.... (වීඩියෝ අයතිය දෙරණ ටීවී සතුයි)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakiya Sagawwata Rodaya Karakenawa Song Lyrics - සකිය සගව්වට රෝදය කැරකෙනවා ගීතයේ පද පෙළ Sakiya Sagawwata Rodaya Karakenawa Song Lyrics - සකිය සගව්වට රෝදය කැරකෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment