Giye Ayida Mawa Athahara Pem Waluka Thale Song Lyrics - ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ ගීතයේ පද පෙළ

Giye Ayida Mawa Athahara Pem Waluka Thale Song Lyrics - ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ ගීතයේ පද පෙළ
Song Title : Giye Ayida Mawa Athahara Pem Waluka Thale (ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
පද : කතෘත්වය නොදනී
තනුව : ගුලාම් මොහොමඩ්


ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ
විඳවන්නෙ මා පමණි ඔබ නැතුවාද පෙම් කළේ

බිඳි මාලිගේක නටබුන් මැද රැඳී රෑ දිවා
ඔබ මෙන්ම කතර මැද අසරණ වුණා මා පවා

මේ සා අනන්ථ වේදනා ඔබගේ වෙයි කියා
හිතුවාද නෑ කීවේ ඔබයි ප්‍රේමේ සැපයි කියා

හෙට නිවාගන්න ඇවිලෙන ගිණි පුළිඟු ආදරේ
මට කියා දෙන්න ඔබ මට නැතිවා ද ආදරේ

සුරතල් හඬින් එදා ඔයා මට ආදරෙයි කියා
අත්වැල් බැඳන් සිනාසිසී මා හා ඔහේ ගියා

ඒ මාවතේ සොඳුරු සැමරුම් මතක මට තියේ
අමතක කළේ ඔබයි මා නොව අහිමි මගෙ ප්‍රියේ

ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ
විඳවන්නෙ මා පමණි ඔබ නැතුවාද පෙම් කළේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Giye Ayida Mawa Athahara Pem Waluka Thale Song Lyrics - ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ ගීතයේ පද පෙළ Giye Ayida Mawa Athahara Pem Waluka Thale Song Lyrics - ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 01, 2022 Rating: 5

0 comments:

Post a Comment