Maligawe Ma Rajini Song Lyrics - මාලිගාවේ මා රැජිණී ගීතයේ පද පෙළ

Maligawe Ma Rajini Song Lyrics - මාලිගාවේ මා රැජිණී ගීතයේ පද පෙළ
Song Title : Maligawe Ma Rajini (මාලිගාවේ මා රැජිණී)
ගායනය : සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්. කේ. රොක්සාමි
1962 දී තිරගතවූ "ත්‍යායයි කතා තනයන්" නම් ද්‍රවිඪ සිනමා කෘතියේ එන "කාට්ටුරාණී කොට්ටයිලේ" ගීයේ තනුවට, " ධිවරයෝ "  චිත්‍රපටිය වෙනුවෙන් නිර්මානය වූ ගීයකි. 


මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //

හා අආ ආ... හා ආ හා ආ ආ...

ඈත මෑත සීතල සුළඟයි
අහසෙ නිල් වලා පාවෙයි
චන්ද්‍ර රාණි කාන්ති බැබලෙයි
රන්තරු රඟයි //

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //

හා අආ ආ... හා ආ හා ආ ආ...

ඝෝර චණ්ඩ මිනිසුන් ඇසුරේ
වේය අවහිරේ
මා තනිවම මේ කරදියරේ
මවමි සුර පුරේ

රන් විමානෙ මේ ඔරුවේ
සොම්නසේ සුවේ //
සෑම කල්හි විඳිමී සුවසේ
සෝක දුක් නොවේ

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //

හා අආ ආ... හා ආ හා ආ ආ...

සාමදානෙ සම්පත විඳිමී
මල් පිපෙයි හිසේ
ලෝකයෙ පීඩාවන් දුරුවේ
තේරුණා රසේ

මූදු වැල්ලෙ රැල්ල පෙරළී
ගී ගයා ආ වෙලේ //

මාගෙ සීන මෝරා මෝරා ඒවි සීතලේ

මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //

හා අආ ආ... හා ආ හා ආ ආ...  ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maligawe Ma Rajini Song Lyrics - මාලිගාවේ මා රැජිණී ගීතයේ පද පෙළ Maligawe Ma Rajini Song Lyrics - මාලිගාවේ මා රැජිණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 25, 2022 Rating: 5

0 comments:

Post a Comment