Sudu Sandee Enna Ane Song Lyrics - සුදු සඳේ එන්න අනේ ගීතයේ පද පෙළ

Sudu Sandee Enna Ane Song Lyrics - සුදු සඳේ එන්න අනේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Sandee Enna Ane (සුදු සඳේ එන්න අනේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : චිත්‍රානන්ද අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටයේ එන ගීයකි.එච්.ආර් ජෝතිපාල රිදී තීරයේ චරිතයකට මුල් වරට රඟපාන්නේ මෙම චිත්‍රපටයටයි.විජේරත්න වරකාගොඩ කලා කරුවා  අහම්බෙන් මෙම සිනමා සිත්තමේ චරිතයකට එක්වන්නේ ද දර්ශන රූ ගත කිරීම් නැරඹීමට ආ අවස්ථාවකයි. එය ඔහුගේ ද මුල් රිදී තිරයේ රඟපෑමයි.


සුදු සඳේ එන්න අනේ
රස කතා කියල අගේ
මම අරන් යන්න කොහේ ගියත්
එන්නද මං අනේ //
සුදු සඳේ එන්න අනේ

ආඅ ආඅ ආඅ ආඅ අඅආ අඅ ආඅඅආ.......

අර රිදී පාට ගාලා
ඇති කාසියක්ම වාගේ
නිල් අහස පුරා පාවී යනවා //

කන්න ගෙනල්ලා
දෙන්න ඇවිල්ලා //
පියකරු රුවන් තරු එක්ක යන්න නටාලා

සුදු සඳේ එන්න අනේ
රස කතා කියල අගේ
මම අරන් යන්න කොහේ ගියත්
එන්නද මං අනේ
සුදු සඳේ එන්න අනේ

ආඅ ආඅ ආඅ ආඅ අඅආ අඅ ආඅඅආ.......

ඇයි සඳේ මූණ හංගා
දුප්පත් නිසාද නංගා
මං කතාකරපු හින්දා සැංගී //

කිරි පැණිත් ගෙනල්ලා
මමත් ඇවිල්ලා //
ගී ගයා කියා කකා ඉන්න බැරිද නටාලා

සුදු සඳේ එන්න අනේ
රස කතා කියල අගේ
මම අරන් යන්න කොහේ ගියත්
එන්නද මං අනේ
සුදු සඳේ එන්න අනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sandee Enna Ane Song Lyrics - සුදු සඳේ එන්න අනේ ගීතයේ පද පෙළ Sudu Sandee Enna Ane Song Lyrics - සුදු සඳේ එන්න අනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment