Sanda Komali Thara Piriwarala Song Lyrics - සඳ කොමලී තරු පිරිවරලා ගීතයේ පද පෙළ

Sanda Komali Thara Piriwarala Song Lyrics - සඳ කොමලී තරු පිරිවරලා ගීතයේ පද පෙළ
Song Title : Sanda Komali Thara Piriwarala (සඳ කොමලී තරු පිරිවරලා)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ මාතලන් චිත්‍රපටියෙනි.


සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී //

සුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මී වැදීලා //

සිත පිරියා කරවන්නේ
මේ සිරියා හඳපානේ //
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති ශෝභමාන රාත්‍රී

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී

ගුම් ගුම් නද දී වී රාශී
රොනටා එතී සුමිහීරී //

බඹරුන්ගේ ගී නාදේ
දෙසවන් මා පිනවන්නේ //
මේ සුන්දර වූ හඳපානේ
අති ශෝභමාන රාත්‍රී

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී //

හා හා මගෙ ගත වත රුසිරී
සොරකම් කරාලා සැරසී //

කැඩපතෙහී තුළ සැඟවී
ඉඟි කරනා සුකුමාරී //
තී කවුරුද මා ලෙස සම වී
අති ශෝභමාන රාත්‍රී

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Komali Thara Piriwarala Song Lyrics - සඳ කොමලී තරු පිරිවරලා ගීතයේ පද පෙළ Sanda Komali Thara Piriwarala Song Lyrics - සඳ කොමලී තරු පිරිවරලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment