Kala Mala Nowe Song Lyrics - කැලෑ මල නොවේ ගීතයේ පද පෙළ

Kala Mala Nowe Song Lyrics - කැලෑ මල නොවේ ගීතයේ පද පෙළ
Song Title : Kala Mala Nowe (කැලෑ මල නොවේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : සරත් විමලවීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


කැලෑ මල නොවේ
ඕලු මල නොවේ
නිතර ඇසට පෙනෙන කුමුදු මලක් හෙම නොවේ //

තරුණ වරුණ කදිම දුවෙකි කළය හින තියා
දියට ඇදෙන ගමන සවස මෙහෙය නිම වෙලා
දැදුරු ඔය ගලා
බසින තැනිතලා
අසල තුරු ද මැයගෙ නමට මලින් බරවෙලා //

නැගෙන සඳක පලුව පරිදි නළල ඇගෙ මනා
සිහිනි ඉඟට දිලෙන සළුව හැඩට පටලවා
අහසෙ රතු වලා
නැගෙයි මැය බලා
ඇදෙන පැදෙන දෙඅත තරඟ ලෙසින් සල සලා //

තනිව පැදෙන ඔරුව පරිදි ගමන හුදකලා
දකින තරුණ මහලු හැමෝ මැයට ඉඟි කළා
ඇයද එය බලා
නුදුටු ලෙස ගියා
එයිනි රිදුණ කෙනෙකු තැවේ සුසුම් හෙළ හෙළා //

කැලෑ මල නොවේ
ඕලු මල නොවේ
නිතර ඇසට පෙනෙන කුමුදු මලක් හෙම නොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kala Mala Nowe Song Lyrics - කැලෑ මල නොවේ ගීතයේ පද පෙළ Kala Mala Nowe Song Lyrics - කැලෑ මල නොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2022 Rating: 5

0 comments:

Post a Comment