Dolos Mahak Gathavi Yana Mohothe Song Lyrics - දොළොස් මහක් ගතවී යන මොහොතේ ගීතයේ පද පෙළ

Dolos Mahak Gathawi Yana Mohothe Song Lyrics - දොළොස් මහක් ගතවී යන මොහොතේ ගීතයේ පද පෙළ
Song Title : Dolos Mahak Gathawi Yana Mohothe (දොළොස් මහක් ගතවී යන මොහොතේ)
ගායනය : රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර
පද : රෝහණ බැද්දගේ
තනුව : රෝහණ බැද්දගේ


දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

හැහ් හැහ් හැහ් හෑ...

අවුරුද්දක් තිස්සේ කළ කී දේ
මතක් වෙනකොටත් සමහර එව්වට මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ

උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැක හිනැහෙන්ටෙපා මස්සිනේ //

දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

හැහ් හැහ් හැහ් හෑ...

අලුත් වසරෙදී අලුත නැගී එන
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
ඒත් ඔය කපන්න බැරි අත
ඉබින්ටෙපා මස්සිනේ

නැංග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා //

දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

හැහ් හැහ් හැහ් හැහ්

පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්
යාන්තමට වගෙ ජාම් බේරුණා
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා
වක්කඩේ හකුරු හංගා තියලා
හනේ වෙච්චි දේ මස්සිනේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dolos Mahak Gathavi Yana Mohothe Song Lyrics - දොළොස් මහක් ගතවී යන මොහොතේ ගීතයේ පද පෙළ Dolos Mahak Gathavi Yana Mohothe Song Lyrics - දොළොස් මහක් ගතවී යන මොහොතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment