Sataneki Jiwithehi Dan Song Lyrics - සටනෙකී ජීවිතේහී දැන් ගීතයේ පද පෙළ

Sataneki Jiwithehi Dan Song Lyrics - සටනෙකී ජීවිතේහී දැන් ගීතයේ පද පෙළ
Song Title : සටනෙකී ජීවිතේහී දැන් (Sataneki Jiwithehi Dan)
ගායනය : ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Dil-E-Nadan" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගායනා කළ "Zindagi dene vale sun" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සටනෙකී ජීවිතේහී දැන්
දුක සැප අතරේ ලෝකයා
ඉන් දිනන්නේ ලොවේ වීරයා //
සටනෙකී ජීවිතේහී දැන්

නෑ රක්ෂා කිසී
ඉන්න තැන් නෑ නිසී
දුප්පතුන්ටා ලොවේ කිසිම පිහිටා නැතී
මේ ද ලෝකේ සැපේ
වේදනාවෙන් නැසේ
පසු නොබා ජීවිතේ
පෙරට යාවී ලොවේ වීරයා

සටනෙකී ජීවිතේහී දැන්
දුක සැප අතරේ ලෝකයා
ඉන් දිනන්නේ ලොවේ වීරයා
සටනෙකී ජීවිතේහී දැන්

ලෝකේ සෝකෙන් ම වැනසේ අපේ ජීවිතේ
පෝසතා ඒ සැපෙන් දුප්පතා හාමතේ

ඉන් නොවේ මහ සරූ
සාමයේහී පිරූ
වීරියෙන් ඵල දැරූ
දිණුවේ මේ ලොවේ ශ්‍රේෂ්ඨයා

සටනෙකී ජීවිතේහී දැන්
දුක සැප අතරේ ලෝකයා
ඉන් දිනන්නේ ලොවේ වීරයා
සටනෙකී ජීවිතේහී දැන්

හින්දි ගීතය

Zindagi dene vale sun
Teri duniya se dil bhar gaya
Mai yaha jite ji mar gaya

Raat katati nahi din guzarata nahi
Zakhm aisa diya hai ke bharta nahi
Aankh viraan hai, dil pareshaan hai,
Gam kaa saamaan hai
Jaise jaadu koi kar gaya
Zindagi dene vale sun

Bekhata tune mujh se khushi chhin li
Zinda rakha magar zindagi chhin li
Kar diya dil ka khun, chup kaha tak rahun,
Saaf kyu na kahu
Tu khushi se meri dar gaya
Zindagi dene vale sun.

ज़िन्दगी देने वाले सुन
तेरी दुनिया से दिल भर गया
मई यहाँ जीते जी मर गया

रात कटती नहीं दिन गुज़रता नहीं
ज़ख्म ऐसा दिया है के भरता नहीं
आँख वीरान है
गम का सामान है
जैसे जादू कोई कर गया
ज़िन्दगी देने वाले सुन

बेख़ता तूने मुझ से ख़ुशी छीन ली
ज़िंदा रखा मगर ज़िन्दगी छीन ली
कर दिया दिल का खून
साफ़ क्यों न काहू
तू ख़ुशी से मेरी डर गया
ज़िन्दगी देने वाले सुन.

Song : Zindagi dene vale sun
Singer : Talat Mahmood
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Dil-E-Nadan (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sataneki Jiwithehi Dan Song Lyrics - සටනෙකී ජීවිතේහී දැන් ගීතයේ පද පෙළ Sataneki Jiwithehi Dan Song Lyrics - සටනෙකී ජීවිතේහී දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, September 09, 2022 Rating: 5

0 comments:

Post a Comment