Nisayuru Muthulal Song Lyrics - නිසයුරු මුතුලැල් ගීතයේ පද පෙළ

Nisayuru Muthulal Song Lyrics - නිසයුරු මුතුලැල් ගීතයේ පද පෙළ
Song Title : Nisayuru Muthulal (නිසයුරු මුතුලැල්)
ගායනය : සී. ටී. ප්‍රනාන්දු
පද, තනුව හා සංගීතය : රංජිත් ලාල්
1970 දී තිරගතවූ "නිම්වළල්ල" සිනමා කෘතියෙන්


නිසයුරු මුතුලැල් සැළෙන වෙලාවේ
නුරා බදුන් සතුටින් පුරවා
හිනා මැදින් එය ලවන් සිඹිද්දී
මල් කුමරුන් මල් සොයා ඇදේ

සීතල චන්දන තුරු සෙවණැල්ලේ
පිපුණු මලක මුවරද ඉහිරී
සුළඟේ පාවී හසුන් පුරා ගෙන
සිහින විමන් දොර කවුළු හරී

මන්දාකිණියේ දිදුල පබළු වැල්
නිශා තලා මත විසිරෙන්නේ
රැන්දු සිනා මුව තඹරු පියල්ලේ
නවමු හැඟුම් හද පුබුදන්නේ
නවමු හැඟුම් හද පුබුදන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nisayuru Muthulal Song Lyrics - නිසයුරු මුතුලැල් ගීතයේ පද පෙළ Nisayuru Muthulal Song Lyrics - නිසයුරු මුතුලැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment