Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙළි ගීතයේ පද පෙළ

Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙළි ගීතයේ පද පෙළ
Song Title : Pokuru Pokuru Mal Sanakeli (පොකුරු පොකුරු මල් සැණකෙළි)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1976 දී තිරගත වූ වාසනා චිත්‍රපටියේ ගීයති.


ගුමු ගුමු ගුමු නගනා
මල් බමරෝ
මල් පැණි වාරේ ආවාදෝ

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා
මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසැවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

මට මතකයි මට මතකයි පුංචි කාල මං
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වුණා
රිදී කාසි හැළෙන හඬින් හිත හිනාවුණා

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ..
කවුරුන්හෝ මට කියන්න කණට කොඳුරලා
ආදරයද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙළි ගීතයේ පද පෙළ Pokuru Pokuru Mal Sanakeli Song Lyrics - පොකුරු පොකුරු මල් සැණකෙළි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment