Ran Pokunen Diya Song Lyrics - රන් පොකුණෙන් දිය ගීතයේ පද පෙළ

Ran Pokunen Diya Song Lyrics - රන් පොකුණෙන් දිය ගීතයේ පද පෙළ
Song Title : Ran Pokunen Diya (රන් පොකුණෙන් දිය)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ ප්‍රියංකර පෙරේරා


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
ඕ… මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ
නුරා රැඟුම් පෑවේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Pokunen Diya Song Lyrics - රන් පොකුණෙන් දිය ගීතයේ පද පෙළ Ran Pokunen Diya Song Lyrics - රන් පොකුණෙන් දිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment