Aba Ruk Sewanalle Song Lyrics - අඹ රුක් සෙවණැල්ලේ ගීතයේ පද පෙළ

Aba Ruk Sewanalle Song Lyrics - අඹ රුක් සෙවණැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Aba Ruk Sewanalle (අඹ රුක් සෙවණැල්ලේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ආනන්ද ජයසේන
තනුව : සී.ටී. ප්‍රනාන්දු


අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

උඩරට තාලෙට
ඔසරිය ඇඳලා
මුතු දෙපොටක් බැඳලා
කණ් අග රන් තෝඩු ද ලෙලවාලා
සරසවි කුමරි වගේ
සුරතල් සොඳුරී
මා අග රැජිණී
ඔබ මගෙ සුදු සුකුමාලී

අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

දුරුතු මහේ මඳ
සුළඟේ සැලෙනා
අර ලා දඹ අත්තේ
ගිරවිය හා ගිරවා එක තුරුළේ
ඔන්චිලි පදින ලෙසේ
ගෙල වට අත ලා
පෙම් ගී ගයලා
යමු පදිනට ඔන්චිල්ලා

අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

වතුසුදු අරලිය
මාලා පළඳා
ඔබ සරසමි මැණිකේ
නළලේ කොපුලේ දෙතොලේ මී බී
මම මත්වෙමි මැණිකේ
තුරු වදුලට වී
උකුළේ නැළවී
අපි ගයමු අමර පෙම් ගී

අඹ රුක් සෙවණැල්ලේ
මේ රන් ඔන්චිල්ලේ
පෙම් ගී ගයමින්
පදිනට එන්නේ
මා සුර සියුමැලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aba Ruk Sewanalle Song Lyrics - අඹ රුක් සෙවණැල්ලේ ගීතයේ පද පෙළ Aba Ruk Sewanalle Song Lyrics - අඹ රුක් සෙවණැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment