Mi Amba Wanaye Song Lyrics - මී අඹ වනයේ ගීතයේ පද පෙළ

Mi Amba Wanaye Song Lyrics - මී අඹ වනයේ ගීතයේ පද පෙළ
Song Title : Mi Amba Wanaye (මී අඹ වනයේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ආනන්ද සෙනෙවිරත්න
තනුව : ටෝනි වීරතුංග
1975 දී තිරගතවූ "පෙම් කුරුල්ලෝ" චිත්‍රපටියේ ගීයකි.


මී අඹ වනයේ ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කො‍හොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද
ඇස් දෙක නළවන්නේ

සිහිනෙන් සිහිනෙට ඔබ ‍එනවා ‍
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතනවා
මොහොතින් යළි නොපෙනී යනවා

‍බඳ ව‍ට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔ‍‍බ අත තබලා
ළගඳිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා

මී අඹ වනයේ ගී හඬ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට
කො‍හොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද
ඇස් දෙක නළවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mi Amba Wanaye Song Lyrics - මී අඹ වනයේ ගීතයේ පද පෙළ Mi Amba Wanaye Song Lyrics - මී අඹ වනයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment