Mage Raththaran Helena Song Lyrics - මගෙ රත්තරන් හෙලේනා ගීතයේ පද පෙළ

Mage Raththaran Helena Song Lyrics - මගෙ රත්තරන් හෙලේනා ගීතයේ පද පෙළ
Song Title : Mage Raththaran Helena (මගෙ රත්තරන් හෙලේනා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ
චිත්‍රය මොටාගෙදර වනිගරත්න ශිල්පියාගේ නිර්මානයකි.


දෑසමන් මලක් වගෙයි පියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි
හැහ් හැහ් හැහ්
දෑසමන් මලක් වගෙයි පියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි

කවුද

මගෙ රත්තරන් හෙලේනා
මගෙ රත්තරන් හෙලේනා //

රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙන්නට
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට
යාන්තමට ඇත දිවි රැක ගන්නට

කවුද

මගෙ රත්තරන් හෙලේනා
මගෙ රත්තරන් හෙලේනා //

දෑසමන් මලක් වගෙයි පියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි

කවුද

මගෙ රත්තරන් හෙලේනා
මගෙ රත්තරන් හෙලේනා //

පසු කරමින් මහ කඳු වැටි ඕවිටි
පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි

කවුද

මගෙ රත්තරන් හෙලේනා
මගෙ රත්තරන් හෙලේනා //

දෑසමන් මලක් වගෙයි පියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි

කවුද

මගෙ රත්තරන් හෙලේනා
මගෙ රත්තරන් හෙලේනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Raththaran Helena Song Lyrics - මගෙ රත්තරන් හෙලේනා ගීතයේ පද පෙළ Mage Raththaran Helena Song Lyrics - මගෙ රත්තරන් හෙලේනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment