Sabandini Song Lyrics - සබඳිනී ගීතයේ පද පෙළ

Sabandini Song Lyrics - සබඳිනී ගීතයේ පද පෙළ
Song Title : Sabandini (සබඳිනී)
Artistes : Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja
Melody and Music : Gimhana Komangoda
Lyrics : Abhisheka Wimalaweera
Video Director : Chamil Pathirana Thaala Roopa


සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බල බලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා

ඔබගේ ආලෙන් 
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා

සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හීනේ පාට ඇහිරිලා

අටවෙනි ස්වරය ඔබද
ඔබ ළඟ ළගම නේද
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ ඔබගෙ නේද
නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ මගෙම නේද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sabandini Song Lyrics - සබඳිනී ගීතයේ පද පෙළ Sabandini Song Lyrics - සබඳිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment