Ran Kothale Mata Hinahune Song Lyrics - රන් කොතලේ මට හිනැහුණේ ගීතයේ පද පෙළ

Ran Kothale Mata Hinahune Song Lyrics - රන් කොතලේ මට හිනැහුණේ ගීතයේ පද පෙළ

Ran Kothale Mata Hinahune Song Lyrics - රන් කොතලේ මට හිනැහුණේ ගීතයේ පද පෙළ
Song Title : Ran Kothale Mata Hinahune (රන් කොතලේ මට හිනැහුණේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


රන් කොතලේ මට හිනැහුණේ
මැටි කළයෙන් දිය බොන දිනේ
කඳුළු මැදින් අප හිනැහුණේ
අපි කවදත් ඔව් අපිමනේ
කළු පාට වලාවේ
රිදියෙන් රේඛා
අප නමින්
ඇඳි ඇඳී
මැකි මැකී
ඇඳෙනවා

මල මුදුනින් බමරුන් ගියා
නාඩන් ඔය උන් ගති නියා
තෙද විකුමින් අප යෞවනේ
රැකවල්ලමු මුළු මල් වනේ

ඔය බමර විමානේ
මේ අපි වාගේ
පෙම් විකුම්
හඳුනනා
හොඳවුනුත් ඉන්නවා

මීදුම් සීතල ගලනවා
ගිණියම් සිත් දුක නිවෙනවා
ලියතඹරාවෝ පිපෙනවා
ජීවිතයම අපි විඳිනවා

ජීවන කුසලානේ
මගෙ මධු පානේ
කැතුළු රන්
තිසරු පෙම්
ඔසරියෙන්
එතෙනවා

රන් කොතලේ මට හිනැහුණේ
මැටි කළයෙන් දිය බොන දිනේ
කඳුළු මැදින් අප හිනැහුණේ
අපි කවදත් ඔව් අපිමනේ
කළු පාට වලාවේ
රිදියෙන් රේඛා
අප නමින්
ඇඳි ඇඳී
මැකි මැකී
ඇඳෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Kothale Mata Hinahune Song Lyrics - රන් කොතලේ මට හිනැහුණේ ගීතයේ පද පෙළ Ran Kothale Mata Hinahune Song Lyrics - රන් කොතලේ මට හිනැහුණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 29, 2022 Rating: 5

0 comments:

Post a Comment