Bebi Bebi Song Lyrics - බේබි බේබි ගීතයේ පද පෙළ

Bebi Bebi Song Lyrics - බේබි බේබි ගීතයේ පද පෙළ
Song Title : Bebi Bebi (බේබි බේබි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


බේබි බේබි බේබි බේබි බේබි
එපා බේබි දඟ කරන්න
බේබි බේබි බේබි බේබි බේබි
ලස්සණ ආයට කීකරු වෙන්න

ඔබට කවලා පොවලා අන්දවාලා වඩා ගන්නෙ සිඹලා
ඔබ නැළවි නැළවි නිදිය ගන්නෙ ඇගෙ රස කවි අසලා
තුවාල වෙයි වැටිල බේබි ගල් ගොඩ උඩ දුවලා
බේබි දන්නවාද බේබි බලාගන්නෙ කවුද කියලා
බේබි දන්නෙ නෑ බේබි දන්නෙ නෑ
බේබි දන්නෙ නෑ
'හෙනම් දඟ කරන්නෙ නෑ

බේබි බේබි බේබි බේබි බේබි
එපා බේබි දඟ කරන්න
බේබි බේබි බේබි බේබි බේබි
ලස්සණ ආයට කීකරු වෙන්න

පිටිසර සිට කොළඹ බංගලාවකට ඇවිල්ලා
නාලා කොණ්ඩෙ කඩා දාලා රෙද්ද හැට්ටෙ ඇඳලා
හැන්දෑවට බේබි එක්ක පාක් එකේ දුවලා
බේබි දන්නවාද බේබි බලාගන්නෙ කවුද කියලා
බේබි දන්නෙ නෑ බේබි දන්නෙ නෑ
බේබි දන්නෙ නෑ
'හෙනම් දඟ කරන්නෙ නෑ

බේබි බේබි බේබි බේබි බේබි
එපා බේබි දඟ කරන්න
බේබි බේබි බේබි බේබි බේබි
ලස්සණ ආයට කීකරු වෙන්න

ළදරු පාසලට උදෑසනම බේබි ගෙනගොහිල්ලා
පාසල ඇරෙනකන් පාසලේ වත්තට වීලා
ළමයි එක්ක සණ්ඩු වුනොත් බැනලා සැර කරලා
බේබි දන්නවාද බේබි බලාගන්නෙ කවුද කියලා
බේබි දන්නෙ නෑ බේබි දන්නෙ නෑ
බේබි දන්නෙ නෑ
'හෙනම් දඟ කරන්නෙ නෑ

බේබි බේබි බේබි බේබි බේබි
එපා බේබි දඟ කරන්න
බේබි බේබි බේබි බේබි බේබි
ලස්සණ ආයට කීකරු වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bebi Bebi Song Lyrics - බේබි බේබි ගීතයේ පද පෙළ Bebi Bebi Song Lyrics - බේබි බේබි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment