Pulli Gona Geta Panala Song Lyrics - පුල්ලි ගොනා ගෙට පැනලා ගීතයේ පද පෙළ

Pulli Gona Geta Panala Song Lyrics - පුල්ලි ගොනා ගෙට පැනලා ගීතයේ පද පෙළ

Pulli Gona Geta Panala Song Lyrics - පුල්ලි ගොනා ගෙට පැනලා ගීතයේ පද පෙළ
Song Title : Pulli Gona Geta Panala (පුල්ලි ගොනා ගෙට පැනලා)
ගායනය : ආචාර්ය රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර
පද හා තනුව : ආචාර්ය රෝහණ බැද්දගේ


හහ් හහ් හහ් හහ් ංං හහ් හහ් හහ් හූහ් හ්හ් හහ් හහ්
ම්මොකද හිනාවෙන්නෙ?

පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන
හ ඉතින්..
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා
අම්මපා..
කොණ්ඩෙ බඳින්නට විදිහක් නැතැයි කියාලා
හා හා හා හා
මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද
ඒක තමයි
හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද

උපන් දවසෙ ඉඳ තණකොළ කන ගෙරියට
ඔව් ඔව්
කන්න දෙයක් නැතුව වාගෙ හවරිය කාලා
හා හා හා
කන්න දෙයක් නැතුව වාගෙ හවරිය කාලා

කරුමෙක මහත නරක නාමෙ දැන් මට
හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑ
හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද

පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන
හ ඉතින්..
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා
අම්මපා..
කොණ්ඩෙ බඳින්නට විදිහක් නැතැයි කියාලා
හා හා හා හා
මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද
ඒක තමයි
හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද

මහ විසාලෙට තිබුණු කොණ්ඩෙ නැති කොට
ඔව් ඔව්
මඟට බහින්නේ කොහොමද කියල අහනවා
හා හා
මඟට බහින්නේ කොහොමද කියල අහනවා

වයස ගිහිල්ලත් ගෙදර උන්දැගෙ කෝලං
මහපාරේ යන්නට කොණ්ඩෙ නැතුව බරුවයැ
හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද

පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන
හහ් ඉතින්..
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා
අම්මපා..
කොණ්ඩෙ බඳින්නට විදිහක් නැතැයි කියාලා
හා හා හා හා
මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද
හත්වලාමෙ වෙච්චි දේට 
මං මක් කොරන්නද ඉතින්
ඉතින් මං මක් කොරන්නද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pulli Gona Geta Panala Song Lyrics - පුල්ලි ගොනා ගෙට පැනලා ගීතයේ පද පෙළ Pulli Gona Geta Panala Song Lyrics - පුල්ලි ගොනා ගෙට පැනලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment