Song Title : Oba Nasu Kathawak Kiyannam Lande (ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ)
ගායනය : රෝයි පීරිස්
තනුව : රෝයි පීරිස්
පද : රෝයි පීරිස්
ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //
මගේ සිත ගත් ළඳේ
පුන් පෝදා හඳෙන්
රුව අරගත් ඔබ
මට කියන්න කවුරුදෝ ඔයා //
කළුවර අහසේ
ලස්සන සඳ සේ
යාවෙමු රහසේ
නිරතුරු පැතු සේ
ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා
දිගු දෙනුවන් සරා
මුව හසරැල් පුරා
මට ආදරෙයිද
ඔබ කියන්න කාටවත් හොරා //
ආයෙත් හමු වී
දළු මල මම වී
රේණුව ඔබ වී
ඉමු අපි සැඟවී
ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
අසා ඉන්න දෙසවන් යොමා
රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
බලා ඉන්න දෙනුවන් අයා //
0 comments:
Post a Comment