Ko Adare Song Lyrics - කෝ ආදරේ ගීතයේ පද පෙළ

Ko Adare Song Lyrics - කෝ ආදරේ ගීතයේ පද පෙළ

Ko Adare Song Lyrics - කෝ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ko Adare (කෝ ආදරේ) |  by K Mac, DKM & Master D [2018]
Artists : K Mac ft DKM & Master D
Music : G.O.A. & Cokeboi Beats
Mixed & Mastered : Yaka
Chorus Lyrics : Sajith Akmeemana
Rap Lyrics : K Mac & Master D
Video Director : Hasinth Pathirana
Record Label : 44 Music


ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ගහන් ගියා සාගරේ
මිනිසා මිනිසාට ගරහන්නේ කෑදරේ
ජාති වාදේ පොසතාගේ පෞත්ගලික කොන්තරේ
බොරුව තමා විකිනෙන්නේ හෙළුව තමා මොස්තරේ

මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
අම්මා මහළුලු මඩමේ තාත්තා මරලා වැල්ලට
කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට

සුදු පරවී ඉගිලෙද්දී අහසේ
රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
රටේ තාරුණ්‍යය නාස්ති වෙන්නේ රහසේ
කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ

ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ

රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්
නිදන් හොරු හොයනවා බිලි දෙන්න දරුවෙකු තුන් කුලිදුල්
ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල් (ah)

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

කෝ ආදරේ ප්‍රශ්ණාර්ථ සලකුණ
කෝ කෝ මිනිස්සු බොරුවට රැවටුන
කෙනෙක් නිසා තවත් කෙනෙක් වෙලා අසරණ
මුණ නෙවෙයි හදවතයි වෙන්න ඕන ලස්සන

හිතන විදිහ දකින විදිහ
වෙනස් කරමු අපි ගැලපෙන්නේ නැති ඒ සෘතිය
රැල්ලට ගහමාර ගන්න සංහතිය
දවස් හතෙන් අමතක වෙන අපේ ගතිය

මට තේරුම් ගන්න බෑනේ ජාතිවාදේ
මනුස්ස ජාතිය දැන් නම් වැටිලා අගාදේ
දුෂණ අපරාද පිරුණු ලෝකේ
“සේයා” තාම අඩනවා ඇති දිව්‍ය ලෝකේ

අමානුෂික බලවේග පැතිරිලා
දෙවියන්ට නින්ද යද්දී යක්කු ඉන්නේ ඇහැරිලා
දැනෙනවා කුණු ගන්දස්සාරේ
බලන් ඉන්නේ ලේ බොන්න උන් ලැබෙනකන් වාරේ

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ
කෝ ආදරේ

එන්නෙත් නෑ මැස්සොත් නම් මිනිසා කැස්සා නම්
පිරිස්ස ගැස්සුනා කිනිස්ස බැස්ස නම්
ඉරිතලද්දී රටක් හිනැසුමන්
ගිනි ගොඩක් දැන් එළිකරන්නේ කන්

හෙන මනස රස කරන්නේ සරාගේ
රග කරන්නේ මුලාවේ දර පලන්නේ පරාලේ
පින් පිණිස රට කරන්නේ මරලේ
අණ කරන්නේ විදානේ ඇට දිරන්නේ වාරයේ

නං අයුරු නං පෙරටු වැරදු
කන් පැලුණු ඔලුවා රන් වලට රැවටු
හිත කොනක වල් අරටු පළවූ
බෝල් මිනිසා රජවූ ලංකවේ හැටිලු

අල්ලා ගෙන සන්තාපේ බැන්නා මගේ යාලු
සින්නාග්ගර දැම්මා ඉන්නා කන සාදු
දිරන්නෑ දවන්නෑ මනින්නෑ මගේ හාදු
බලන්නකෝ ආදරේ අහන්න ඇයි පාලු

පිස්සන්ට තේරෙන්නේ නැත්තේ ඇයිද බේරවාදනේ
ලිස්සන්න මැසි මදුරු පිරි රටකාරනේ
හිස් වෙන්න නෑ පරක්කු වෙන්නේ නෑනේ පාලනේ
පුප්පන්න යන්නේ මම මලක් කොහෙද ආදරෙන්

නින්දා ගින්දර බසිනා හින්දා පින් කර ඇසිනා
කින්ද රන්බෙර කටිනා සිල්වර අදිනා මල්වර ගතිනා
හින්දා මන්දිර බතිනා වින්දා ගින්දර පටිනා
ටින්කර යුද්දේක පටුනා රැල්ලට වැදුනා කෝ ආදරේ ඇසුනා

ලෝකේ කැරකෙවී
අපි එක තැන ඉදී
මිනිසාම මිනිසා රවටද්දී
කෝ කෝ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ko Adare Song Lyrics - කෝ ආදරේ ගීතයේ පද පෙළ Ko Adare Song Lyrics - කෝ ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment