Dine Dine Sawshrini Song Lyrics - දිනේ දිනේ සව්ශ්‍රීනි ගීතයේ පද පෙළ

Dine Dine Sawshrini Song Lyrics - දිනේ දිනේ සව්ශ්‍රීනි ගීතයේ පද පෙළ
Song Title : Dine Dine Sawshrini (දිනේ දිනේ සව්ශ්‍රීනි)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය : ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී තිරගතවූ "පරිනීතා" හින්දි චිත්‍රපටියට, ආශා බෝ(න්)ස්ලේ සහ පිරිස ගායනා කළ "Gore Gore Hathon Mein Mehndi" නම් ගීයෙනි.


(පිරිසෙහි සිනා හඬ)
දිනේ දිනේ සව්ශ්‍රීනි සෑදීලා ශාන්තී
කිත් රාශි පතුරා ලෝකෙහී
උදාවු හිරු සේ ආලෝකෙ විහිදේ
සමිඳාගෙ මුහුණෙහි සිරියා දිලේ
සමිඳාගෙ මූණේ සිරියා දිලේ

දිනේ දිනේ සව්ශ්‍රීනි සෑදීලා ශාන්තී
කිත් රාශි පතුරා ලෝකෙහී
උදාවු හිරු සේ ආලෝකෙ විහිදේ
සමිඳාගෙ මුහුණෙහි සිරියා දිලේ
සමිඳාගෙ මූණේ සිරියා දිලේ

නාරි සුර රඟපාමු තුටිනා
මිහිරි මධු ගී ගයමූ සැවොමා
බඳ ලෙලවාලා නෙත ඉඟිමරලා
තාලේට පා තබා නටවු සැමා

උදාවු හිරු සේ ආලෝකෙ විහිදේ
සමිඳාගෙ මුහුණෙහි සිරියා දිලේ
සමිඳාගෙ මූණේ සිරියා දිලේ

හෝ... ඕ.... ඕඕ......
ගම්භීර භාවේ තුම් මල්සර දෙව් සේ පෙනේ
මල්සර දෙව් සේ පෙනේ //

රැන්දී ගතේහී මේ සුන්දර වේ රූ සිරී
සුන්දර වේ රූ සිරී
මේ සුන්දර වේ රූ සිරී

සුර ලෝ සුරංගී
සුර ලෝ සුරංගී රංගා දේ භූ ලොවේ
සුර ඉන්ද්‍රාදෝ මේ සුරඟුන් සිසාරා
මනහාර ලීලා ක්‍රීඩා කෙරේ

උදාවු හිරු සේ ආලෝකෙ විහිදේ
සමිඳාගෙ මුහුණෙහි සිරියා දිලේ
සමිඳාගෙ මූණේ සිරියා දිලේ

හෝ....
නාදේනී කිංකිණි මේ ප්‍රීති සිතේ බෝ වුණා
ප්‍රීති සිතේ බෝ වුණි
ප්‍රීති සිතේ බෝ වුණා

හෝ....
රාගේනී ගීත රසේ වෙළී හදේ මත්වුණා
වෙළී හදේ මත්වුණි
මේ වෙළී හදේ මත්වුණා
රූ පාතී රංගනී නාරිලතා පුෂ්ප සේ
රූ පාතී රංගනී නාරිලතා පුෂ්ප සේ

ප්‍රේමාති රංග දේ නයනාභිරම්‍ය වේ
තෑගී ලැබේවී සන්තෝෂ වේ

උදාවු හිරු සේ ආලෝකෙ විහිදේ
සමිඳාගෙ මුහුණෙහි සිරියා දිලේ
සමිඳාගෙ මූණේ සිරියා දිලේ

දිනේ දිනේ සව්ශ්‍රීනි සෑදීලා ශාන්තී
කිත් රාශි පතුරා ලෝකෙහී
උදාවු හිරු සේ ආලෝකෙ විහිදේ
සමිඳාගෙ මුහුණෙහි සිරියා දිලේ
සමිඳාගෙ මූණේ සිරියා දිලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dine Dine Sawshrini Song Lyrics - දිනේ දිනේ සව්ශ්‍රීනි ගීතයේ පද පෙළ Dine Dine Sawshrini Song Lyrics - දිනේ දිනේ සව්ශ්‍රීනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment